Jan 5, 2015

අනුර දිසානායක - රාජපක්ෂලා ඇමරිකාවේ පුරවැසියෝ - මේ අය කරන්නේ කොන්ත්‍රාත් එකක්

04 Jan 2015


රාජපක්ෂලා ඇමරිකාවේ පුරවැසියෝ - මේ අය කරන්නේ කොන්ත්‍රාත් එකක්
2015 ජනවාරි 04 වෙනි ඉරිදා, 15:41
''රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයටත් මේ රට එකට තියෙන්න ඕන නැහැ. ගෝඨාභය,බැසිල්, ඩලස්, චන්දිම රාසපුත‍්‍ර මේ රටේ ජීවත් වෙන්න බලාගෙන ඉන්න අය නෙවෙයි. එනිසා තමයි ඔවුන්ට ඇමරිකාවේ ගෙවල් තියෙන්නේ. ඇමරිකන් පුරවැසියෝ. ඔවුන් ලංකාවට ඇවිත් අවුරුදු 09ක් වෙනවා. එහෙත් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කළේ නැහැ. පුරවැසිභාවය අලූත්කරගන්න ඇමරිකාවට දුවනවා. මේ අය කරන්නේ කොන්ත‍්‍රාත් එකක්. ඒ කොන්ත‍්‍රාත් එකෙන් හම්බවෙන සල්ලි පාවිච්චි කරලා ඇමරිකාවෙන් දේපල ගන්නවා. ඒ අයගේ මව්බිම ඇමරිකාවයි. ඒ නිසා රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය මේ අයට ඕනෑ.'' යැයි අද (04) ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකශ කළේය.

එහිදී අනුර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
මේ ජනාධිපතිවරණය ගෙනාවේ ව්‍යවස්ථාවට, රටේ නීති රෙගුලාසිවලට, අණපනත්වලට පටහැනිවයි. ඒ නිසා මේ ජනාධිපතිවරණය නීති විරෝධියි. මෙම ජනාධිපතිවරණයට රාජපක්‍ෂ තරඟ වැදීමත් නීති විරෝධියි. ඒ වගේම මේ මැතිවරණයේදී රාජපක්‍ෂගේ කටවුට්, දන්සැල්, භාණ්ඩ බෙදීම්, බැලූවාම මේ මැතිවරණයට මොනතරම් මුදල් ප‍්‍රමාණයක් පොම්ප කරනවාදැයි රටේ ජනතාවට බලාගන්න පුළුවන්. අනුරාධපුර ආණ්ඩුවේ රැලියට ලංගම බස් විශාල ප‍්‍රමාණයක් යොදාගත්තා. මැතිවරණ නිලධාරීන් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ඒ ගැන ප‍්‍රශ්න කරද්දී බස්වලට කෝටි දෙකහමාරක් ගෙවු බව කිව්වා. අනුරාධපුරයේ සල්ගාදු පිට්ටනිය කෝටි ගාණක් වියදම් කරලා කොංකී‍්‍රට් කළා. රැලිය අවසන්වෙලා නැවත කෝටි ගාණක් වියදම් කරලා තණකොළ ඉන්දනවා. අපි මේරටේ ජනතාවගෙන් අහනවා රාජපක්‍ෂගේ එක ජනහමුවකට පමණක් කෝටි 7ක්-8ක් වියදම් කරන්න  ඕනැද? මේ තරම් ජනතා මුදල් ප‍්‍රමාණයක් මේ රාජපක්‍ෂ ජනාධිපතිවරයා නාස්ති කරනවා.
ඒ වගේම රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය විශාල ලෙස රාජපක්ෂගේ මැතිවරණයට යොදාගෙන තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය මුළුමනින්ම ශී‍්‍රලනිපයේ ශාඛා සමිතියක් බවට පත්කරගෙන. රාජපක්‍ෂගේ වර්ණනාව, ප‍්‍රතිපත්ති උත්කර්ෂයට නගමින් විපක්‍ෂයට විශාල ලෙස මඩ ගහමින් තිබෙනවා. දැන් ක‍්‍රමාණුකූලව ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් තිබෙනවා. විපක්‍ෂයේ වේදිකාවලට ගිණි තබමින්, වෙඩි තබමින් බම් මට්ටමේ සාමාන්‍ය ජනතාව භීතියට පත්කරමින් තිබෙනවා. ඊයේ අම්බලංගොඩදී අපේ පක්‍ෂයේ සාමාජිකයෙකුට පහර දී නිවසට අලාභහානි කරලා තිබෙනවා.

