Dec 18, 2014

18 Dec 2014


මහින්ද රාජ්‍ය දේපොළ පාවිච්චි කිරීමෙන් ලෝක වාර්තාවක් තබයි
''මේ ජනාධිපතිවරණය රාජ්‍ය බලය පාවිච්චි කිරීමරාජ්‍ය දේපළ යොදා ගැනීම අතින් ලෝක වාර්තාවක් තියන්නයි යන්නේ. ඒ තරමටම රාජ්‍ය බලය සහ දේපළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් තිබෙනවා.'' යැයි අද (18) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධන කාර්යාලයේදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රවෘති සාකච්ඡාවේදී මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා.
''ජනාධිපතිවරණයට දින නියම කරන්න කලින් සිටම මහින්ද රාජපක්‍ෂ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ආරම්භ කළා. මහා මාර්ගවල විදුලි කණුවල කටවුට් එල්ලුවා. පාර වැහෙන තරමටම කටවුට් ගහන්න පටන් ගත්තා. ඒ සඳහා සමාජ විරෝධය එල්ල වීමත් නීතිඥ සංගමය නීතිමය පියවර ගැනීමට සූදානම් වීමත් නිසා මෙම කටවුට් ඉවත් කිරීමට ආණ්ඩුවට සිදුවුණා. නමුත් තවමත් නීති විරෝධී කටවුට් මුළුමනින්ම ඉවත් කරලා නැහැ. මේ වනවිටත් බොහෝ රාජ්‍ය ආයතන ඇතුළේ කටවුට් සවිකරමින් තිබෙනවා. පහුගිය කාලයේ අනුලා විද්‍යාලය තුළ ගුරුවරුන්ගේ විරෝධය නොසලකා කටවුට් සවිකළා. අධිවේගී මාර්ග අවසන් වන ස්ථානවල මාතරකොට්ටාව වැනි ප‍්‍රදේශවල විශාල වශයෙන් කටවුට් ප‍්‍රදර්ශනය කරමින් තිබෙනවා. මෙහි බරපතළකම කොච්චරද කිව්වොත් ආරම්භයේදී කටවුට් සවි කිරීමට පොලිස් නිලධාරීන් පවා යොදාගත්තා. අඟුණකොලපැලැස්ස ප‍්‍රදේශයේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ වගකීම සහිතව කටවුට් සවිකරලා තිබුණා. මැතිවරණ නීතිය ආරක්‍ෂා කිරීමට ඉන්න පොලීසිය පවා තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්න මහින්ද රාජපක්‍ෂ කටයුතු කළා...........
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13162:2014-12-18-11-17-05&catid=36:2011-10-17-04-27-38&Itemid=72

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැතිවරණ යාන්ත‍්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසාම වැඩි වැඩියෙන් රාජ්‍ය ආයතන මැතිවරණයට යොදාගනිමින් තිබෙනවා. මෛතී‍්‍රපාල සිරිසේන මහලේකම්වරයා හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා රාධාක්‍රිෂ්නන්දිගම්බරන් වැනි නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත වීමත් රාවුෆ් හකීම්ගේ පක්‍ෂය නිහඬව සිටීම නිසාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේශ්‍රිලනිප මැතිවරණ කටයුතු මුළුමනින්ම බිඳවැටිලා. පාක්‍ෂිකයින් පවා මැතිවරණ වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මහින්ද රාජපක්‍ෂට රාජ්‍ය ආයතනරජයේ සේවකයින් යොදාගන්න සිදුවෙලා. මාර්ග සංවර්ධන අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් යටතේ තිබීම නිසාම එම ආයතනවල රාජ්‍ය දේපළ සහ සේවකයින් පෝස්ටර්අලවන්නකැන්වසින් යන්න යොදාගන්නවා.
පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරිය චක්‍රලේඛයක් ගහලා තිබුණා දෙසැම්බර් 20 සිට සති අන්තවලදී ආණ්ඩුවේ මැතිවරණ වැඩ සඳහා සේවකයින් අනිවාර්යයෙන් සම්බන්ධ විය යුතුයි කියලා. ඒ වගේම දෙසැම්බර් 03 වැනිදා පවත්වන ජනාධිපතිවරයාගේ රැස්වීමටද ඔවුන්ගේ පැමිණීම අනිවාර්ය කරලා. ටෙලිකොම් ආයතනයේ සේවකයෝ නිළ ඇඳුමින් ගිහින් මහින්ද රාජපක්‍ෂගේ පති‍්‍රකා බෙදමින් නීති විරෝධීව කටයුතු කරනවා.
