Dec 1, 2014

27 Nov 2014  Maithripala Sirisena 

Presidency won't be abolished
Sirisena may hold some portfolios

* Opposition MoU to be signed on Dec 1
* CBK endorses two-year power sharing pact
* Referendum likely

 
article_image
by Shamindra Ferdinando

UNP MP Mangala Samaraweera, at a media briefing at UNP headquarters, Sirikotha, explaining the Opposition strategy to win January 8, 2015 presidential poll . (Pic by Gamini Munasinghe)
The UNP yesterday declared that the joint Opposition would retain the executive presidency sans what it called dictatorial powers currently exercised by incumbent President Mahinda Rajapaksa. Maithripala Sirisena would remain the President, it said.


මෛත්‍රීපාල ජනපති වූ පසුව ඔහු පාපිස්‌සක්‌ නොකර2016 තෙක්‌ පාර්ලිමේන්තුව ගෙන ගොස්‌ මහ මැතිවරණයෙන් පසු වසර දෙකක ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවනවා
- මංගල සමරවීර

http://www.divaina.com/2014/11/28/news22.html
අකිත පෙරේරා

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති ලෙස පත් වූ පසුව යම් බලතල ප්‍රමාණයක්‌ හිමිවන බවත් ඔහුව පාපිස්‌සක්‌ නොකරන අතර පවතින පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් තෙක්‌ ගොස්‌ පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් අනතුරුව වසර 2 ක කාලයක්‌ සඳහා ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කීය.

සිරිකොතදී ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

1948 දී නිදහස ලැබීමෙන් පසුව පැවැත්වෙන ඉතාමත්ම තීරණාත්මක ජනාධිපතිවරණයකටයි මේ සූදානම් වෙන්නේ. අපි 1951 ශ්‍රීලනිපය ආරම්භ වූ දා සිට ඉඳලා එජාපය හා ශ්‍රීලනිපය අතර දිගින් දිගටම තිබුණේ දේශපාලන අරගලයක්‌. ඒ නිසා මේ කාලය තුළ ශ්‍රීලනිපයත්, එජාපයත් පාර්ලිමේන්තුවේ සිට ගම් මට්‌ටම දක්‌වා සතුරු ආකල්පවල සිටයි කටයුතු කළේ.


එහෙත් ලබන ජනාධිපතිවරණය සඳහා ඒ අතීතය කණපිට හරවමින් මේ රටේ නව දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කරන්නට ශ්‍රීලනිපය, එජාපය පමණක්‌ නොව ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි පක්‍ෂ, සංවිධාන එකතුවෙලා සිටිනවා.

පසුගිය කාලය තුළ අපේ රටේ ඇති වූ සිද්ධි සම්බන්ධව මට වඩා හොඳට මේ රටේ ජනතාව දන්නවා. 2005 දීත්, 2010 දීත්, මේ රටේ භාරකාරයා පමණක්‌ යෑයි කියමින් බලය ලබාගත් මහින්ද රාජපක්‍ෂ මේ රට ක්‍රමානුකූලව ඒකාධිපතිවාදයක්‌ කරා ගෙන ගියා. යුද්ධය අවසන් වීමෙන් පසුව එම ජයග්‍රහණය තම පාලනය දිගු කර ගැනීමේ උපක්‍රමයක්‌ බවට පත්කරගෙන තිබෙනවා.

2010 දී ජනාධිපතිවරණය, මහ මැතිවරණය දිනලා පළමුවෙන්ම කළේ 1933 හිට්‌ලර් ජර්මනියේ ක්‍රියා කළ ආකාරයටම, ඉතා උපක්‍රමශීලීව මන්ත්‍රීවරු ඩැහැගෙන 18 වැනි සංශෝධනය ගෙනත් ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන වැඩිකරගෙන පොලිසිය, මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය, රාජ්‍ය සේවය, මේ සියල්ලේම ස්‌වාධීනත්වය නැති කර දැමුවා. අගවිනිසුරුවරියගේ තනතුරත් ඩැහැ ගත්තා.

