Dec 20, 2014

19 Dec 2014
තුරේ හමුදා පාලනයක්‌  
ඇති බවට සම්බන්ධන් කියන කතා 
චම්පික රණවක ස්‌ථිරකර තිබෙනවා
ආචාර්ය ගුණදාස අමරසේකර
හෙළ උරුමයත් ජවිපෙත් දෙකම 
අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරනවා
වෛද්‍ය වසන්ත බණ්‌ඩාර


උතුරේ හමුදා පාලනයක්‌ තියෙනවා, ඒකට විරුද්ධව නැගී සිටින්න යෑයි සම්බන්ධන් මහත්මයා, විග්නේෂ්වරන් මහත්මයා කියන කාරණා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා දැන් ස්‌ථිර කර තිබෙන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
"හමුදා පාලනයට තිත තැබීමට ඇති අවසාන අවස්‌ථාව මෙයයි. රාජ්‍ය මාධ්‍ය, රජයේ සේවකයන් මැතිවරණ සඳහා යොදා ගන්නවාට අමතරව දැන් හමුදාව ව්‍යාප්ත කිරීමත් කරගෙන යනවා. විරුද්ධ පක්‍ෂයේ රැස්‌වීම්වලට වගේම මාධ්‍ය සාකච්ඡාවලටත් බුද්ධි අංශ සාමාජිකයන් යොදවනවා. ජනතාවගේ සහය ලැබිය යුත්තේ කාටද යන්න ජනතාව තීන්දු කළ යුතුයි. නමුත් ඒ සඳහා හමුදාව විසින් බලපෑම් කරනවා." මෙය හමුදා පාලනයක්‌ ඇති කිරීම සඳහා වු ලක්‍ෂණ බවට පාඨලී චම්පික රණවක මහතා දෙමළ පුවත්පතකට ප්‍රකාශ කර තිබෙන බව ඊයේ (18දා) පෙරවරුවේ බොරැල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමරසේකර මහතා කියා සිටියේය.
චම්පික රණවක මහතා මේ කියන්නේ මොකක්‌ද? සමබන්ධන් මහත්මයා විග්නේෂන්වරන් මහත්මයා කියන දේ මේ අය ස්‌ථිර කරනවා. උතුරේ හමුදා පාලනයක්‌ තියෙනවා, ඒකට විරුද්ධව නැගී සිටින්න යෑයි දැන් රණවක මහතා දෙමළ ජනතාවට කියා සිටිනවා යෑයිද අමරසේකර මහතා පැවසීය.
http://www.divaina.com/2014/12/19/news31.html



මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාá පාඨලී චම්පික රණවක මහතා බොහොම සූක්‍ෂම ලෙස තමයි මේ ටික කියන්නේ. ජනතාවගේ සහය ලැබිය යුත්තේ කාටද යන්න ජනතාව තීන්දු කළ යුතු බව කියමින්, මෙන්න දැන් රටේ උතුරේ තියෙන හමුදා පාලනය තව ව්‍යාප්ත කරනවා, මේකට විරුද්ධව කටයුතු කරන්න, ඡන්දය දෙන්නැයි දෙමළ ජනතාවට වහෙන් ඔරෝ භාෂාවෙන් කියනවා.

චම්පික රණවක නමැති මහා සිංහල බෞද්ධයාගේ කටින් මේ වචන ටික පිටවෙන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහල බෞද්ධයෙක්‌ වුණාට උඹල බය වෙන්න එපා, අපි ඉන්නවා ඔබ වෙනුවෙන් කියලා රණවක මහතා කියනවා. මේක තමයි කුමන්ත්‍රණය. අපි හිතනවා රටේ ජනතාව ඉදිරි දවස්‌වලදී මේ කුමන්ත්‍රණය හොඳින් තේරුම් ගනීවි කියලා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාá

හෙළ උරුමයේ ඉන්න සිවුරුදාගත් රෝ සංවිධානයේ ඔත්තුකරුවා හෙළ උරුමයේ පීල්ල පැන්නුවා. හෙළ උරුමයේ විවිධ න්‍යායපත්‍ර ඉදිරියට දාලා ආපසු හැරෙන්න බැරි ගමනකට හෙළ උරුමය මේ ඔත්තුකරුවා පත් කළා. දැන් ඒ වැරදි පාරෙ යන ගමන් මේ යන පාර හරි කියමින් තමන්ට බාරදුන් කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිsටිනවා.

2005 වසරේ රටේ ජාතික බලවේගයට දායකවූ ජාතික බලවේග ක්‍රියාත්මක කරන්න කටයුතු කළ බලවේග දෙකක්‌ අවසානයේ දැන් මොකක්‌ද කරන්නේ? ශ්‍රී ලංකාවේ ජාතික බලවේගය වෙන් කරලා සම්පූර්ණයෙන්ම අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට ඕනෑ තැනට රට තල්ලු කරනනවා. ජවිපෙ ඡන්දයට මැදිහත් නොවන බව පෙන්වමින් තමන්ගේ භූමිකාව ඉටු කරනවා. දැන් හෙළ උරුමයත් ඒ භූමිකාවම කරනවා. මේ පක්‍ෂය දෙකම පීලි පන්නලා අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන තැනට ගෙනල්ලා තිබෙනවා.

චම්පික රණවක මහතා දෙමළ පුවත්පත්වලට කරන ප්‍රකාශවලින් ඒ බව පැහැදිලිව දැන් පෙන්නුම් කරනවා ඔවුන් භාරගත් කොන්ත්‍රාත්තුව ඉටු කරන බව. චම්පික රණවක මහතාට බාරදී තිබෙන කොන්ත්‍රාත්තුව තමයි සුළු ජාතික ඡන්ද පදනම අවුල් නොකර ජාතික බලවේගය අවුල් කරන්නේ කොහොමද කියන කාරණය. ජාතික බලවේගයේ නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාට පහර දෙන්න යොදා ගන්නා හෙළ උරුමයේ චම්පික රණවක මහතාව. එතුමා හිටපු ආණ්‌ඩුවේ කතා නොකරපු දූෂණ වංචා දැන් ඉතා ප්‍රබල ලෙස මතු කරනවා. මේ කරන්නේ ජාතික බලවේග අවුල් කරන භූමිකාවයි. චම්පික රණවක මහතාගේ මේ භූමිකාව දැඩි ලෙස හෙළා දකිනවා.

No comments:

Post a Comment