Nov 28, 2014

27 Nov 2014 - Bodu Balaya

බොදුබලය ජනපති මහින්දට සහාය දෙයි 

බොදුබලය ජනපති මහින්දට සහාය දෙයි 


ඉදිරි ජනපතිවරණයේදී බොදු බල සේනා සංචිධානයේ සහාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානය මේ බව ප්‍රකාශ කර තිබේ.
පොදු අපේක්ෂක පරාජය කිරීමට රට පුරා යන බවත් එසේම මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවතත් ආණ්ඩුවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් එම සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියෝ පැවසූහ.
අප මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ දිනාගත් යුද ජයග්‍රහණය පරාජය කිරීමට කුමන්ත්‍රණයත් පවතින බවත් ඒ හේතුවෙන් දිනූ ජය රැකීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයක වේදිකාවකට තමන් සහභාගී නොවන බවත් නමුත් රටට එරෙහි කුමන්ත්‍රණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට බොදුබල සේනා සංවිධානය සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment