Nov 27, 2014


25 Nov 2014 -

විමල් ඇමතිකම බේරාගැනීමේ සටනක.. ඇමතිකම නැතිනම් පක්ෂයකුත් නැහැ

ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් සහ හිතවතුන් නිවාස අමාත්‍යංශයේ ආයතනවල දරණ තනතුරු කිහිපයක් පහතින් දැක්වේ.
සරත් වීරවංශ - ඇමති පුද්ගලික ලේකම් (විමල් වීරවංශ ඇමතිවරයාගේ සහෝදරයෙක්)
ජයන්ත සමරවීර - සභාපති, නිවාස අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
දීපාල් ගුණසේකර - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
මොහොමඩ් මුසම්මිල් - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
වෛද්‍ය වසන්ත බණ්ඩාර - අමාත්‍යංශ උපදේශක (මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය)
පද්ම උදය ශාන්ත - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, නිවාස සංවර්ධන අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ ඌව පළාත් සභා සන්ධාන මන්ත්‍රී)
සුජිත් මුතුකුමාරණ - අලෙවි සංවර්ධන නිලධාරී, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති)
ඒ. එච්. ඉංදික, සුසිල් සමන්ත, කේ.වී.අයි. ප්‍රියංගනී ඇතුළු හැටකට ආසන්න පිරිසක් ඉංජිනේරු සංස්ථාවේ අලෙවි සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන කිසිදු රාජකාරියක් නොමැතිව නිවාස අමාත්‍යංශයෙන් වැටුප් ලබයි.

No comments:

Post a Comment