Nov 28, 2014

27 Nov 2014 - UNP

මේ ජනාධිපතිවරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අත්තනෝමතිකත්වය අතර සටනක් - එජාප

unp logo

‘මේ ජනාධිපති තරගය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ අත්තනෝමතිකත්වය අතර සටනකි. යහපාලනය සහ දූෂණය අතර සටනකි. නීතියේ ආධිපත්‍යය සහ දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී අපරාධ කිරීමට ඇති අයිතිය අතර සටනක් ' යනුවෙන් එක්සත් ජාතික පක්ෂය පවසයි.
එජාපය මේ බව පැවසුවේ අද (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එසේම එම පක්ෂය වැඩිදුරටත් පවසා සිටියේ ‘2015 දී එළැඹෙන ජනාධිපතිවරණය ඓතිහාසික වශයෙන් තීරණාත්මක සටනක් වන බව, හඳහන්වල නොව, මේ රටේ යහපත් සහ යුක්ති ගරුක ජනතා සිත්සතන්වල බොහෝ කාලයක් තිස්සේ ලියැවී තිබුනු' බවයි.
එම මාධ්‍ය නිවේදනය පහතින් පලවේ.

No comments:

Post a Comment