Dec 20, 2014

19 Dec 2014
ගුරු සංගමේ පැමිණිල්ල ලැබුණේ පස්සෙලු
ජනපතිවරණය අවසන්වනතුරු මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිය දී අද (19) පාසල් කිහිපයක විද්‍යාගාර විවෘත කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ද විද්‍යාගාරයක් විවෘත කළ බවත්, ජනපතිගේ රුව සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරමින් නිවාඩු කාලයේ දේශපාලකයන් ගෙන්වා එම උත්සවය පවත්වා ඇති බවත්, වැඩසටහන පැවැත්වීමට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවට දැන්වුවත් එය වැලැක්වීමට පියවරක් ගෙන නැති බවත් ස්ටාලින් මහතා කීවේය.
නිවාඩු කාලයේ පාසල්වල මහින්දෝය විද්‍යාගාර විවෘත කරන්නේ ජනාධිපතිවරණයට ප්‍රචාරයක් ලබා ගැනීමට විනා වෙන දේකට නොවන බවත් ඔහු පැවසීය.
මේ ගැන කළ විමසීමක දී ගම්පහ තේරීම්භාර නිලධාරී හා මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ පරිගණක විද්‍යාගාර විවෘත කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ල ලැබුණේ උත්සවය අවසන්වූ පසු බවයි

No comments:

Post a Comment