Dec 29, 2014

29 Dec 2014
මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ
ගමන් බලපත්‍රයත් තහනම් : උසාවියෙන් තරයේ අවවාද
2014 දෙසැම්බර් මස 29 14:29:53 |
   දැඩි කොන්දේසි සහිතව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පොලිසි අටකට ඇතුළුවීම තහනම් කළේය. රුපියල් ලක්ෂ පහ බැගින් වූ සමීපත ම ඥාතීන්ගේ ශරිර ඇප දෙකක් මත මුදාහළ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද උසාවි භාරයට ගත්තේය. ඔහුට තරයේ අවවාද කරමින් මහේස්ත්‍රාත් පැවසුවේ ඔහු වරෙන්තු පිට සිටිය දී සිංගප්පූරුවට යන අවස්ථාවේ දී උසාවියට ගරු කරමින් 29 දා උසාවියට ඉදිරිපත් වන්නේයැයි මාධ්‍යයට කළ ප්‍රකාශය සළකා බලමින් ඇප ලබාදෙන බවයි.  ඔහු වැනි මහජන නියෝජිතයන්ගේ චර්යාව දෙස ලෝකයම බලා සිටින බැවින් ආදර්ශවත් ලෙස හැසිරෙන්නැයි ද මහේස්ත්‍රාත් වරයා අවවාද කළේය.
මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු මෙත්සිරි චාමින්ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම නඩුව අවසන්වනතුරු වදුරඹ, බද්දේගම, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම, නාගොඩ හා පෝද්දල පොලිසිවලට ඇතුළු වීමට අවසර නැත. ඒ යම් පොලිසියකට පැමිණිල්ලක කිරීමට අවශ්‍යනම් එය සහකාර පොලිස් අධිකාරී වරයකුට ඉදිරිපත් කරන ලෙස උසාවිය නියෝග කළේය. නඩුව යලි ජනවාරි 26 දිනට කල් තැබිණි..........
http://www.lankadeepa.lk/index.php/articles/286309
නිශාන්තගේ ගෝලයන්ට දැඩි කොන්දේසි සහිත ඇප
2014 දෙසැම්බර් මස 29 13:59:07 |
 
වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාකර රැස්වීමක වේදිකාවට ගිනි තබන ලද සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි තිදෙනා රුපියල් ලක්ෂ හතරක් බැගින් වූ ශරිර ඇප මත මුදා හැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න අද නියෝග කළේය. ලක්ෂ හතරක ශරීර ඇප තැබීම ලක්ෂ දෙක බැගින් දෙදෙනකු විසින් කළ යුතුයැයි ද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය විය. ඔවුන් පොලිස් අත්අඩංගුවේ සිටිය දී පැහැරගෙන යන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා සම්බන්ධ නඩුව මේ වනවිට බද්දේගම උසාවියේ විභාග වෙමින් පවතී. ඇප මත මුදාහරින ලද තිදෙනාට වදුරඹ පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වීම මහේස්ත්‍රාත්වරයා තහනම් කළේය. නඩුව ජනවාරි 26 දිනට කල් තැබිණි.
http://www.lankadeepa.lk/index.php/articles/286288

මුතුහෙට්ටිගම හිරගෙදරින් උසාවියට
2014 දෙසැම්බර් මස 29 09:02:58 |
 
SAM_2484
කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඉරිදා ගාල්ල බන්ධනාගාරයට ගෙන ආ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර බසයකින් රැගෙන ගියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකරන ලද වේදිකාවකට වදුරඹ දී ගිනි තැබූ සිද්ධියක් සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පොලිසියේ සිටිය දී පැහැරගෙන යාම සම්බන්ධයෙන් මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන උසාවියට අද (29) ඉදිිරිපත් කරන ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තුවක් නිකුත්කැර තිබිණි....photos
http://www.lankadeepa.lk/index.php/top_story/286188

No comments:

Post a Comment