Nov 25, 2014


24 Nov 2014 - JVP

video: ඒකාධිපති පාලනයට එරෙහිව පුළුල්ම මැදිහත්වීම කරනවා

කාධිපති පාලනය පැරදවීම වෙනුවෙන් ගොඩනගන පුළුල්තම මැදිහත්වීම සිදුකිරීමටත් එය ජනාධිපතිවරණය පවත්වන දිනයෙන් අවසන් නොවන එයින් ඔබ්බට යන පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම දක්වාත් ඉන් දිරියට සිදුකරන ජනතා පෙලගැස්මක් දක්වා කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ වත්මන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ක්‍රියාකාරීත්වය පැහැදිළිකරමින් අද (24) පෙරවරුවේ පැවති මාධය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක මහතා පැවසීය.
බත්තර මුල්ල පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැමති එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතාද සහභාගී වූ අතර තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා...
"දැන් ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. මේ ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධීනීති විරෝධී එකක් විදියටයි අපි සලකන්නේ. ව්‍යවස්ථාව අනුව රාජපක්‍ෂ මහතාට යළි කිසිදු දිනෙක ජනාධිපතිවරණයකට තරඟ කරන්න බැහැ. ඒ වගේම ඔහුගේ දෙවන ධුර කාලයට වසර 4ක් පිරුණු පසුව ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බවත් ව්‍යවස්ථානුකූලව පැහැදිළියි. නමුත් මහින්ද රාජපක්‍ෂ උපක්‍රමශීලීවඉතාම සටකපට ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් ලබාගෙන තිබෙනවා. ඒ මතය කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ.
අපි හඳුනාගන්නා ලෙස අපේ රට ප‍්‍රධාන අර්බුද 5ක ගිලී තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස පිළිබඳ ප‍්‍රශ්නය පළමුව මතුවී තිබෙනවා. දෙවනුව ආර්ථිකයේ මහා කඩාවැටීමක් මතුවී තිබෙනවා. ආර්ථිකයේ අත්පත්කරගන්නා ප‍්‍රතිලාභ ජනතාව අතරට සාධාරණව නොයෑමේ තත්වයක් මතුවී තිබෙනවා. ඒ නිසා බොහෝ ජන කණ්ඩායම් අධ්‍යාපනයේදීසෞඛ්‍යයේදී එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේදී මහා විෂමතාවයකට ලක්ව තිබෙනවා. විශාල ජනතාවකගේ ජීවිත අර්බුදයකට ලක්ව තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ සමානාත්මතාවය වෙනුවෙන් අපට මැදිහත්වීමට සිදුවී තිබෙනවා. සිව්වනුව අපේ රටේ සිංහල,දෙමළමුස්ලිම්බර්ගර්මැලේ ජන කොට්ඨාශ අතර සහජීවනය ගොනැගිය යුතුව තිබෙනවා. විශාල වශයෙන් ඉහවහා ගිය වංචාවදූෂණය පිටුදැක යහපාලනය උදෙසා වූ අරගලයක් සඳහා මැදිහත්විය යුතුව තිබෙනවා. අවසාන වශයෙන් ජාත්‍යන්තරව මහා හුදකලා තත්වයකට පත්කර තිබෙන රට මුදවා ගත යුතුව තිබෙනවා. වෙනදාට වඩා ලෝකය සමීප වී තිබියදී ඒ සමීප ලෝකය ඇතුලේ අපේ මාතෘභූමිය හුදකලා වීමේ අනතුරකට ලක්ව තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේ දස වසරකට ආසන්න කාලය ඇතුළත පෙන්නුම් කරමින් තිබෙන්නේ අපේ රටේ ක්ෂේත‍්‍ර ගණනාවක් අර්බුදයකට ඇදදමා තිබෙන බවයි.


