Dec 18, 2014

18 Dec 2014

අනුරාධපුර සන්ධාන රැලියට සෙනග ගෙන ගිය බස්වල වියදම රු. මිලියන 25ක්

අනුරාධපුර සන්ධාන රැලියට සෙනග ගෙන ගිය බස්වල වියදම රු. මිලියන 25ක්

අනුරාධපුරයේ පැවති ජනාධිපතිවරණ රැලියක් සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් යෙදවූ බස් රථවල ගෙවීම්වලටඅදාළ තොරතුරු මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලබා දී තිබේ.
මේ පිළිබඳ කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, බස් රථ කුලියට ලබා ගැනීමටඅදාළව රුපියල් මිලියන 25ක් වටිනා ගෙවීම් ලේඛන තමා වෙත ලැබුණු බව ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුරයේ පැවති රැළිය සඳහා බස් රථ විශාල සංඛ්‍යාවක් යොදවා තිබූ බවටචෝදනා එල්ල වූ අතර එහි ගෙවීම් සම්බන්ධව ද ඇතැම් පාර්ශව ප්‍රශ්න මතු කළහ.
ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලිඛිතව තොරතුරු විමසා තිබිණි.
බස් රථවල ගෙවීම්වලට අදාළ තොරතුරු ඊයේ දිනයේදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දෙන බවට ශ්‍රී ලංකාගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ය

No comments:

Post a Comment