ඒ වගේම ශ්‍රීලංගම බස් රථසේවකයින් මැතිවරණ වැඩට යොදා ගන්නවා. ශ්‍රිලංගමයේ ශ්‍රිලනිප වෘත්ත සමිතියේ සභාපති නිමල් අබේසිරි ඇමතිවරයාගේ බලතළ අනුව කටයුතු කරනවා. ඔහු ශ්‍රිලංගම ප‍්‍රාදේශී කළමනාකරුවන් ඇතුළු මුළු සේවක යාන්ත‍්‍රණයටම ලිපි මගින් නියෝග ලබාදෙමින් ඉන්නවා. සියලුම ලංගම සේවකයින්ට තැපැල් ඡන්ද අයදුම් කිරීම අනිවාර්ය කිරීමනිවාඩු අවලංගු කිරීම වැනි කටයුතුවලට ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් ලබාදෙන්නේ ශ්‍රිලනිප සමිති සභාපතිවරයා. ඒ විතරක් නෙවෙයි ඩිපෝ කළමනාකරුවන් සෘජුවම ශ්‍රිලංගම සේවකයින් සමග මැතිවරණ කටයුතුවල නිරත වීම අනිවාර්ය කොට තිබෙනවා. මහින්ද රාජපක්‍ෂප‍්‍රවාහන අමාත්‍යවරයානිමල් අබේසිරි යන අයගේ ඡායාරූප සහිත බැනර් සහ කටවුට් ඩිපෝවල බස් නැවතුම්පලවල්වල සහ ප‍්‍රසිද්ධ ස්ථානවල ප‍්‍රදර්ශනය කරන සෙ ශී‍්‍රලනිප සභාපති ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් දෙනවා. මෙය කවර තත්වයක්දඒ නිසා මෙවැනි කි‍්‍රයා සම්බන්ධයෙන් ඉදිරියේදී අපි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කරනවා.
මැතිවරණ කොමසාරිස්වරයාටපොලීසියට පැමිණිළි කිරීමෙන් ඵලක් නැති බවත් අපි දන්නවා. ඔවුන්ට නීතිය ඉටු කිරීමට හැකියාවක් නැහැ. ජනාධිපතිවරයා සියලු බලතළ පාවිච්චි කරමින් ඉතාම ලැජ්ජා සහගත ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරනවා. මේ විදියට මැතිවරණ නීති උල්ලංඝණය කරලා රාජ්‍ය දේපළ යොදාගෙන ඡන්ද දිනලා වැඩක් තියෙනවාදතමන්ට පෝස්ටරය ගහගන්න මිනිස්සු නැත්නම් මහින්ද රාජපක්‍ෂට තිබුණේ ඡන්දයට ඉදිරිපත් නොවී ඉන්නයි. ඒ විතරයක් නෙවෙයි. දැන් මේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා රැස්වීම් කරන්නේ කොහොමදඅනුරාධපුරයේ පවත්වපු රැස්වීමට සියලු සිවිල් ආරක්‍ෂක නිලධාරීන් කැඳවලා තිබුණා. ඔවුන් රැස්වීමට ගියේ තමන්ගේ රැකියාව බේරගන්නයි. ඒ විතරක් නෙවෙයි ආරක්‍ෂක හමුදාවත් රැස්වීමට ගෙනාවා. ජනාධිපතිවරයා යන රැස්වීම්වල වේදිකා නිර්මාණය කරන්නේ රාජ්‍ය ආයතනවල සේවකයින්. සිරකරුවන් පවා වේදිකා නිර්මාණය කරන්න යොදාගන්නවා. මේ තරම් තැනකට මහින්ද රාජපක්‍ෂ වැටුණාම මොකක්ද ඉතිරි වෙන්නේඒ නිසා මේ නීති විරෝධී කි‍්‍රයාමාර්ගවලට එරෙහිව ගත හැකි සියලුම කි‍්‍රයාමාර්ග ගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. මේ සියල්ල හෙළිදරව් කිරීමේ වගකීමක් වැදගත් කාර්යභාරයක් අපේ රටේ මාධ්‍ය අයාතනවලට සහ මාධ්‍යවේදීන්ට තිබෙන බවත් මතක් කරන්න නෑ.
