Dec 17, 2014

17 Dec 2014
මඩ දේශපාලනයට කැමති නෑ - ජනාධිපති
1
16 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:11 GMT
මඩ දේශපාලනයට තමන් අකමැති බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
අද, අඟහරුවාදා, හලාවතදී ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සෙසු ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ විදුරු ගෙවල් වල සිට අනුන්ට ගල් නොගසන ලෙසයි.
ජාත්‍යන්තරය
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තිබෙන අතර ජාත්‍යන්තරයට අවශ්‍යව ඇත්තේ ඒ සියල්ල අස්ථාවරත්වයට පත් කිරීම බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
වර්තමානයේ රටේ පවතින්නේ මඩ දේශපාලනයක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
“අද දේශපාලනේ මඩ ගහන දේශපාලනයක්. වෙන මොකුත් නැහැ. හැම සංවර්ධනයක් විවේචනය කරනවා. ඕක අපිට තුනෙන් එකෙන් කරන්න තිබුණ. කරේ නැහැ හැබැයි. එක්කෙනෙක්වත් කළේ නැහැ මෙච්චර කලක්,” මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළේය.... VIDEO
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141216_mahinda_chilaw_video

No comments:

Post a Comment