Dec 17, 2014


17 Dec 2014
අපි හදන අලුත් ආණ්‌ඩුව මගින් කුඹුරට
ජලය ගෙනයන ඇළවේලි සියල්ල හදනවා

- පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන යාපහුවේදී කියයි
"මේ රටට ලැබෙන හා භූගත ජල ප්‍රමාණය මේ වගේ රටවල් දහයකට ප්‍රමාණවත්. නමුත් නිසි කළමනාකරණයක්‌ නැති නිසා වාරිපද්ධති විනාශවෙලා. හැම ආණ්‌ඩුවක්‌ම කරන්නේ ප්‍රධාන වාරිමාර්ග නවීකරණය කරන එකයි. කුඹුරට ජලය ගලායන කෙත් ඇළ හැදුවේ නැ. මෛත්‍රී පාලන යුගයක්‌ තුළ අපි හදන අලුත් ආණ්‌ඩුවෙන් ප්‍රධාන වශයෙන් තමුන්නාන්සේලාගේ කුඹුරට එන කුඩා ඇළවල් ටික හදන එක තමයි පළමුව කරන්නේ යෑයි විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

යාපහුව මංසන්ධියේදී පැ
වැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසුවේය. යාපහුව එජාප ප්‍රධාන සංවිධායක වෛද්‍ය කීර්ති ෙµdන්සේකා මහතා ජනහමුව සංවිධානය කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසුවේය.
"අද මේ මැතිවරණ ව්‍යාපාරයේ ආණ්‌ඩු විරෝධි රැල්ලට නායකත්වය දීලා තියෙන්නේ තරුණ පරපුර. තරුණ පරපුරට ඕන වෙලා තියෙන්නේ අලුත් ආණ්‌ඩුවක්‌ හදන්නයි. ඇයි ආණ්‌ඩුවෙ වැඩපිළිවෙළක්‌ තියෙනවානෙ තරුණයින් සඳහා තාරුණ්‍යයට හෙටක්‌. නාමල් රාජපක්‍ෂ දරුවාගේ තාරුණ්‍යයට හෙටක්‌. ඒක බාලගිරි දොaෂය වගේ අද නොවේ හෙට. හැබැයි රජ පවුලේ කුමාරයන්ට තාරුණ්‍යය අද. දැන් අවුරුදු දහයක්‌ ඒ ගොල්aලන්ට තාරුණ්‍ය අද. රාජ කුමාරයින්ට නැති දෙයක්‌ නෑ. ගිය අවුරුද්දේ ගෙනාවා අලුත් චොපර් හයක්‌. ඒ ඔක්‌කොම පවුලේ අය බෙදාගත්තා. රාජ කුමාරයින්ට තියෙනවා ආරක්‍ෂක බලඇණි. වෙඩි නොවදින කාර්, ජීප්, ඒ ගොල්ල පාරේ යද්දී පාරවල් වහනවා. පුංචි කුමාරයා ගිය අවුරුද්දේ එංගලන්තේ බකින්හෑම් අශ්වගාලෙන් අශ්වයෙක්‌ ගෙනාවා. මම හොඳට දන්න හින්ද කියන්නේ. හුඟ දෙනෙක්‌ මේවා දන්නේ නැ. නුවර එළියට ඌ අරගෙන ගියා. රජ පවුලේ කුමාරයා උදේට හෙලිකොප්ටරයෙන් නුවරඑළියට ගිහින් රත්තරන් අශ්වයා පැදලා ආපහු හෙලිකොප්ටරයෙන් කොළඹට එනවා. ඔබට තුන්වේල කන්න දෙන්න තියෙන සල්ලි තමයි, සහන දෙන්න තියෙන සල්ලි තමයි මේ කුමාරවරු සෙල්ලම් කරන්නේ. මේවාට ඉඩ දෙන්න පුළුවන්ද කියලා මම අහනවා.

