Dec 11, 2014

10 Dec 2014   news
බරපතළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල 
වගකීම පළාත භාර පොලිස්‌ ලොක්‌කාට
ජනාධිපතිවරණයේදී මිනිස්‌ ඝාතන හෝ බරපතළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවූවොත් එහි සම්පූර්ණ වගකීම අදාළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා (එස්‌. ඩී. අයි. ජී.) විසින් භාරගත යුතු බවට පොලිස්‌පතිවරයා ලිතව නියෝග කර ඇත.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ගිනි අවි රැගෙන යන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්‌පතිවරයා එක්‌ එක්‌ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ ලබා දී තිබේ.
එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටින පුද්ගලයන් සහ වාහනවල අවි ආයුධ තිබේදැයි සොයා දිගින් දිගටම පරීක්‍ෂා කරන ලෙස ද පොලිස්‌පතිවරයා පොලිසිය වෙත උපදෙස්‌ ලබා දී ඇත.
පසුගිය 2010 ජනාධිපතිවරණයේදී මිනිස්‌ ඝාතන 6 ක්‌ සිදුවූ බවත් මෙවර මැතිවරණයේදී කිසිදු මිනිස්‌ ඝාතනයක්‌ සිදු නොවීමට වගබලා ගතයුතු බවත් දන්වමින් පොලිස්‌පතිවරයා සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට ලිතව දැනුම් දී ඇත.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක වන කාලසීමාවේදී හදිසි මාර්ග බාධක යොදා වාහන සහ සැකකටයුතු පුද්ගලයන් පරීක්‍ෂා කිරීම පොලිස්‌ ස්‌ථාන මට්‌ටමින් සිදු කිරීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කරමින් සිටියි.
එමෙන්ම රාත්‍රි මුර සංචාර වැඩි කිරීම සහ ජංගම සංචාර, සෝදිසි කිරීම් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ද පොලිසිය සැලසුම් කර ඇත.

http://www.divaina.com/2014/12/10/news03.html

රට පුරා ඉදිකර ඇති කටවුට්‌ බැනර් මැද
පොලිසිය හිරවෙයි

http://www.divaina.com/2014/12/10/news02.html

No comments:

Post a Comment