රාජ්‍ය අයතනවල නිලධාරීන් ආණ්ඩුවේ මේ බලපෑම නිසා විශාල පීඩනයකට ලක්වෙලා. ඔවුන් ආණ්ඩුව ගැන බරපතළ කළකිරීමක ඉන්නේ. රාජ්‍ය මාධ්‍ය බලන්න හිරිකිත වෙන ආකාරයට ඉතා අසික්‍ෂිත ලෙස මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණ කටයුතුවලට යොදා ගන්නවා. මහින්දට ප‍්‍රචාරය ලබාදෙනවා පමණක් නොව විපක්‍ෂයට බරපතළ ආකාරයෙන් මඩ ප‍්‍රචාර දියත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් නොවී තිබියදීත් විශාල ලෙස මඩ ගහනවා. දිනමිණ පුවත්පතට අනුව මේ මැතිවරණයේ එක අපේක්‍ෂකයයි ඉන්නේ. ඒ මහින්ද රාජපක්‍ෂ පමණයි. අඩුම තරමේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අපේක්‍ෂකයන්ගේ නම සඳහන් කිරීමටවත් සදාචාරයක් මෙම පුවත්පතට තිබුණේ නැහැ. ඒ වගේම පෞද්ගලික මාධ්‍ය ආයතනවලට විවිධ බලපෑම් කරමින් ඉන්නවා. විටෙක ටීවී සංවාදවලින් ඇමතිවරු නැගිටලා ගියා. එම සංවාදවලට එන්නේ නැහැ කියමින් තර්ජනය කළා. ඒ නිසාම ඇතැම් නාලිකාවලට ආණ්ඩුවට අවනත වෙන්න සිදුවුණා. එපමණක් නොවෙයිජනතා විමුක්ති පෙරමුණට රූපවාහිනී සංවාදවලට ආරාධනා නොකරන ලෙසටද ආණ්ඩුව උපදෙස් ලබාදී තිබෙනවා. ජවිපෙ විශාල ජන කණ්ඩායමක් නියෝජනය කරන පක්‍ෂයක්. එය
ජනතාවටත් අපි ඡන්දය ඉල්ලුවා හෝ නැතිවා හෝ අපේ මතය දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ආණ්ඩුවට සහ ආණ්ඩුවේ නියෝජිතයින්ට ජවිපෙට මුහුණ දෙන්න අමාරුයි. ඒ නිසා ජවිපෙ නියෝජනයක් නැතිව රූපවාහිනී සංවාදවල පාළු ගෙයි වළං බිඳින්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. රූපවාහිනී සංවාදවලට නොගියාට ජවිපෙ අපිට විකල්ප යාන්ත‍්‍රණ ගොඩක ් තිබෙනවා. ජනහමුකැන්වසිංඅත් පති‍්‍රකාඇතුලු වෙනත් විකල්ප ක‍්‍රම මගින් අපේ මතය ජනතාව අතරට ගෙනියනවා. නමුත් එක දෙයක්  කියන්නේ නෑ. මේ මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුරණට රූපවාහනී සංවාදවලට ආරාධනා කරන්නේ නැත්නම් ඉන් පසුවත් අපි මෙම සංවාදවලට සහභාගි වෙනවාද නැද්ද යන්න සළකා බලනවා. මොකදදේශපාලන පක්‍ෂයක් විදියට එය තීරණය කිරීමේ අයිතිය අප සතුව තිබෙනවා. ආණ්ඩුව ඇතුළේ ඉන්න ලොකුම දූෂිතයින් තමයි මේ ආකාරයෙන් මාධ්‍යවලට බලපෑම් කරමින් ජවිපෙ මතය නිහඬ කරන්න උත්සාහ දරමින් ඉන්නේ. මොකද එම දූෂිතයන්ගේ ෆයිල් බර වැඩියි. එනිසා ඔවුන්ට ප‍්‍රතිවාදීන්ට මුහුණ දීමේ අපහසුවක් තිබෙනවා. මොවුන් අතර ඉන්න එක් කෙනෙක් තමයි මහින්දානන්ද. ඔහුට එරෙහිව ආණ්ඩුවේම පිරිසක් වංචා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා. එනිසා එම චෝදනාවලින් ගැලවෙන්න මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් හොඳටම පෙනී ඉන්නත් ප‍්‍රතිවාදීන්ගෙන් එල්ල වෙන චෝදනාවලින් බේරෙන්නත් දැඩි උත්සාහයක් ගන්නවා. රෝහිත අබේගුණවර්ධන කියන්නෙත් ඒ වර්ගයේ කෙනෙක්. ඔහුට එරෙහිවත් දූෂණ චෝදනා තිබෙනවා. වංචා දූෂණ කොමිසමට කැඳවනකොට සර්පයන් දෂ්ඨ කරන්නේ ඒ නිසයි.
මේ ආණ්ඩුව කියන්නේ මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහපුමාධ්‍ය ආයතන ගිනි තියපුමාධ්‍යවේදීන් මරපු ආණ්ඩුවක්. ඒ නිසා මාධ්‍යවේදීන්ට බයකුත් තිබෙනවා. නමුත් ඒ අතර කෙසේ හෝ සාධාරණත්වය ආරක්‍ෂා කරගත යුතුයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනමාධ්‍යවේදීන් අවධානය යොමුකරන්නේ නෑ. මොකද මේ ආණ්ඩුව දිගටම බලයේ ඉන්න ආණ්ඩුවක් නොවෙයි. ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂගේ නියත පරාජය ලියවිලා තිබෙන්නේ. ඒ නිසාම මේ වනවිට ප‍්‍රචණ්ඩත්වය වපුරමින් ඉන්නවා. ගාල්ල වඳුරඹ පොදු විපක්‍ෂයෙන් පැවැත්වීමට ගිය රැස්වීමක වේදිකාව ගිණි තිබ්බා. ඒවගේම විපක්‍ෂයට රැස්වීම් කරන්න ස්ථාන ලබාදෙන්නේ නැහැ. ආණ්ඩුව ස්ථාන වෙන්කර දෙන්නේ තමන්ගේ හිතවතුන්ට පමණයි. මේ ආණ්ඩුවට මේ වනවිටත් පරාජය දැනිලා තිබෙන්නේ. ඒ නිසා නීති විරෝධීව බඩු බෙදමින් රස්සා ලබාදෙමින් ඉන්නවා. එය අධිකරණ පද්ධතියටත් ඇවිත් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂකයෙක්ව සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරනයට විනිසුරුවන් පත්කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව හදන්නේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ මේ මැතිවරණය දිනාගන්නයි. ආණ්ඩුව අමු හෙළුවෙන් තමයි මැතිවරණ ප‍්‍රචාකර කටයුතුවල යෙදිලා ඉන්නේ. දැන් අලුත් මතයක් ගෙනල්ලා තිබෙනවා. දිනනවා දිනනවා කියමින් හිටපු මහින්ද දැන් කියනවා පැරදුනත් යන්නේ නැහැ කියලා. මහින්ද පරදියි කියලා හිතුනාම නීති විරෝධීව කටයුතු කරමින් ඉන්න මහින්දගේ හිතවාදීන් මහින්ද වටා තවදුරටත් රඳවා ගන්න මේ ආකාරයේ බොරු ප‍්‍රචාර පතුරුවමින් ඉන්නවා. පැරදුනත් වසර දෙකක් ඉන්න පුළුවන් කියලා මතයක් හදනවා. අපි ඉතා වගකීමෙන්  කියනවා තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්දට එහෙම ඉන්න අවස්ථාවක් නැහැ. ව්‍යවස්ථාවේ හැටියට වසර 4ක් සම්පූර්ණ වූ පසු ජනාධිපතිවරණයක් කැඳවන්නේ නම් එම මැතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශවීමත් සමඟ ජය ලබන්නේ හිටපු ජනාධිපතිවරයා නොවේ නම් ප‍්‍රතිඵල නිකුත් වූ වහාම හිටපු ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත්විය යුතුයි. විපක්‍ෂයේ අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කළ විට ප‍්‍රතිඵල ප‍්‍රකාශ වීමත් සමඟ ඔහු නව ජනාධිපතිවරයා ලෙස ධුර කාලය ආරම්භ වෙනවා. මහින්ද රාජපක්‍ෂ පැරදුනාට පස්සෙත් යන්නේ නැත්නම් යවන විදිය ගැන තීරණයක් ගන්න කියලා අපි ජනතාවට කියනවා.
මේ ජනාධිපතිවරණයෙන් මහින්ද දිනුවොත් නීති නොසළකන ව්‍යවස්ථාව නොසලකන සෘජු ඒකාධිපතිවාදයකට යන බව ස්ථිරයි. එනිසා ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ අනිවාර්යයෙන් පරාජයට පත්කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ පරාය කළ වහාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. නව ආණ්ඩුවෙන් ඒවා ලබා ගැනීමට බලපෑම් කිරීමේ වගක ීම ජනතා විමුක්ති පෙරමුණ බාර ගන්නවා.