http://www.divaina.com/2014/12/17/news34.html
රණවිරුවෝ අද පිළිගන්නේ කම්කරුවො විදිහටයි. රණවිරුවො කම්කරුවො කරලා ගල්කඩන්න දාලා. තණකොළ කපන්න දාලා තියෙනවා. ලොකු බංගලාවල ආණ්‌ඩුවේ තැන්වල තණකොළ කපන්නේ රණවිරුවො. අරලියගහ මන්දිරයෙ පිඟන් හෝදන්න දාලා තියෙන්නෙ රණවිරුවෝ. ඔහොමයි රණවිරුවන්ට සලකන්නේ. අපි ත්‍රිවිධ හමුදාවෙ නිල ඇඳුමට ගෞරවය ලැබෙන විදිහේ ගෞරවාන්විත රාජකාරියේ යෙදෙන්නට අවශ්‍ය සම්පූර්ණ පසුබිම සකසනවා. පොලිස්‌ දෙපාර්තමේන්තුව අද අන්ත අසරණ වෙලා. වැඩ කරන්න බෑ. දේශපාලන පක්‍ෂපාතිත්වය නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට බාධාවක්‌ වෙලා. නීතියේ ආධිපත්‍ය අලුත් කඩේ බිඳ වැටුණහම එතැනින් පල්ලෙහා පොලිස්‌ දෙපාර්තමේන්තුව ගැන කියන්න දෙයක්‌ නෑ. අපි හදන අලුත් ආණ්‌ඩුවේ දින 100 වැඩපිළිවෙළ තුළ පොලිසියේ වැඩකරන සෑම කෙනෙකුටම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට තිබෙන සියලු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දෙනවා. ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අයට අවුරුදු 12 න් 15 න් 22 න් තමන් කැමැති නම් විශ්‍රාම යන්න පුලුවන්. ඒත් පොලිසියේ අයට එහෙම බැ. ඒත් අපි හදන අලුත් ආණ්‌ඩුව තුළ පොලිසියේ සේවය කරන අයට අවශ්‍ය නම් වසර 22 ක්‌ ගෙවුණාට පසුව ස්‌ව කැමැත්තෙන් විශ්‍රාම යැමට අදාළ නීති සකස්‌ කරනවා.

මහින්ද රාජපක්‍ෂ පාරක්‌ පාරක්‌ ගානේ, ගහක්‌ ගහක්‌ ගානේ, කටවුට්‌ ගහලා. මොන දේකටද මේ කටවුට්‌ ගහන්නේ. ජනාධිපතිතුමනි, සීගිරි ගලේ කටවුට්‌ එකක්‌ ගහන්න, සමනල කන්දෙ කටවුට්‌ ගහන්න. සිංහරාජ වනාන්තරේ කටවුට්‌ ගහන්න. කටවුට්‌ ගහන්න කටවුට්‌ ගහන්න ජනතාව අපි සමග එකතු වෙනවා.

අපි හදන ආණ්‌ඩුව සර්ව පාක්‍ෂික ආණ්‌ඩුවක්‌. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට අපි ආරාධනා කරනවා. අපේ ආණ්‌ඩුවේ ඇමැති ධුර භාර ගන්න කියලා. ඇයි අපි සර්වපාක්‍ෂික ආණ්‌ඩුවක්‌ හදන්නෙ. අද රටේ ආර්ථිකය කඩාවැටිලා. ජනතාවගේ දුගී බව, ආර්ථික අමාරුකම් මේ රටේ තිබෙන සැබෑම ප්‍රශ්නය දුප්පත් ජනතාවට තුන්වේල හරියට කන්න දීලා ඔවුන්ට යහපත් අනාගතයක්‌ ගොඩ නඟන්න තිබෙන කාර්යයට. අපි ප්‍රමුඛතාවය දෙන්නේ දුප්පත් ජනතාවට අඩු ආදායම්ලාභී ජනතාවට. යහපත් ආර්ථිකයක්‌ එක්‌ක සමෘද්ධිමත් රටක්‌ හදන්න. අපි බලයට පත්වූ වහාමත් මේ කරගෙන යන සංවර්ධන වැඩ නවත්වන්නේ නෑ. පාරවල් හැදුවත්, ගොඩනැඟිලි හැදුවත් මොන ව්‍යාපෘති කළත් සැබෑ ලෙසම ඒ ඉදිකිරීම්වලට යන වියදම් ඇස්‌තමේන්තුවල මුදලින් තුනෙන් එකක්‌ තමයි ඒ ව්‍යාපෘතිවලට යන්නෙ. ඉතිරි තුනෙන් දෙකක මුදල යන්නෙ සම්පූර්ණම හොරකමට, වංචාවට, දූෂණයට මේ ආණ්‌ඩුව ගන්නවා. ඒ නිසා මේ රටේ දුප්පත්කම අන්ත අසරණ භාවය බරපතළ ලෙස සංවර්ධනය වෙලා තියෙනවා.

