Dec 9, 2014

09 dec 2014   මෛත්‍රිපාල සිරිසේන
ආණ්‌ඩුවේ ධන බලයට අවිබලයට එරෙහිව ජනබලය
සමඟ එක්‌ව අවිහිංසාවෙන් ජනපතිවරණය ජයගන්නවා
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
http://www.divaina.com/2014/12/09/news21.html
ආණ්‌ඩුවේ ධනබලය සහ අවිබලයට එරෙහිව ජනබලය සමඟ අවිහිංසාවාදී මැතිවරණ ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කොට ඉදිරි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාගන්නා බව විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (08 දා) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌a දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා - ලබන 8 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ දිනයේ පටන් මේ රටේ ජනමාධ්‍ය අප වෙත ලබා දුන් සහයෝගයට මා විශේෂයෙන් ස්‌තුතිවන්න වෙනවා. මා නාමයෝජනා භාරදී ජනතාවගෙන් ලද උණුසුම් සුබපැතුම් සමඟ අප මේ මැතිවරණ සටන නිල වශයෙන් ආරම්භ කරනවා..................




අපි ඉතාමත් පැහැදිලිව කියනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළිනුත් කියා සිටිනවා. මේ රටේ මාධ්‍යය නිදහස ඇති කරනවා. රාජ්‍ය මාධ්‍යය සහ රජය මැතිවරණයකදී අනුගමනය කළ යුතු අපක්‍ෂපාතීත්වය සහ මධ්‍යස්‌ථභාවය පිළිබඳ අද අප හොඳින් දුටුවා. මැතිවරණ නීති පවා උල්ලංඝනය කරමින් රාජ්‍ය මාධ්‍ය ආයතන අද ගෙන ගිය ඒ රූපවාහිනී වැඩසටහන් මගින් එය ඔප්පු වුණා.

මා අද මගේ නියෝජිතයින් සමඟ මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලයට ගිය මොහොතේ පටන් අවසන් වන තෙක්‌ ඒ රාජ්‍යය මාධ්‍ය ආයතනය මාව පෙන්නුවේ කොපමණ කාලයක්‌ද කියලා. මහින්ද රාජපක්‍ෂ මහතා සහ මාව පෙන්නන ලද කාලය ගත්විට මාධ්‍යය නිදහස ගැන කුමන කථාද කියලා කියන්න පුළුවනි.

මහින්ද රාජපක්‍ෂ මහතා නාමයෝජනා ලබා දෙන්න නිවසින් එළියට බහිනවා පවා පෙන්නුවා. හැබැයි අනෙක්‌ අපේක්‍ෂකයන්ට සාධාරණත්වය සහ යුක්‌තිය රාජ්‍ය මාධ්‍යය තුළින් ඉටුවුණේ නැහැ. අපි මේ වගේ දේවල්වලින් පසු බහින්නේ නෑ. නාමයෝජනා භාරදීම එක්‌කම අපට කියන්න පුළුවන් එජනිසයේ සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජය භාර අරගෙන ඉවරයි කියලා මා බොහොම පැහැදිලිව කිව යුතුයි.

ඊට හේතුවන බොහෝ කාරණා තිබෙනවා. අපට ලැබෙන තොරතුරු සහ පණිවිඩ මත ඉතා පැහැදිලිවම ආණ්‌ඩුව පරාජය ලබනවා කියා ඔවුන් පිළිඅරගෙන අවසන්. ඒ නිසා යම් උත්සාහයක්‌ ගන්නවා. රාජ්‍ය සම්පත් දේපළ මේ රටේ කිසිම ආණ්‌ඩුවක්‌ භාවිතා නොකරන ආකාරයට භාවිතා කරලා ජයග්‍රහණය ලබන්න පුළුවන්ද කියන අසාර්ථක උත්සාහයක ආණ්‌ඩුව නිරතවෙලා සිටිනවා.

ඒ උත්සාහය අසාර්ථකයි. එය කිසිසේත් සාර්ථක වෙන්නේ නැහැ. අපි ලබන සතිය වන විට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්‌වනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කර ගනිමින් රටේ දූෂණය සහ නාස්‌තිය නැති කර, දුගී භාවය ඉවත් කිරීම සඳහා සමෘද්ධිමත් රටක්‌ ගොඩ නැගීමේ කාර්යය අපි ඉටු කරනවා.