ඒ අනුව අද ජනමාධ්‍ය නිදහස නැහැ. ජනමාධ්‍යවේදීන්ට පහරදීම අද අඩු වුණත් යම් ස්‌වයං වාරණයකට ලක්‌වෙන්න වෙලා. පසුගියදා සටන වැඩසටහන ප්‍රචාරය වැළැක්‌වූවා. දැන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරියකු සාකච්ඡා කරනවාලු මැතිවරණය අවසන් සතියේ එස්‌.එම්.එස්‌. භාවිතය කාර්මික දොaෂයක්‌ කියා නවත්වා දමන්න.

ජනවාරි 2 දා සිට 8 දා දක්‌වා අපට එස්‌.එම්.එස්‌. යවන්න බැරිවන විදිහට කටයුතු කරන්න මේ වන විට චීනයේ බුද්ධි නිලධාරීන් එක්‌ක සාකච්ඡා කර තිබෙනවා. අද මහා ඒකාධිපති ඡන්දයකට යන්නයි මේ හදන්නේ.

මේ වන විට පොලිස්‌ දෙපාර්තමේන්තුව මෙහෙයවන්නේ වෙනත් අයෙක්‌. ඒ ගැන "දිවයින" පුවත්පතෙත් අද පළවෙලා තිබෙනවා. ඒ මට්‌ටමෙන් හරි එය පළවීම ගැන අප "දිවයින"ට ස්‌තුතිවන්ත වෙනවා. ඒ වගේම පොලිසිය සම්බන්ධව මේ අමාත්‍යාංශ ලේකම්වරයා නියෝග දීලා තිබෙනවා ජනාධිපති හෝ ඔහු සමග සාමූහිකව සිටින කටවුට්‌ ඉවත් කරන්න එපා කියලා.

ඒ වගේම තවත් චක්‍ර ලේඛයකින් ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා මැතිවරණ අපේක්‍ෂකයා වුවද ඔහුගේ බලතල නැති වෙන්නේ නැහැ කියලා. ඒත් මේ බාලසූරියට මම කියනවා ජනාධිපති පත්කර ගැනීමේ පනත කියවන්න කියලා.

ජනාධිපතිවරණය පසුගියදා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට වුවද සෑම නීතියක්‌ම බලපාන බව අප දන්නවා. දැන් පොලිස්‌පතිගේ බලතලත් අරගෙන ඒ දූෂිත අමාත්‍යාංශ නිලධාරියා කටයුතු කරනවා. දැන් අධිවේගී මාර්ගයේ ජනාධිපති සහ චීන ජනාධිපති සමග සිටින දැවැන්ත ඩිජිටල් පුවරුවක්‌ සවි කරගෙන යනවා. ඊට පොලිස්‌ ආරක්‍ෂාවත් දෙන්න යනවා.

ඒ නිසා මෙය සුදුම සුදු මැතිවරණයක්‌ නොවුණොත් තියෙනවාටත් වඩා පිළිකුළට ජනාධිපතිවරයා ලක්‌වෙනවා. මේ නිසා මේ අන්ධකාර පාලනය පරාජය කරන්න අපි සියලු දෙනා එක්‌වෙලා තිබෙනවා. එජාපය මේ රටේ ප්‍රධාන පක්‍ෂය ලෙස 40% ක පමණ ඡන්ද පදනමක්‌ තියාගෙනත් අපි කැපවීමක්‌ කළේ රට වෙනුවෙන්.

දැන් පක්‍ෂ පාට ගැන හිතන වෙලාවක්‌ නොවෙයි. අද උදාවෙලා තියෙන්නේ අනාගත පරපුර, ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර මහා සටනක්‌. මේක යහපාලනය සහ දූෂණය අතර සටනක්‌. නීතියේ ආධිපත්‍ය සහ කැලෑ නීතිය අතර සටනක්‌. ඒ නිසයි අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරලා ඒකමතිකව තීන්දු කළේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කරන්න.