විධායක ජනාධිපති  ‍ක්‍රමය අහෝසි කරන්නඅනෙකුත් සාධනීය පොරොන්දු ඉටුකරවා ගැනීමට අපිත් එක්ක එකතු වෙන ලෙස ජනතාවට ආරාධනය කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ රටේ සියලු දෙනාටම අවශ්‍ය දෙයක්. පොලීසියටහමුදාවටජනතාවට අධිකරණයට වගේම සන්ධානයේ ඉන්න අයටත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ
අයටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස අවශ්‍ය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුවෙන් යන්න ඉඳලා නතරවුණු අයටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්‍යවශ්‍යයි. මොකදමහින්ද දිනුවොත් ඔවුන්ට උදාවෙන්නේ බරපතළ තත්වයක්. මහින්ද වැඩ පටන් ගන්නේ ඒ අයගෙන්. ඒ නිසා ඔවුන්ට වඩාම හොඳ මහින්ද රාජපක්‍ෂ පරදින එකයි. ඒ වගේම මේ ජනාධිපතිවරණයෙන් පස්සේ මහ මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයේ පාර්ලිමෙන්තුවක් පිහිටුවන්නේ නෑ. ජවිපෙ අපිත් එම මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ පාර්ලිම්න්තුව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ සටනට මැදිහත් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපියි. එනිසා මේ මැතිවරණයේදී ජවිපෙ ශක්තිය වැඩිකළ යුතුයි. මේ රටට උදාවෙලා තිබෙන දේශපාලන නස්පැත්තිය වෙනස් කරලා මුදලට පිල් මාරු කරන,කුඩු විකුණනඅරක්කු විකුණන පුද්ගලයින් වෙනුවට ප‍්‍රතිපත්තිගරුක මන්තී‍්‍රවරුන් පිරිසක්
පාරලිමේන්තුවට යවන්නනේ නෑ. ඒ සඳහා ජවිපෙ නියෝජිතයින් වැඩි පිරිසක් තෝරා පත්කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්නවා.''
මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...
''ජිල්මාට් කතාවක් ගැන දැන් කියවෙනවා. ජිල්මාට් කතාව මුලින්ම කිව්වේ මහින්ද රාජපක්‍ෂයි. අපි කළේ මහින්ද අපිට කියපු එක ජනතාවට කියපු එකයි. මහින්දට 2004 ඡන්දෙදී මනාප අඩුවීම ජිල්මාට් එකක් දාලා බේරගත් බව ඔහු අපිට කිව්වා. මේ ඡන්දෙත් ජිල්මාට් වැඩ ගණනාවක් සිදුවෙමින් තිබෙනවා. එක වෙලාවක් තිබෙනවා මොන තරම් ජිල්මාට් වැඩ කළත් පරාජය වීම වළක්වන්න බැරි අවස්ථාවක්. 2010දීත් ජනතාවට ඡන්ද ප‍්‍රතිඵලය ගැන සැකයක් මතුවුණා. ඒ වෙලාවේදී ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ 2005දී මහින්ද  කියපු ජිල්මාට් කතාව වගේ දෙයක් 2010දී සිදුවුනාදැයි අපිට සැකයක් තිබෙන බවයි. ඒනිසා තවමත් ඒ සම්බන්ධව සැකය ජනතාව අතර තිබෙනවා. මොකද එම ප‍්‍රතිඵලය පිළිබඳව සාධාරණ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් තවමත් සිදුවෙලා නැහැ.
ආණ්ඩුව ආයුධ සන්නද්ධව මැතිවරණ දිනයේදී හැසිරෙනවා නම් ඒකට මුහුණ දෙන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ සඳහා තමයි පොලීසියහමුදාව ඉන්නේ. අපිට පුළුවන් ආණ්ඩුව සිදුකරන අක්‍රමිකතාවයන් පිළිබඳව පොලීසියටමැතිවරණ කොමසාරිස්ටනිරීක්‍ෂණ සංවිධානවලට පැමිණිළි කරන්න. ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වෙන්න අපිට වැඩපිළිවෙලක් තිබෙනවා. මේ මැතිවරණයෙන් පස්සේ පිහිටුවන ආණ්ඩුවල කොටස්කාරයින් වෙන්න ජවිපෙ සූදානමක් නැහැ. නමුත් ඔවුන් ලබාදෙන පොරොන්දු ඉටුකරවා ගැනීම සඳහා මැදිහත් වෙන්න බලපෑම් කරන්න ජනතාව සංවිධානය කරන්න හැකියාව තිබෙන්නේ අපිටයි. ඒ මැදිහත්වීම කරන බව අපි ජනතාවට පොරොන්දු වෙනවා.''
මෙම මාධ්‍ය සාකච්ඡාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතාද එක්වී සිටියේය.


No comments:

Post a Comment