Nov 22, 2014


22 Nov 2014 - Vaasu

බරපතල පහරක්, ඒත් මගේ සහාය මහින්දට: වාසු

21 නොවැම්බර් 2014 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉවත්වීම බරපතල පහරක් සහ පාඩුවක් වුවත් ජනපතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහාය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයකුට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මැලිකමක් දක්වනු ඇති බව පවසන ජාතික භාෂා සහ ඒකාග්‍රතාවය පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර, විශේෂයෙන්ම සිරිසේන හිටපු අමාත්‍යවරයා මැතිවරණයේදී "බටහිර අධිරාජ්‍යවාදී, ප්‍රතිගාමී කඳවුර" නියෝජනය කිරීම ඔහුට අවාසියක් වනු ඇති බවත් සඳහන් කළේය.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තමාද විරුද්ධ නමුත්, "කඳවුර ආරක්ෂා කරගැනීම පිණිස" එයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව කිසිදු කණගාටුවක් නොමැති බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ.
මැතිවරණයෙන් ජයග්‍රණය කිරීමෙන් අනතුරුව දින 60 ත්, 100 ත් අතර කාලයක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂට බලපෑම් කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
දින 100 ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට විපක්ෂයේ පොදු අපේක්ෂකයාත් ප්‍රතිඥා දී තිබෙන්නේ නොවේ දැයි විමසූ විට අමාත්‍ය නානායක්කාර කියා සිටියේ හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මේ වන විට සිටින්නේ 'ජනතාවාදී බලවේග සමඟ නොවන' බවයි.......

No comments:

Post a Comment