මෙය තනිකරම රාජපක්‍ෂ මහතාගේ දුබලකමක් ලෙස අපි සළකන්නේ නැහැ. රාජපක්‍ෂ පවුල් පාලනය,ඔවුන්ගේ ප‍්‍රතිපත්තිඔවුන් අනුගමනය කරමින් සිටින ක‍්‍රියාමාර්ග මෙම අර්බුදය තීව‍්‍ර කරන්න බලපා තිබෙනවා. මෙම අර්බුදයන්ගෙන් අපේ රටත් රටේ ජනතාවත් මුදවලා ඉදිරියට ගෙනයාමට නම් මේ තත්වය මුළුමනින්ම පරිවර්තනය කිරීමේ කි‍්‍රයාමාර්ග අවශ්‍යයයි. ඒ පුළුල් සමාජ පරිවර්තනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා.
පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා යන ගමනේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එම ව්‍යූහයන් ශක්තිමත් කිරීමට සහ ප‍්‍රතිසංස්කරණ සඳහා කළ යුතු අරගලයකට අප මැදිහත්විය යුතුව තිබෙනවා. ඒ ගමනේදී වර්තමාන රාජපක්‍ෂ පාලනය කිසිසේත්ම එයට මැදිහත් නොවන බව තහවුරු වී අවසන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අටවා ගන්නා ආයතන පවා අද රාජපක්‍ෂ තම ගිලටීනයට හසුකරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව මුළුමනින්ම රාජපක්‍ෂගේ අණසකට යටත් කරනලද ආයතනයි. අධිකරණයෙන් ඉඩම් නඩුවක් විසඳීම වගේ සරල ප‍්‍රශ්නයකට සාධාරණ තීන්දුවක් ලබාගත හැකිවේවි. නමුත් දේශපාලනය සම්බන්ධයෙන් කිසිසේත්ම අවම හෝ සාධාරණයක් ලබාගත නොහැකියි. අගවිනිසුරුවරිය නෙරපා හැරීමතවත් විනිසුරුවරුන් පත්කිරීම,ඇතුළු බොහෝ කටයුතුවලදී එතෙක් තිබුණු සම්ප‍්‍රදායන් නීති ඇතුළු බොහෝ දේ පසෙකලා තමන්ගේ අණසකට යටත්කරන ලද අධිකරණ පද්ධතියක් රාජපක්‍ෂ ගොඩනගා තිබෙනවා. ඒවගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමේදීමාධ්‍යයට ලැබිය යුතු නිදහසට අද සිදුව තිබෙන්නේ කුමක්දවිටෙක මාධ්‍යයට පහර දෙනවා. තව විටෙක මාධ්‍යය මිලදී ගන්නවා. තව විටෙක මාධ්‍යයට වරදාන දෙනවා. තම අණසකට යටකරන ලද මාධ්‍ය කලාවක් රාජපක්‍ෂ පවත්වාගෙන යනවා. ව්‍යවස්ථාව කඩලාව්‍යවස්ථාව උල්ලංඝණය කරලා රාජපක්‍ෂ නැවත නායකයා වීමට දරන උත්සාහයේදී දැන් වේදිකාවේ කරන ප‍්‍රකාශවලින් කියවෙන්නේ මොකක්ද?මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම මර උගුලක් බව පවසනවා. ෆොන්සේකාට වෙච්චි දේ වෙන්න පුළුවන් බව කියනවා. මේ සියල්ලෙන් පැහැදිළි වන්නේ රාජපක්‍ෂ ඒකාධිපති පාලනයක් දක්වා ගමන් කරමින් සිටින බවයි. ඒ නිසා මේ මැතිවරණයෙදී මේ ඒකාධිපති පාලනය පැරදවීම වෙනුවෙන් අපේ පුළුල්ම මැදිහත්වීම කරනවා.