නාමයෝජනා දීමෙන් පසුව අපේ පළමු රැලිය (09 දා) පස්‌වරු 2 ට පවත්වනවා. විශේෂයෙන් මාව පොදු අපේක්‍ෂකයා ලෙස පත් කොටගත් සියලු පක්‍ෂවල සංවිධානවල නියෝජිතයින් ඊට සහභාගි වෙනවා.

අපට මොන විදිහේ බාධාවන් ආවත් මොන විදිහේ අභියෝග, තර්ජන ආවත් අපි ඉතා නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සඳහා කැපවෙනවා. ඉතාමත්ම යුක්‌ති 

සහගත ලෙස ජනතාවට සෙනෙහෙබර ලෙස, ප්‍රචණ්‌ඩත්වයෙන් තොරව අවිහිංසාවාදී මැතිවරණ ව්‍යාපාරයක්‌ අපි ගෙනියනවා. 

මේ මැතිවරණය ඉතාම පැහැදිලියි. අවි බලය, ධනබලය සහ ජනතා බලය අතර පැවැත්වෙන මැතිවරණ සටනක්‌.

මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරන්නේ ධන බලය සහ අවි බලය. මා පොදු අපේක්‍ෂකයා ලෙස ජනතා බලය විදිහටයි පෙනී සිටින්නේ. ජනතා සටනකදී ලෝකයෙ ඕනෑම තැනකදී අවි බලය සහ ධනබලය ජයග්‍රහණය කරලා නැහැ. ජනතා බලයයි අවසානයේදී ජයග්‍රහණය කර තිබෙන්නේ. ඒ නිසා අපි විශිෂ්ට ජයක්‌ ලබා ගෙන ජනතාව බලාපොරොත්තුවන ආර්ථිකයේ,සමානාත්මතාවේ වෙනසක්‌ ඇති කරනවා.

සමස්‌ත රාජ්‍යය බලය එක පවුලක්‌ විසින් කළමනාකරණය කිරීම මේ ඉතිහාසයේ කවදාවත් සිදුවුණේ නැහැ. පවුල් බලය අවසන් කරලා අපි ජනතාවගේ පාලනයක්‌ මේ රටේ ස්‌ථාපිත කරනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා - මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නාමයෝජනා භාරදෙනු ලැබුවා. අපි සිටින්නේ මේ රටේ ජනතාවට වෙනසක්‌ සිදු කිරීමටයි. රාජපක්‍ෂ රෙජිමයේ පවුල්වාදී පාලනය වෙනුවට නව දේශපාලන සංස්‌කෘතියක්‌ අපි ඇති කරනවා. ජීවන බර සැහැල්ලු කොට ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කොට කෙටිකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක්‌ අපි ආරම්භ කරනවා.

ඒ නිසා අපේ අපේක්‍ෂකයා වන ශ්‍රීලනිපයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාට අප සුබ පතනවා. ඒ වගේම අපේ පක්‍ෂයට අපි නව මහ ලේකම්වරයෙකු පත් කරනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙµdන්සේකා මහතා - එළැඹෙන ජනාධිපතිවරණයේදී අපි ඉතා කැපවීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබා දෙනවා. පොදු අපේක්‍ෂකයා ලෙස ඒ මහතා ඉතා බාරදූර කටයුත්තක්‌ හිසමත තබාගෙන මැතිවරණ සටනට පිවිසී තිබෙන්නේ ඉතාම දූෂීත පාලකයෙක්‌ සමඟයි මේ සටන තිබෙන්නේ. එබැවින් අපි අපේ අපේක්‍ෂකයාව ආරක්‍ෂා කර ගත යුතුයි.

අපේ පක්‍ෂයටත් න්‍යාය පත්‍රයක්‌ තිබෙනවා. ඒත් මේ මොහොතේ අපේ න්‍යාය පත්‍රය වන්නේ ජනතා න්‍යාය පත්‍රයයි. දැනට පවතින දේශපාලනය අපි ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. අද එජාපයේ අයෙක්‌ වගේම අපේ පක්‍ෂයේ අයෙක්‌ පාවාදීමක්‌ සිදු කළා. රුපියල් මිලියන එකසිය පනහකට විකිණිලා මේ මොහොතේ අරලියගහ මන්දිරයේ දිවා ආහාරය ගන්නවා කියලා ආරංචියි. මේ මොහොතේ දේශපාලන කැපවීම් කළ යුතු මොහොතක්‌ වුණත් ඒ අය මේ දේශපාලනයේ ගොදුරු බවට පත්වෙලා.

ඒ නිසා මේ මොහොතේ අපි අපේ පක්‍ෂ ආරක්‍ෂා කර ගැනීමේ ක්‍රමයට වඩා මෙතැනදී අද අවශ්‍ය වී තිබෙන්නේ මේ පොදු වැඩපිළිවෙලට සහයෝගය ලබාදීමයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රdනි බණ්‌ඩාර මහත්මිය - මේ වනවිට මගේ නම ගැන අද්භූත කතා යනවා. මම මගේ එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ට කිව යුතුයි මා එජාපය වෙනුවෙන් ඉපදුණු කෙනෙක්‌. මගේ පියා. මේ පක්‍ෂයට ඉතා විශාල සේවාවක්‌ කළ අයෙක්‌. මගේ නිවසේ මා කුඩා කළ ඇසුවේ එක්‌සත් ජාතික පක්‍ෂය කියන නමයි. මා මේ සිටින තැනට පත් කළේ මගේ දිස්‌ත්‍රික්‌කයේ ජනතාවයි. මගේ පියාගේ සහ මගේ ජනතාවගේ නමට මා කැළලක්‌ කරන්නේ නැහැ.

මා දේශපාලනයේ සිටිනතුරු මා දිවිහිමියෙන් එජාපය තුළ සිටිනවා. මා ගැන විශ්වාසය නැති කරගන්න එපා. ඉදිරියේදී එය තවදුරටත් වැඩිකර ගන්aනා බව මා ඉතා ගෞරවයෙන් ජනතාවට ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී මාධ්‍ය විසින් නගනු ලැබූ ප්‍රශ්න සහ ඒවාට ලද පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - අද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ලේකම්වරයෙක්‌ ගියාට තවත් මහලේකම්වරයෙක්‌ ගන්න එක කඡ්ජක්‌ නොවෙයි කියලා අභියෝගයක්‌ කළා.

රනිල් වික්‍රමසිංහ මහතා - මහින්ද රාජපක්‍ෂගේ පුහු තර්කවලට මම පිළිතුරු දෙන්න යන්නේ නෑ. මෙතැන සිටින්නේ ශ්‍රීලනිපයේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති නියෝජනය කරන මහලේකම්වරයායි. ඒ වගේම ඩී. එස්‌. සේනානායක, ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ඡේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජයතුංග නියෝජනය කරන්නේ මම.

අපේ මහලේකම්තුමාගේ ඉල්ලා අස්‌වීම මම පිළිගන්නේ නෑ. ඒත් ඔහු ගත්තු අදූරදර්ශී ඉතා කෙටි පියවර ගැන මා කනගාටුවෙනවා. එය ඉතා කෙටි පියවරක්‌. අපේ නව මහලේකම් කබීර් හෂීම් මහතා මේ ගැන කරුණු කියයි.

අද තියෙන්නේ තිස්‌ස අත්තනායක, රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සරත් ෙµdන්සේකා ගැනවත් කතා කරන්න නොවෙයි. ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන කතාවකුයි. මේ රටේ පනතින ජීවන වියදමට, කුඩු සංස්‌කෘතියට, කැසිනෝවලට, පවුල් පාලනයට ආදී සියල්ලටම විරුද්ධ වුණු මහ ලේකම්වරයෙකුගෙන් තව මහ ලේකම්වරයෙකුගෙන් බැලන්ස්‌ කරන්න යනවා නම් කොතරම් ලේසිද මේ රටේ ප්‍රශ්න විසඳන්න.

No comments:

Post a Comment