http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13489:2015-01-04-10-29-20&catid=36:2011-10-17-04-27-38&Itemid=72

රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අලූතින් කියන්න දෙයක් නැහැ. ඔහුගේ එකම ඡන්ද ව්‍යාපාරය විපක්‍ෂයට මඩ ගැසීම පමණයි. රනිල්-මෛතී‍්‍ර හොර ගිවිසුම ගැන කියන්න පටන් ගත්තේ ඒ නිසයි. මෙම ගිවිසුම ආණ්ඩුව විසින් සකස් කරන ලද ආණ්ඩුවේම අය අත්සන් කරන ලද ආණ්ඩුව විසින් ප‍්‍රසිද්ධ කරන ලද ඒවා. ඒ වගේම ආණ්ඩුවෙන් ඉවත්වුණු අයගේ පරණ කතා යොදාගෙන දැන්වීම් ප‍්‍රචාරය කරමින් විකාර සහගත ඡන්ද ව්‍යාපාරයක් ගෙනියනවා. පරණ කතා යොදාගන්නවා නම් දැන් ආණ්ඩුව ඇතුළේ ඉන්න ගොඩක් අය මහින්ද ගැන කියපු ඒවා තියෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල, වීරවංශ මහින්ද රාජපක්‍ෂ විවේචනය කරපු කතා තිබෙනවා. ඒකෙන් පේනවා මහින්ද රාජපක්‍ෂ වැටිලා ඉන්න තැන.

ඒ වගේම වෙන කවරදාටත් වඩා ති‍්‍රවිද හමුදාව රාජපක්‍ෂගේ මැතිවරණ ව්‍යාපාරයට යොදවාගෙන තිබෙනවා. කැන්වසිං යවනවා. පෝස්ටර් ගහනවා. නිවාස කුලියට අරගෙන කණ්ඩායම් වශයෙන් රඳවලා විවිධ මැතිවරණ කටයුතුවලට යොදාගන්නවා. හමුදාවේ ඉහළ නිලධාරීන් ලවා පහළ නිලධාරීන්ට බලපෑම් කරමින් ඉන්නවා. මේ රටේ මැතිවරණයට, දේශපාලනයට පොලිස් නිලධාරීන් යොදාගත් අවස්ථා අප දැක තිබෙනවා. හමුදාව දේශපාලන කටයුතුවලට යොදාගත්ත අවස්ථා මේ තරම් අප දැක නැහැ. රාජපක්‍ෂලාට මේ කිසිදු සදාචාරයක් අදාළ නැහැ. ඔවුන්ගේ එකම අරමුණ බලය පමණයි. රටේ තිබෙන සියලූ නීති රෙගුලාසි අහෝසි කර දමා තිබෙනාව. මේ රාජපක්‍ෂලාට බලය අතහැර ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සියලූ සදාචාරසම්පන්න දේවල් කෙළෙසලා බලය රැකගන්න උත්සාහ දරනවා. මේ සියල්ල කළත් රාජපක්‍ෂට පරාජයෙන් ගැලවෙන්න බැහැ.

2010දී මහින්ද රාජපක්‍ෂ වටා සිටි බොහෝ දෙනා ඔහු අතහැර ගොස් තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශාල පිරිසක්, හෙළ උරුමය, රිෂාඞ් බද්යුදීන්ගේ පක්‍ෂය, රාජපක්‍ෂ අතහැර ගිහින්. කලාකරුවන් විශාල ප‍්‍රමාණයක්, රාජපක්‍ෂ වෙනුවෙන් ලියපු මාධ්‍යවේදීන් විශාල ප‍්‍රමාණයක්, මුළුමහත් සමාජයෙන් විශාල ප‍්‍රමාණයක් රාජපක්‍ෂට එරෙහිව කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා ජනවාරි 08වැනිදා රාජපක්‍ෂගේ පරාජය නියත බව සහතිකයි. ඒ නිසා දැන් ඔවුන් කොහොම හරි දිනනවා කියල මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා. කොහොමද ”කොහොම හරි” දිනන්නේ. රාජපක්‍ෂ දිනන්න නම් රාජපක්‍ෂට ජනතාව ඡුන්දය දෙන්න  ඕනෑ. අද රාජපක්‍ෂට ජනතාව ඡන්දය නොදෙන බව විශ්වාසයි. එනිසා ආණ්ඩුව ජනතාව තුළ දෙගිඩියාවක්, සැකයක් ඇතිකරන්න උත්සාහ දරනවා. රාජපක්‍ෂගේ මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම බිඳවැටිලා. ඡන්දයට බෙදන්න සැලසුම්කර තිබුණු කැලැන්ඩර්, බඩු තොග, බෙදාගන්න බැරිවෙලා තිබෙනවා. පෝස්ටර් ටික ගහගන්න බැරිවෙලා තිබෙනවා. පහළ මට්ටමේ ඉන්න ආසන සංවිධායකවරු, ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු පදාසයක් මහින්දගෙන් ගැලවිලා. රාජපක්‍ෂගේ පතුළ ගැලවෙමින් තිබෙනවා. පහළ යාන්ත‍්‍රණය බිඳවැටිලා. රාජපක්‍ෂගේ සැලසුම් සියල්ල අසාර්ථක වෙලා තිබෙනවා.

පැරදුනත් යන්නේ නැහැ කියලා කියනවා. හමුදාව යොදාගනිමින් බලය රැකගන්න උත්සාහ කරනවා. එවැනි තත්වයකට අප ඉඩ තියන්නේ නැහැ. හමුදාවේ ඉහළ වරදාන වරප‍්‍රසාද නිලතල දුන්නු කුඩා පිරිසක් රාජපක්‍ෂලා දිනාගෙන හිටියට හමුදාවේ පතුළ රාජපක්‍ෂලාට එරෙහිව කටයුතු කරනවා. ඒ නිසා තමයි හමුදා කඳවුරුවල නිලධාරීන් අපිට අභ්‍යන්තර තොරතුරු ලබාදෙන්නේ. කුඩා කුඩා දේවල් කළාට රාජපක්‍ෂලාගේ බලය ආරක්‍ෂා කරගන්න හමුදාව යොදාගන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. එවැනි තත්වයකට මේ රටේ ජනතාව ඉඩ තියන්නෙත් නැහැ. එවැනි දෙයක් සිදුවුවහොත් මේ රටේ දේශපාලනයට අනාගතයට එය බරපතල තත්වයක්.

බෙංගමුවේ නාලක හාමුදුරුවෝ වගේම රාජපක්‍ෂත් කියලා තිබෙනවා අවුරුදු දෙකකට කලින් ඡන්දෙ ගෙනාපු නිසා පැරදුණත් අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කියලා. ඒවගේ නීති තියෙන්නේ මොන රටේද? දිනපු මෛතී‍්‍රපාල ගෙදර ඉඳලා පැරදුනු රාජපක්‍ෂට රට පාලනය කරන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණ ජනතා බලවේග ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කරදෙන්න පොරොන්දු වෙනවා. රටක ජනතාවට අයිතියක් තිබෙනවා තමන් කැමැති පාලකයෙක්, තමන් කැමති පාලනයක් ගොඩනගා ගන්න. අකැමැති පාලකයන් එලවා හරින්න. ඒ අයිතිය උදුරාගන්න රාජපක්‍ෂලාට පුළුවන්කමක් නැහැ.

එනිසා අපි ජනතාවට කියන්නේ සැකයකින් තොරව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. ඡන්දපොලට නොගිහින් ඉන්න එපා. මෙම ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක එකක්. ජනවාරි 08වැනිදා මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කළහොත් ඔහු 2022 දක්වා තවත් අවුරුදු 07ක් රට පාලනය කරනවා. මේ වගේ පවුලක්, කල්ලියක් අවුරුදු 17ක් රට පාලනය කළ යුතු නැහැ. එවැනි පාලකයින් පළවා හැරීමට ජනතාවට ලේ වැගිරීම් පවා කරන්න සිදුවෙනවා. එනිසා මැතිවරණයේදී මෙම පාලනය වෙනස් කිරීම අතහරින්න එපා. ඡන්දපොලේදී මහින්දට එරෙහිව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. අප මැතිවරණ කොමසාරිස්වරයා සමග ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මැතිවරණ ප‍්‍රතිඵලය නිකුත් කිරීම දක්වා ජනතාවගේ ඡන්දය ආරක්‍ෂා කරන බවට අපි පොරොන්දු වෙනවා. සැක සහිත තැන් සියල්ල පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ යාන්ත‍්‍රණය අනුව ඔබේ ඡුන්දය ආරක්‍ෂා කරන්න පුළුවන්. එසේ නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී යාන්ත‍්‍රණයක් සකස් කොට තිබෙනවා ප‍්‍රතිඵලය දක්වා ඔබේ ඡන්දය ආරක්‍ෂා කරන්න. එනිසා දෙගිඩියාවකින් තොරව ඔබේ ඡුන්දය පාවිච්චි කරන්න. ජනවාරි 08වැනිදා මේ දූෂිත පවුල් පාලනය පළවා හරින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා.

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

හෙට(05) රාතී‍්‍ර 10.00 සිට 12.00 දක්වා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ වැඩසටහනක් සියලූම රූපවාහිනී මාධ්‍ය හරහා විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අවසාන වන පැය දෙකේ මේ විදියට බලපෑම් කරලා, බයවද්දලා සියලූ මාධ්‍ය යොදාගෙන ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු කිරීම තුළින්ම ඔහු කොතරම් සදාචාර විරෝධී නායකයෙක්ද යන්න පැහැදිළි වෙනවා. ඒ අවසාන මොහොතේ විපක්‍ෂයේ ප‍්‍රධාන අපේක්‍ෂකයාට එරෙහිව අවලාද නැගුවොත් ඊට පිළිතුරු දීමට අවස්ථාවක් නැහැ. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා විවෘත සංවාදයකට එන ලෙස මහින්ද රාජපක්‍ෂට අභියෝග කර තිබුණා. මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයින් දෙදෙනෙකු අතර එවැනි සංවාදයක් යනවානම් එය රටේ ජනතාවට හොඳ අවස්ථාවක්. එවැනි සංවාදයකට මහින්ද රාජපක්‍ෂ ආවේ නැහැ. ශී‍්‍රලනිප මධ්‍යම කාරක  සභාව කැමැති නැහැ කියලා ඒ සංවාදය මගහැරියා. ජනාධිපතිවරණය කැඳවපු එක, ජනාධිපතිවරණයට රාජපක්‍ෂ ඉදිරිපත්වූ එක, ඇමතිවරු පත්කරන එක, මේ සියල්ල තමන්ගේ මතයට සිදුකරන රාජපක්‍ෂ සංවාදයකට එන එක මධ්‍යමකාරක සභාව කැමති නැහැ කියලා මගහැරීම තරම් විහිළුවක් තවත් තියෙනවාද?

