Nov 22, 2014

21 Nov 2014  Raajitha speech 
 ‘රට හදන්න මෛත්‍රී රජ ගෙදරට‘
http://www.lankadeepa.lk/index.php/articles/277186
ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න කතා කරමින් පැවසුවේ රාජපක්ෂ සහෝදරුයන් සමඟ පෞද්ගලික ප්‍රශ්න නැතත් රට ගැන සිතා බැලීමේ කාලය උදාවී ඇති බවයි.
‘මේ මාධ්‍යවේදීන් පිරිවරාගන්නා විට මට සතුටක් ඇතිවනවා. මෙය තමයි. අපිට ලැබෙන එකම දේ මිනිසුන් ඉන්නවා  නම් අපිට වෙන මොනවත් ඕනේ නැහැ. අපි තරුණ කාලයේ සිට සටන් කරලා මේ තැනට ආවේ. මේ මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර  මේ රට ශිෂ්ඨචාර රටක් බවට අපි පත්කරනවා. බණ්ඩාරනායක වගේ අවිහිංසාවාදී නායකයෙක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති කරනවා. 1978 සිට ගෙන ගිය මේ සටන දවස් 100කින් අපි ඉවර කරලා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යළි පුවත්පත් සාකච්ඡාවක් කැඳවා මේ ජනාධිපති ක්‍රමය අහෝසිකළ බව අපි කියනවා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ පාප කර්මයෙන් අපි මිදෙන්න ඕනේ.
කිසිම අයකු රස්සාවෙන් අයින් කරන්නේ නැහැ. පොලිසිය පන්නන්නේ නැහැ. ඒ අයගෙන් අපි ඉල්ලනවා සදාචාර සම්පන්න රටක් අපි හදනවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගොඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහත්වරුත් අපිත් අතර  පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. අපි ආවේ අපි ගැන සිතා නොවෙයි. අපි ආවේ දේශපාලන ගමනක්. ඒ ගමනේ දී අපිට තනතුරු ලැබුණා. නමුත් අපි දැන් තවත් දේශපාලන ගමනක් යනවා. ඒ ගමනේ දී ජනතාව අපිට අවශ්‍යයි. මේ ගමනේ දී අපිට මඩ ගහවි චරිතය ඝාතනය කරාවි. අපි මරා දාවි. ඒ මොනවා කළත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරනවා. අපි මේවාට මුහුණ දී තිබෙනවා. කොටි ත්‍රස්තවාදයට වගේම මේ කුරිරු ජනාධිපති ත්‍රස්තවාදයටත් අපි මුහුණ දෙනවා.
මාධ්‍යයට මා එක දෙයක් කියනවා. අසාධාරණය අයුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඔබත් බය වෙන්න එපා. ඇතැම් පුවත්පත් ගැන අපි දන්නවා. සමාජය විනාශ කරන සූදු ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඒ නියෝග ක්‍රියාත්මක කරමින් පෑන හසුරුවන්න එපා. ඩී.බී.ධනපාල වැනි මිනිස්සු කවදාවත් සල්ලි වලට බලයට පෑන හැසිරුවේ නැහැ. ඔබත් එසේ කරන්න. අපි හැමෝම මේ අරගලයට යා යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහතා විශාල කැපකිරීමක් කළා. එතුමාට මේ අපේක්ෂකත්වය දෙන්න එතුමාගේ අය බලකරද්දී එතුමා එය පැත්තකින් තිවුවා. එතුමා ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයක් ගත්තා. මේ රටේ දැන් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග අපි එකතුවෙලා සාමූහික ගමනක් යනවා. මේ සඳහා සහය දුන් සියළු දෙනාට මා මගේ ප්‍රණාමය අපි සියළු දෙනා වෙනුවෙන් පිරිනමනවා.
මේ ටිකක් විතරයි. තව අය මග එනවා. එන සුමානෙත් තමුන්නාන්සේලාට පුවත් තියෙනවා. කෑල්ල කෑල්ල ටික ටික එනකොට තමයි තව තව කට්ටියට එන්න හිතෙන්නේ. මේ ගමන නවතින දෙයක් නොවෙයි. දිගටම යනවා. එතුරු වෙන්නේ කවුද කියා මට දැන්ම කියන්න බැහැ. ඉතිරිවෙන අය හොයාගන්නත් අමාරු වේවි. මේ සටන ඉවරකරන්නේ ලංකාවේ සියළු ගම් එකම තැනකට ගෙන එමින්. මේ විශාලම කැපකිරීම කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිම කාලයක් ලේකම් කමේ හිටපු මෙතුමා රජ ගෙදරට ගෙන ගොස් රට හැදීමයි අපේ පරමාර්ථය. ‘

No comments:

Post a Comment