Dec 1, 2014


29 Nov 2014

video: මහින්ද ෆයිල් හකුළාගනී

මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිටත් දැවැන්ත පරාජයකට ඇද වැටී නිදහසට කරුණු කීමේ උත්සාහයක නිරතව සිටින බව පෙනී යන්නේ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පසුගිය සිකුරාදා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමත් සමග දැවැන්ත ප්‍රහාරක ස්වරූපයකින් තම බලය පිළිබඳව මවා පෑමට උත්සාහ කළ මහින්ද රාජපක්ෂ මහතා සියලුදෙනාගේ ෆයිල් තමා ලඟ ඇති බව තර්ජනාත්මකව ප්‍රකාශ කිරීමට තරම් ඉදිරිපත් විය.
නමුත් මේ වනවිට එම ප්‍රහාරාත්මක ස්වරූපය පසෙක තබා නිදහසට කරුණු කීමේ තත්වයක් දක්වා මාරු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි. මේ බව තහවුරු කරන්නේ ඊයේ (29) මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති මහා සංඝරත්නය රැස්කළ හමුවකදී ප්‍රකාශයක්ද පදනම් කර ගෙනය.

No comments:

Post a Comment