Dec 16, 2014

16 Dec 2014
පක්‌ෂග්‍රාහී නිරීක්‌ෂකයන් උසාවියට 
ශ්‍රීලනිප මහ ලේකම් කියයි
පක්‍ෂග්‍රාහිව කටයුතු කරන බවට හඳුනාගෙන ඇති මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට එරෙහිව වහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (15 වැනිදා) සඳහන් කළේය.
මෙරට ක්‍රියාත්මක වන එවැනි සංවිධාන ගණනාවක්‌ මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරි දින
පක්‌ෂග්‍රාහී නිරීක්‌ෂකයන් කිහිපය ඇතුළත එම සංවිධානවලට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට පක්‍ෂග්‍රාහි ලෙස කටයුතු කිරීමේ අයිතියක්‌ නොමැති බව සඳහන් කළ ශ්‍රීලනිප මහ ලේකම්වරයා ඇතැම් මැතිවරණ නිරීක්‍ෂකයින්ට එම තනතුරුවලට සේවය කිරීමට සුදුසුකම් නොමැති බවත් පැවැසීය.
විදෙස්‌ රටවලින් මුදල් ලබා ගැනීම වෙනුවෙන් එම සංවිධාන ආණ්‌ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් වත්මන් රජය කිසි ලෙසකින් හෝ නීතියට පිටුනොපාන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හෙතෙම ඊයේ (15 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

http://www.divaina.com/2014/12/16/news01.html

No comments:

Post a Comment