අපේ පක්‍ෂයේ රහස් ගිවිසුම් නැහැ. රහසේ වැඩකරන්න කැමති, රහස් ගිවිසුම්වලට ඇල්මක් දක්වන උදවිය තමයි රහස් ගිවිසුම් ගැන කතා කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි මහින්ද රාජපක්‍ෂ, සරත් ෆොන්සේකා, චන්ද්‍රිකා සමඟ ජනතාව ඉදිරියේ විවෘත ගිවිසුම්වලට ආවා. අපි විවෘත ගිවිසුම්වලට අනුව දේශපාලනය කරපු පක්‍ෂයක්. රහස් ගිවිසුම් අන් කවර පක්‍ෂයකට අදාල වුණත් ජනතා විමුක්ති පෙරමුණට අදාල නැහැ.

රට එකට පවතින්නේ භූමිය එකට තිබීම පමණක් නිසාම නොවෙයි. එම භූමියේ සිටින විවිධ ජනකොටස් එකට ජීවත් විය යුතුයි. 2009න් පස්සේ භූමිය එකතුවූ බව ඇත්ත. ඒත් ජනතාව එකතු වුණේ නැහැ. බෙදුම්වාදය පරාජය කළ හැක්කේ ජනතාව එකට ජීවත්වීමෙන් පමණයි. අපේ රටේ ජනතාව බෙදා වෙන්කළේ මහින්ද රාජපක්‍ෂයි. යුද්ධයෙන් පසුව දෙමළ ජනතාව දිනාගන්න රාජපක්‍ෂලා කටයුතු කළේ නැහැ. රාජපක්‍ෂලා ගත් සියලූ තීන්දු, තීරණවලින් දෙමළ ජනතාව ඈත් කළා. ඔවුන් තුළ වෛරයක්, ක්‍රෝධයක් ඇතිකළා. උතුරු පළාතේ ඡන්දයෙන් එය මනාව පැහැදිළි වුණා. එම ඡන්දයේදී ඡන්දය පාවිච්චි කළ දෙමළ ජනතාවගෙන් 80%-85%ක් ඇතැම් තැන්වල ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් දෙමළ ජාතික සන්ධානයට ඡන්දය පාවිච්චි කළා. ඒක තමයි ඇත්ත. දැන් රටේ කේන්ද්‍ර දෙකක් ගොඩනැගිලා. දෙමළ ජනතාව ඒකරාශී වූ දෙමළ පක්‍ෂත් සිංහල ජනතාව කේන්ද්‍ර කරගත් මහින්ද රාජපක්‍ෂ කේන්ද්‍රයත් ගොඩනැගිලා තිබෙනවා. එනිසා අපේ රටට විශාල අනතුරක් තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණයයි. ඔහු බෙදුම්වාදය තහවුරු කළා. බොදුබල සේනා වැනි සංවිධාන හදලා ජනතාව බෙදා වෙන්කළා. රාජපක්‍ෂලාට යුද්ධයක් අවශ්‍යයි. බෙදුනු ජනතාවක් අතර භූමිය නොබෙදී තිබෙන්න ඉඩක් නැහැ. එනිසා බෙදීමේ අනතුර තිබෙන්නේ රාජපක්‍ෂලා ආවොත් තමයි. දෙමළ ඩයස්පෝරාව රාජපක්‍ෂට අවශ්‍යවන පරිදි විවිධ කටයුතුවල නිරත වෙනවා. මහින්ද රාජපක්‍ෂගේ පඹයෝ පුච්චලා ඒකේ වාසිය මහින්ද රාජපක්‍ෂට ගේනවා. රාජපක්‍ෂ ජය ගත්තොත් පමණයි දෙමළ ඩයස්පෝරාවට වාසිසහගත වන්නේ. ඒ වගේම රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයටත් මේ රට එකට තියෙන්න  ඕන නැහැ. ගෝඨාභය, බැසිල්, ඩලස්, චන්දිම රාසපුත‍්‍ර මේ රටේ ජීවත් වෙන්න බලාගෙන ඉන්න අය නෙවෙයි. එනිසා තමයි ඔවුන්ට ඇමරිකාවේ ගෙවල් තියෙන්නේ. ඇමරිකන් පුරවැසියෝ. ඔවුන් ලංකාවට ඇවිත් අවුරුදු 09ක් වෙනවා. එහෙත් ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කළේ නැහැ. පුරවැසිභාවය අලූත්කරගන්න ඇමරිකාවට දුවනවා. මේ අය කරන්නේ කොන්ත‍්‍රාත් එකක්. ඒ කොන්ත‍්‍රාත් එකෙන් හම්බවෙන සල්ලි පාවිච්චි කරලා ඇමරිකාවෙන් දේපල ගන්නවා. ඒ අයගේ මව්බිම ඇමරිකාවයි. ඒ නිසා රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය මේ අයට  ඕනෑ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඇත්ත අනතුර තිබෙන්නේ රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය තුළ කියලා.

