Nov 23, 2014

22 Nov 2014  - චම්පික රණවක කියයි
අපි මුලින්ම බලන්නේමහින්ද නිවැරදි කරවා ගන්න
මේක මෙගා ඩීල්කාරයන්ට යටවුණ ආණ්‌ඩුවක්‌
ආණ්‌ඩුව සමඟ අපි සාකච්ඡා අත්ඇරල නෑ...
පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කියයි

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය රජය හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ මතවාදී විරසකයක සිටි බව අපි දන්නවා. එහෙත් ඔබලා ඇමැතිකම් අතහැර වගකීම්වලින් නිදහස්‌ව මේ වගේ තීන්දුවක්‌ ගනීවි කියල රටේ ජනතාව විශ්වාස කළේ නෑ. ඇත්තටම මොකද වුණේ

පිළිතුර - අපි 2005 දී එවකට සිටි අගමැති මහින්ද රාජපක්‍ෂට සහයෝගය දෙන්නට තීරණය කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක්‌ මතයි. ජාතික හෙළ උරුමය එහිදී 2005 සැප්තැම්බර් 09 වැනිදා සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළා. රටේ ඒකීයභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කර ගැනීම සඳහා එකඟව අත්සන් කළ ප්‍රකාශනයේ 07 වන කාරණය ලෙස තිබුණේ විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන ලෙස සංශෝධනය කරනවා කියන කරුණයි මැතිවරණ ක්‍රමය ආසන මට්‌ටමට හා අනුපාත මට්‌ටමේ සංයෝජනයකින් හදනවා කියන එකයි. ඒක නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීම කියන එක අද ඊයේ ආපු දෙයක්‌ නොවෙයි. මහින්ද රාජපක්‍ෂත් එදා කියපු සටන් පාඨයක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සටන් පාඨයක්‌. එහෙම නැතුව ඔය සමහර මාධ්‍යවල කියනවා වගේ එන්.ජී.ඕ. සටන් පාඨයක්‌ නොවෙයි. අපිට චෝදනා කරනවනේ මේ වෙලාවේ එන්.ජී.ඕ. සටන් පාඨ අරගෙන ආණ්‌ඩුවට විරුද්ධව පාවිච්චි කරනවා කියලා...........
http://www.divaina.com/2014/11/23/politics01.html

No comments:

Post a Comment