අපි ලබන සඳුදා වන විට අපේ සැලසුම් ගැන තොරතුරු ලබා දෙන්නම්. මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛව ඒ අවබෝධතා ගිවිසුම කොළඹදී අත්සන් කෙරෙනවා. මේ මොහොත වන විට අපේ සැලසුම් හැදෙමින් පවතිනවා. මේක දැන්ම කියන්න බැරි මේකට ආණ්‌ඩුව බලපෑම් කරනවා. හෝටල්, පිට්‌ටනි මේවා අවහිර කරනවා.

එහෙම කළොත් අපි මේක මහ පාරේ හරි තියාගෙන අත්සන් කරනවා. දැන් බොරු කතා යවලා අප මේ කරන වැඩපිළිවෙළ විකෘති කරන්න යනවා මාධ්‍ය ආයතන එකකින් දෙකකින්. විධායක අගමැතිවරයෙක්‌ ලෝකෙ කොහේවත් නැහැ. අපි සාකච්ඡා කර තියෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල 9 වැනිදා නිකුත්වෙලා 10 දා මේ රටේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නහම මුලින්ම හදන්නේ පවතින ව්‍යවස්‌ථාව අනුව ආණ්‌ඩුවක්‌. ඒ අනුව අගමැතිවරයෙක්‌ සහ කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වෙනවා.

එහෙම කරලා පැය 24 ක්‌ ඇතුළත සියලු බලතල අගමැතිවරයාට පවරනවා කියලා. අපි කොහේවත් සාකච්ඡා කරලා නැහැ. අපි දෙගොල්ලෝ සාකච්ඡා කරලා යම් යම් බලතල විධායක ජනාධිපතිවරයා යටතට තියාගන්නත් අනෙක්‌ බලතල ව්‍යවස්‌ථාව අනුව අගමැතිවරයාට පවරන්නත් පුළුවන්.

සමහර අමාත්‍යාංශ මෛත්‍රීපාල ජනාධිපතිතුමා තියා ගනිවී. අනෙක්‌ අමාත්‍යාංශ කැබිනට්‌ මණ්‌ඩලයට දෙනවා. මේක සර්ව පාක්‍ෂික කැබිනට්‌ මණ්‌ඩලයක්‌ අපි පත්කර ගන්නේ. මේ සර්ව පාක්‍ෂික ආණ්‌ඩුව දින සියයක්‌ ඇතුළත විධායකය අහෝසි කරනවා. දින සියයක්‌ ගන්නෙත් නෑ. අපි දින වකවානු ඇතිව මේ දවසට මේ දෙය වෙනවා කියලා ජනතාවට අපි කියනවා.

මේ දින සියයෙන් පසුව අපට මහ මැතිවරණයක්‌ ගැන හිතන්න පුළුවන්. ඒත් මේ පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් 29 දා වෙනකන් බල පැවැත්වෙනවා. ඉන් අනතුරුව අපි පක්‍ෂ ලෙස මැතිවරණ ප්‍රකාශ ඉදිරිපත් කරලා මේ භාරකාර රජය යටතේ නිදහස්‌, සාධාරණ මැතිවරණයක්‌ තියලා වැඩිම ආසන ගන්නා පක්‍ෂයෙන් අගමැතිවරයා පත්වෙනවා.

එහෙත් අපි අවම වශයෙන් අවුරුදු දෙකක්‌වත් ජාතික ආණ්‌ඩුවක්‌ තියන්න ඕනෑ කියලයි රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස තිබෙන්නේ. බෙදිලා වෙන්ව සිටින යුගය අවසන් කළ යුතුයි කියලයි. එතුමා වගේම මෛත්‍රීපාල, චන්ද්‍රිකා ඉන්නෙත්. ඒ නිසා මේක ව්‍යවස්‌ථානුකූල මහා වෙනසක ඇරඹුමක්‌. ඒ නිසා ඔය බොරු කටකතා අපි ප්‍රතික්‌ෂේප කරනවා.