අපේ මේ මැදිහත්වම ජනාධිපතිවරණය පවත්වන දිනයෙන් අවසන් වන කි‍්‍රයාමාර්ගයක් නෙවෙයි. එයින් ඔබ්බට යන පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් දැනුවත් කිරීමේ රැලි ගණනාවක් සූදානම් කර තිබෙනවා. මේ සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ක‍්‍ර‍්‍රියා කරන බුද්ධිමතුන්නීතිවේදීන්කලාකරුවන් ඇතුළු පුළුල්තම පෙරමුණක් අපි ගොඩනගනවා. ඇත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මැදිහත්වීම දැනටමත් අපි කරගෙන යනවා. ඡන්ද ව්‍යාපාරය තුළ එය තවදුරටත් පුළුල් කරමින් ඉදිරියට ගෙනයා යුතුයි. කවර හෝ ජනාධිපතිවරයෙකුගේ යටතේ මෙම ජයග‍්‍රහණ ලබාගැනීමට වඩා වැඩි ඉඩකඩ තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ මෙම ප‍්‍රයත්නය කි‍්‍රයාවට නැගීමෙන් බව පැහැදිළියි. ඒ නිසා කව්රු ජනාධිපති වුවත් ඉක්මන් මැතිවරණයක් ඒමේ ඉඩකඩ තිබෙනවා. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කි‍්‍රයාකරන බලවේගයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න අවශ්‍යයයි. ජනාධිපතිවරණය සඳහා අපේ කි‍්‍රයාකාරිත්වය පාර්ලිමේන්තු මැතිවරණයත් ඉලක්ක කරගත් අඛණ්ඩ ක‍්‍රියාකාරිත්වයක්. මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසළකා ඡන්දපොලේදී කතිරය ගසා අවසන් කරන දෙයක් වෙනුවට පුළුල් ජනතා කි‍්‍රයාකාරිත්වයක් සඳහා ශක්තිමත් පෙරමුණක් ගොඩනගනවා. දෙවනුව පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා යන පියවරකට ඔසවා තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සැළසුම් සකස්කර අවසන්. එය කි‍්‍රයාත්මක කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරනවා. ඒකාධිපති ගමනක් කරා යන මේ පාලනය පළවා හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඉඩකඩ පුළුල්කර ගැනීමට උපරිම කි‍්‍රයාමාර්ග මේ ජනාධිපතිවරණයේදී අපි ගන්නවා."
මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...
"1978 මේ විධායක ජනාධිපතිධුරය නිර්මාණය කළදා සිට එයට එරෙහිව ප‍්‍රබලම මතයක වගේම කි‍්‍රයාකාරිත්වයක අපි අඛණ්ඩව නියැළී සිටියා. 1982 පළමු ජනාධිපති මැතිවරණය කැඳවීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල්කර ගැනීම සඳහා වූ ක‍්‍රියාකාරිත්වයක අප සිටියා. ඒ වගේම අප පක්‍ෂය තහනම් කර තිබියදීත් ඒ කි‍්‍රයාකාරිත්වය ඉදිරියට ගෙන ගියා. ඒ වගේම 1994දී ඉතාමත්ම අසීරු තත්වයන් තුළ සකී‍්‍රය දේශපාලනයට පිවිසෙමින් චන්ද්‍රිකා මැතිණිය සමඟ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ එකඟත්වයකට පැමිණියා. 2005දී මහින්ද රාජපක්‍ෂ මහතා සමඟත් එවැනිම එකඟතාවයකට පැමිණියා. 2010 දීත් අප කි‍්‍රයාකළේ විධායක ජනාධිපතිධුරය අහෝසි කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමටයි. දැන් ඇතිවී තිබෙන ප‍්‍රශ්නය තමයි හැම මැතිවරණයකදීම දුන් පොරොන්දු කඩ කිරීමෙන් ඇතිවූ තත්වය. ඒ නිසාම තමයි අපි කියන්නේ මැතිවරණ ව්‍යාපාරයේ වේදිකාවේ කරන කථාවෙන් ඔබ්බට ගිය කි‍්‍රයාකාරිත්වයක් අවශ්‍ය බව. ඡන්දය දීලා ජනතාව නරඹන්නෝ බවට පත්වීම වළක්වාසක‍්‍රීය කි‍්‍රයාකාරිත්වයකට ජනතාව පෙළගැස්වීම අපේ අරමුණයි. හැමදාම සිදුවුණු ඡන්දය දී බලා ඉඳීමේ කි‍්‍රයාකාරිත්වය බිඳ දැමීමට අපි කි‍්‍රයාකරනවා.