අපේ රටේ ති‍්‍රවිද හමුදාවේ ප‍්‍රමුඛ කාර්යභාරය ජාතික ආරක්‍ෂාවයි. ඒ සීමාවට මැදිහත් වන ලෙසත් ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු ආරක්‍ෂා කරන්න රාජපක්‍ෂගේ බලය ආරක්‍ෂාකර දෙන්න මැදිහත් නොවන ලෙසත් අපි හමුදා සෙබළුන්ගෙන් ඉල්ලනවා. මේ ඒකාධිපති වියරු පාලනය පරාජය කළ යුතුයි. එය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඔබලාගේ නිල ඇඳුම, තනතුර පාවිච්චි කරන්න එපා. ජාතික ආරක්‍ෂාව යනු රාජපක්‍ෂලා ආරක්‍ෂා කිරීම නෙවෙයි.

වීරවංශ කියලා තිබුණා ජවිපෙ තියරිය ”අන්න සතා මෙන්න පොල්ල” කියලා. ඇත්ත කතාව ”අන්න නයා මෙන්න පොල්ල” කියන එකයි. වීරවංශට ස්තුතිවන්ත වෙනවා රාජපක්‍ෂ කියන්නේ විෂ ඝෝර සර්පයෙක් කියලා පිළිගත්ත එකට. රාජපක්‍ෂ විෂඝෝර සර්පයා පරාජය කරන්න පොල්ල (පැන්සල පාවිච්චි කරලා ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි ජනතාවට කියනවා. මේ කාරණාව ඔහුට නොතේරෙන බව අපිට තේරෙනවා. දෙක දෙකෙන් බෙදුවාම බින්දුවයි කියන අයට සංකීර්ණ දේශපාලන තත්වයන් තේරුම් ගන්න බැහැ. එවැනි අය ඇමතිකම් කරන්නේ විශාල ව්‍යාපෘති ගැන හිතන්නේ, මිලියන බිලියන ගැන හිතාගන්නේ කොහොමද කියලා අපිට ප‍්‍රශ්නයක් තිබෙනවා.

රාජපක්‍ෂලාගේ බංකොළොත්කම වහගන්න විවිධ කණ්ඩායම් මේ මැතිවරණයට යොදා ගන්නවා. එක අවස්ථාවක සල්මන් ඛාන්ලා ගෙන්වනවා. තවත් අවස්ථාවක නානා පටේකාර්ලව ගෙන්වනවා. ඒ කි‍්‍රයාමාර්ග ඡන්දෙටවත් අපේ දේශපාලන කටයුතුවලටවත් අදාල වෙන්නේ නැහැ. රටෙන් පිටුවහල් කරපු පුද්ගලයින්ට නැවත වීසා දෙන්නේ කොහොමද, මෙතෙක් නොදී සිටි වීසා දැන් දෙන්නේ මොකටද යන්න ආණ්ඩුවෙන් විමසිය යුතු ප‍්‍රශ්නයක්. ඒ වගේම සංචාරක වීසාවලින් පැමිණ අපේ රටේ දේශපාලනය කරන්නේ කොහොමද කියලා ඒ අයගෙන්ම විමසා දැනගත යුතුයි.

No comments:

Post a Comment