අපේ අධිකරණයේ ස්‌වාධීනත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙනවා. විනිශ්චයකරුවන්ට හරියට තීරණයක්‌ දෙන්න බෑ. අරලියගහ මන්දිරයෙන් ඇමතුමක්‌ දුන්නම අලුත්කඩේට තීන්දුව වෙනස්‌ කරන්නට ඕනෑ. ඒ නිසා අද අධිකරණයේ ආධිපත්‍ය බිඳ වැටිලා තියෙනවා. වංචාව, දූෂණය, හොරකම ඉහවහා ගිහිල්ලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා (එජාප) - "මම පාර්ලිමේන්තුවේදී පොඩි ඉඟියක්‌ පළකළා. මෛත්‍රී පාලනයක්‌ රටට අවශ්‍යයි කියලා. පහුවදා මෛත්‍රීපාල ජනාධිපති තනිකරලා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුණා. එදා කාටුන් ශිල්පීන් කාටුන් ඇන්දේ හාවයි, ඉබ්බයි තරගයක්‌ කියලයි. ඒත් අද තියෙන්නේ හාවයි හාවයි අතර තරගයක්‌.

සිරිකොතේ හිටපු අපේ පක්‍ෂය විනාශ කරපු බහිරවයා සල්ලි ගිල්ලා. සම්පත් ගිල්ලා. කෝටි 65 ක්‌ අරගෙන පැන්නා. දුම්මල ගැහුවත් යන්නෙ නැතුව හිටියේ. ටී. බී. ඒකනායක ඇමැති ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයා. ඒත් එයාගෙ අමාත්‍යාංශයට රුපියල් කෝටි 20 ක්‌ දීලා නෑ. ටී.බී. ගෙ අමාත්‍යාංශයට වඩා ලොකු මිලක්‌ තිස්‌ස අත්තනායකට වැය කරලා. විපක්‍ෂයේ අපි කෝටි 20 ට ගන්න හදනවා. පළාත් සභා මන්ත්‍රීවරු කෝටි පහට දහයට ගන්න යනවා. ඒත් මේ ගම්වල ඉන්න ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයො එක රුපියලකට මායිම් කර නෑ.

සරත් ෙµdන්සේකා - මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නෑ. ජනතාවට මූලික අවශ්‍යතාවයන් මේ පාලකයා දෙන්නෑ. වතුර ඉල්ලපුවහම වෙඩි තියනවා. ජනතාවට කට පියාගෙන දෙන දෙයක්‌ කාලා බීලා ඉන්න ඕනෑ, දූෂණය ඉහවහ ගිහිල්ලා. මේ රටේ මුදල්වලින් සියයට දහයක්‌ පිරිස සියයට අනූපහක්‌ භුක්‌ති විඳිනවා. පාලකයන්ට ආශ්චර්ය තියෙනවා. ජනතාවට නෑ.

අපේ රට ආසියාවේ දුප්පත්ම රට. සියදිවි හානිකර ගැනීමෙන් හතරවන තැන. සතුටින්ම ජීවත් වන මිනිසුන්ගෙන් 137 වැනි රට. ඒක පුද්ගල ආදායම ඩොලර් 300 යි. එයාල කියනවා 3000 යිලු. මෛත්‍රී ආවාම රට අරාජික වෙනවාලු. අරාජික වෙන්න රටක්‌ තියනවද? දරුවන්ට කන්න දෙන්න බෑ කියලා අම්මලා ළිඳට පනිනවා.

එල්.ටී.ටී.ඊ. එකට බයේ හමුදාව දාලා ගියපු මල්ලි තමයි යුද්ධ කරලා තියෙන්නෙ. හමුදා සෙබළු තමයි දන්නෙ යුද්ධ කළේ කව්ද කියලා. 5000 ක්‌ මැරුණා. 7000 ක්‌ ආබාධිතයි. 27000 ක්‌ තුවාල වුණා. අද කියනවා අපේ රට ආයෙත් කොටියට යයිලු. ඔක්‌කොම කොටි එයාගෙ රෙද්ද අස්‌සෙ. යුද අපරාධවලට විදුලි පුටුවට ගියොත් යන්න වෙන්නෙ එයාට නොවෙයි අපටයි. එයා පුටුවෙ තිබ්බොත් විදුලිය වදින්නෙත් නැතිවෙයි. ඒ තරම් ජරාව. අපි මෛත්‍රි පාලනයක යහපාලනයක්‌ ඇති කරනවා.

No comments:

Post a Comment