Dec 26, 2014

26 Dec 2014
අශ්වයා පැන ගිය පසු පොලිසිය ඉස්තාලය වහයි
මුතුහෙට්ටිගම අල්ලන වරෙන්තුව කටුනායකට බාර දෙයි
නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අත් අඩංගුවට ගෙන බද්දේගම උසාවියට ඉදිරිපත් කරන්නැයි කියන නියෝගයක් මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයෙන් කටුනායක ගුවන්තොටුපළ බලධරයනට මින් පැය බාගයකට පෙර බාර දුන්නේය.
ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිට නිකුත් කෙරුණු වරෙන්තුවේ පිටපතක්ද පොලිසිය ගුවන්තොටට බාර දුන්නේය.
පොලිසිය ක්‍රියාත්මකවූයේ මුතුහෙට්ටිගම සිංගප්පූරුවටද ගොස් පැය අට හමාරකට පසුවය.
http://www.lankadeepa.lk/index.php/articles/285739
මුතුහෙට්ටිගම සිංගප්පූරුවේ සිට කථා කරයි
පොලිසියට කුලප්පුවක් හැදුණා : මගේ ආරක්ෂාවට රටින් පිටවුණා (දුරකථන සංවාදයේ හඬ පටය සහිතයි)
පොලිසියට කුලප්පුවක් හැදී තමා අත් අඩංගුවට ගැනීමට සෙවූ බවත් තමාගේ ආරක්ෂාව පතා සිංගප්පූරුවට පැමිණි බවත් නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා සිංගප්පූරුවේ සිට ගාල්ලේ සගයකුට අද(26) උදේ 6 ට දුරකථනයෙන් කථා කළේය.
‘‘මේ දැන් මා සිංගප්පූරුවට ආවා විතරයි. කරදරයක් වුණාම කවුරුවත් නෑ. මගේ ආරක්ෂාව සලසා ගන්න මං අද අලුයම මිතුරන් දෙදෙනකු සමග රටින් පිටවුණා. ගුවන් තොටුපළේදී කිසිදු ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ මිනිස්සු මට හොඳට සැලකුවා.‘‘
ශ්‍රී ලංකාවට යළි එන්නේ කවදාදැයි මිත්‍රයා ඇසූවිට නියෝජ්‍ය ඇමැති පැවසූයේ දින දෙකකින් පැමිණෙන බවයි.

No comments:

Post a Comment