ඒ ගොල්ලෝ නීති විරෝධී ඡන්දයක් පවත්වන ගමන් අපිට කියනවා නීති විරෝධී නම් ඉදිරිපත් නොවී ඉන්න කියලා. ඒක හරි අපූරු හතර බීරි කතාවක්. හොර වැඩේ කරලා හොරට ඉන්න ඉඩ දෙන්න කියලත් කියනවා. අපි මුලින්ම කිව්වේ ඔය නීති විරෝධී වැඩේ නතර කරන්න කියලා. ඒගොල්ලෝ නීති විරෝධීව්‍යවස්ථා විරෝධී වැඩේ කරලා අපිට පැත්තකට වෙලා ඉන්න කියනවා. ආණ්ඩුවේ ඇමතිවරුන් අද පත්ව සිටින දේශපාලන බංකොළොත්භාවය තමයි මෙයින් ප‍්‍රකාශයට පත්වෙන්නේ. නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධීව කැඳවා තිබෙන ජනාධිපතිවරණයේදී අපට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඒකාධිපති පාලනයක් සඳහා තිබෙන ගමන වැලැක්වීම සඳහා කි‍්‍රයාකිරීමේ අවශ්‍යතාවය අපි හමුවේ තිබනවා. අපි කරමින් ඉන්නේ ඒ කාර්යභාරය.
අපි ඉතා වගකීමකින් කියන්නේ කිසි කෙනෙක් පිළිබඳ වගකීමක් අප බාරගන්නේ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. ඔය මැතිවරණ කි‍්‍රයාවලියේ ප‍්‍රධාන පාර්ශ්වය අපි නෙවෙයි. ප‍්‍රධාන පාර්ශ්වය අපි නෙවෙයි නම් ඒ කි‍්‍රයාකාරිතවයට මුළුමනින්ම වගකියන්න අපිට බැහැ. ඒ නිසා මේ අවස්ථාව උපයෝගී කරගෙන ඒකාධිපති පාලනයට එරෙහිව මතය ගොඩනගලා ජනතාවට තමන්ගේ ඡන්දය ප‍්‍රකාශ කරන්න ඉඩ විවෘත කර තබනවා. රාජපක්‍ෂ මහත්තයා අවසන් මොහොත දක්වා උත්සාහ දරනවා තමන්ගෙන් බලය ගිලිහී නොයාමට වගබලා ගන්න. දැනටමත් වෙඩි තැබීම් දෙකක් කර තිබෙනවා. මෙයින් කියවෙන්නේ මේ මැතිවරණ ව්‍යාපාරය අතිශය ප‍්‍රචණ්ඩකාරී දිශාවකට ගෙනයමින් සිටින බවයි. පවුල සහ පවුල වටා ඉන්න කල්ලියට බලය ගිලිහී යාමෙන් වළක්වා ගැනීමට සියල්ල කිරීමට පසුබට නොවන බව අපි දන්නනවා.
අගමැති කව්ද කියලා තීරණය කරන්න කාටවත් බැහැ. ඒක තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන්. පාර්ලිමේන්තුවේ බහුතරයට පත්වෙන්නේ කව්ද ඒ ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා අගමැතිකම ලබාගන්න. අපි දන්නැහැ කව්රු අගමැති වෙයිද කියලා. දැනට පාර්ලිමේන්තුවේ තියෙන සම්ප්‍රදායට අනුව ඒ ඉඩකඩ විවෘත වී තිබෙනවා.
කව්රුන් හෝ අපේක්‍ෂකයෙක් දිනවීම වෙනුවෙන් එක වේදිකාවක සිටින ක්‍රයාවලියක අපි නැහැ. නමුත් මැතිවරණ සමය තුළදී යම් යම් තත්වයන් සමග එකට වැඩ කිරීමේ හැකියාව අපට තියෙනවා. උදාහරණයක් විදියට සාධාරණ මැතිවරණයක් දිනාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එකට වැඩකළ හැකියි. ප්‍රචණ්ඩකාරිත්වයට එරෙහිව යම් යම් අවස්ථාවල යම් යම් බලවේග සමඟ එකට ක්‍රියාකළ හැකිවේවි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කොටගත් සංවිධානබලවේගඑක්කරගත් අනන්‍යතාවය සහිත දේශපාලන ක්‍රියාකාරිත්වයක් අපි කරගෙන යනවා. ඒ හැර කිසිදු අපේක්‍ෂකයෙකු සමඟ කොන්දේසියක් අපිට නැහැ.
