Dec 16, 2014

16 Dec 2014
"පොලිසියට නොපෙනෙන කටවුට්‌ මම පෙන්වන්නම්"- මැ කො කියයි
ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රදර්ශනය කර ඇති නීති විරෝධී පෝස්‌ටර්, බැනර් සහ කටවුට්‌ පොලිසියට නොපෙනෙන්නේ නම් ලබන 18 වැනිදා සිට ඒවා පෙන්වා දීමට මැතිවරණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා "දිවයින" ට පැවසීය. මේ පිළිබඳව සොයා බලා පියවර ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව කණ්‌ඩායම් කිහිපයක්‌ රට පුරා යෙදවීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම කීය.
මැතිවරණ කොමසාරිස්‌වරයා වශයෙන් සියලු අපේක්‍ෂකයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා තමන්ට ගත හැකි සෑම පියවරක්‌ම අනුගමනය කරන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.
...............
http://www.divaina.com/2014/12/16/news04.html

දරුණු මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා 37 ක්‌  වාර්තා වී තිබෙනවා
නීතිඥ ශිරාල් ලක්‌තිලක
මෙවර ජනාධිපතිවරණයේ මේ වන විට දරුණු ගණයේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා තිස්‌හතක්‌ වාර්තා වී ඇතැයි ද ඉන් සිද්ධීන් දහයක්‌ම වෙඩි තැබීම් හා බෝම්බ ගැසීම් යෑයිද නීතිඥ ශිරාල් ලක්‌තිලක මහතා පොදු අපේක්‌ෂක ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ (14 වැනිදා) පැවැසීය.
විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් සෑම පළාතකටම යවමින් ජනතාව මානසික පීඩනයට ලක්‌ කිරීමට පටන්ගෙන ඇතැයි ද ඔහු පැවැසීය.
මීට අමතරව ආරක්‌ෂක අංශ නිලධාරීන් සිවිල් ඇඳුමින් සෑම පළාතකටම යවා ඇතැයිද ඒ අයගේ නම් ලැයිස්‌තුව තමන් සතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය. එවැනි වැරදි ක්‍රියාමාර්ගවල නිරතවන නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නා බවද හේ කියා සිටියේය. හමුදා නිලධාරීන් ලවා පන්සල්වල ධර්මදේශනා සංවිධානය කරමින් දේශපාලන රැස්‌වීම් පවත්වන තත්ත්වයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැතිවරණ ව්‍යාපාරය බංකොලොත් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය

http://www.divaina.com/2014/12/16/news14.html

No comments:

Post a Comment