එක පැත්තකින් අවුරුදු විස්‌සක්‌ දුක්‌ විඳපු එජාප පාක්‍ෂිකයින්ටත් අපි සාධාරණය ඉටු කරන්න ඕනෑ. ඒ වගේම ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ටත් අපි සාධාරණය ඉෂ්ට කරන්න ඕනෑ.

මෙහිදී මාධ්‍ය නැඟූ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය(- මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී පැය 24 ක්‌ ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා වෙත බලය පවරන්න ඕනෑ කියලා එජාප මහ ලේකම්වරයා තිස්‌ස අත්තනායක මහතායි ප්‍රකාශ කළේ.

පිළිතුර(- නෑ. පොඩි පොඩි අඩුපාඩු වෙන්න ඇති. නමුත් අපි පක්‍ෂ සියල්ල එකතුවෙලා කළ තීරණය අනුව එහෙම කතාවක්‌ නෑ.

ප්‍රශ්නය(- අවබෝධතා ගිවිසුම අත්සන් කරන්නේ කවුරුද?

පිළිතුර(- පක්‍ෂ නායකයින් තමයි ගිවිසුමට එළඹෙන්නේ.

ප්‍රශ්නය(- ජාතික ආණ්‌ඩුවක්‌ තිබුණොත් යළිත් මහ මැතිවරණයක්‌ එන්නේ අවුරුදු දෙකකට පසුවද?

පිළිතුර(- නෑ. මහමැතිවරණයක්‌ කිසිසේත්ම කල් දාන්න බෑ. 2016 අප්‍රේල් වෙනකොට මහ මැතිවරණයක්‌ තියන්නම ඕනේ. එතැනදී මේ 2016 මැතිවරණයෙන් පසුව අවුරුදු දෙකක්‌ පමණ ජාතික ආණ්‌ඩුවක්‌ තියේවී.

ප්‍රශ්නය(- ආණ්‌ඩුවෙන් තව කී දෙනෙක්‌ එනවද?

පිළිතුර(- එන අය එයි. පොඩ්ඩක්‌ බලා ඉමු. ඒ අය එනකන් අපේ මැතිවරණ ව්‍යාපාරය ශක්‌තිමත් කළ යුතුයි. ආණ්‌ඩුවමයි කිව්වේ 60 ක්‌ එනවා කියලා. පසුව කියනවා කෝ ආවේ නැහැ කියලා. අපි නම් කවදාවත් එන ගණන කිව්වේ නෑ.

ප්‍රශ්නය(- ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා කිව්වා 60 දෙනෙක්‌ පමණ එනවා කියලා.

පිළිතුර(- 60 ක්‌ නොවෙයි ඊටත් වඩා විශාල ප්‍රමාණයක්‌ ආණ්‌ඩුව ගැන කලකිරීමෙන් සිටිනවා. ඒ අය දැන්ම එයිද පස්‌සේ එයිද දන්නේ නෑ. පාර්ලිමේන්තුවේ විතරක්‌ නොවෙයි ඉන් පිටතත් හොඳ හොඳ සෙල්ලම් පෙනේවී.

ප්‍රශ්නය(- ඔය කියන විදිහට ආණ්‌ඩුවක්‌ හැදුවම පොදු අපේක්‍ෂකයාට මොකද වෙන්නේ?

පිළිතුර(- පොදු අපේක්‍ෂකයා මේ රටේ ජනාධිපතිවරයා. ඔහුට විධායක බලතල නොවුණත් යම් යම් බලතල තියෙනවා. ඒ බලතල එක්‌ක යන්නේ. අපි එතුමාව පාපිස්‌සක්‌ කරන්නේ නෑ.
 





No comments:

Post a Comment