නිදහසේ පියාඹන්න ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ඉඩ දුන්නොත් රාජපක්‍ෂත් ඒ වටා සිටින කුඩා කල්ලියකුත් හැර වෙන කිසිවෙකුත් ඉතිරි වෙන්නේ නැහැ. අරලිය ගහ මන්දිරයේ සිටි මැකෝ ගිරවා පියාඹා ගියා වගේ සියලුම දෙනා පියාඹා යනවා. රාජපක්‍ෂ ජනාධිපතිවරයා කරන ප‍්‍රකාශ අනුව ඔහු ජනාධිපතිවරයෙක්ද යන්නත් අපට සැකයි. "මා ගාව ෆයිල් තියෙනවා. හැබැයි ඒ ගියපු අයට විරුද්ධව ඒ ෆයිල් ගන්නේ නැහැ." කියලා ඔහු කියනවා. හොරකම් කරපු බව දන්නවා. ඒ බව ඔප්පු කරන්න බඩු තිබෙනවා.ඒවා මම පුරවාගෙන ඉන්නවා. හැබැයි මම ඒවා එළියට ගන්නේ නැහැ. ගියපු අය වගේම ඉන්න අයගේ ෆයිලුත් තියෙනවා. මේකයි මේ කියන්නේ. මහ හොරාගේ ලක්‍ෂණය තමයි අනෙක් හොරු රකින එක. ප‍්‍රධාන හොරා ලොකු පංගුව ගන්න අතර අනෙක් හොරුන්ට කුඩා පංගුවක් නොදී සොරමුලකට රැකෙන්න බැහැ. අඩුම තරමින් අපේ රටේ තිබුණු හොරෙන් හොරකම් කිරීමේ ක්‍රමය පවා රාජපක්‍ෂ පාලනය උල්ලංඝනය කර තිබෙනවා. යුද්ධය අවසන් වෙලා පාර්ලිමේන්තු පිට්ටනියේ තිබුණු රැස්වීමේදී රාජපක්‍ෂ මහත්තයා කිව්වේ මගේ පළවෙනි පියවර යුද්ධය අවසන් කිරීම දෙවැනි පියවර වංචා දූෂණ අහෝසි කිරීම කියලා. හැබැයි අද ඔහු මොකක්ද කියන්නේගියපු අයගේ ෆයිල් මගේ ළඟ තියෙනවා හැබැයි මම ඒවා ගන්නැහැ කියනවා. අපිට අහන්න තියෙන්නේ ඒවා තියාගෙන ඉන්නේ බම්බු ගහන්නද කියලා. මේ තරම් විකෘති මානසිකත්වයක් තියෙන පාලකයෙක් ඉතිහාසයේ බිහිවෙලා නැහැ කියලයි අපිට කියන්න තියෙන්නේ.
අපේ ස්ථාවරය හරිම පැහැදිළියි. ජනතාවට ප‍්‍රශ්නයක් වෙන එකකුත් නැහැ. "ඒකාධිපති වියරුව පරදවමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!" අපේ මේ ස්ථාවරය සාම්ප‍්‍රදායික පෙළගැස්මෙන් ඔබ්බට ගිය එකක්. මේ දක්වා කළේ කවුරුන් හෝ පාලකයෙක් පළවා හරින්න ඡන්දය ප‍්‍රකාශ කිරීම විතරයි. අපේ මේ ස්ථාවරය හරිම පැහැදිළිව කියලා තියෙනවා. ඒකාධිපති වියරුව පැරදවීමෙන් පමණක් නොනැවතී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසීමත් අපේ අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ අරමුණ ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන්. මහින්ද රාජපක්‍ෂට ඡන්දය දෙන්න එපා කියන එක අපි නිශ්චිතව කියනවා. ඒක කොහේවත් සඟවලා නැහැ. ඒකාධිපති වියවරුව පරදවමු කියලා කියන්නේ රාජපක්‍ෂට දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම් රාජපක්‍ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය ගහන්න කියන එකයි අපි කියන්නේ. හැබැයි එතැනින් නතර වෙන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් පෙළගැහෙන්න කියල කියන එකත් ඒවගේම ප‍්‍රබලයි." VIDEO

No comments:

Post a Comment