Jan 4, 2015

ආණ්‌ඩුවේ ඒකාධිපති බව හො`දින්ම දන්නේ මම - මෛත්‍රීපාල සිරිසේන

04 Jan 2015
ජනාධිපතිවරණ සමයේ කාර්යබහුල චරිතයක්‌ව සිටින පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන "ඉරිදා දිවයින" සමග සාකච්ඡාවකට එක්‌වූ අයුරුයි මේ.
* ආණ්‌ඩුව කරන අවලාද සමාජ මත නොවෙයි!
* අපි දාහත්වන සංශෝධනය නැවත බලගන්වනවා
* යෝධ ඩීල් සංවර්ධනය අපි නතර කරනවා
* ජනාධිපතිවරණය විතරක්‌ නෙවෙයි... 
මහ මැතිවරණයේදීත් අපි විශිෂ්ඨ ජයක්‌ ලබනවා...

පොදු අපේක්‌ෂකතුමනි, ඔබ ආණ්‌ඩුවේ ඇමැති ධුර අතහැර මෙවර ජනාධිපතිවරණයට පොදු අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් ඔබ අපේක්‌ෂා කළ අරමුණු පිළිබඳ මේ වන විට සෑහීමකට පත්වේද?
පොදු අපේක්‌ෂක ධුරය මා බලාපොරොත්තු වූවක්‌ නොවේ. ආණ්‌ඩුවේ වැරැදි දේශපාලන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්‌ෂ අභ්‍යන්තරයෙන් අරගලයක්‌ අපි ගෙන යන අවස්‌ථාවේ දී රටේ විපක්‌ෂය ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‌ෂකයකු සොයමින් සිටියා. ඒ සම්බන්ධයෙන් විවිධ පක්‌ෂ, විවිධ දේශපාලන ව්‍යාපාර යම් යම් වැඩ කටයුතු කරමින් සිටියා. ඒ කාලයේ දී මාගේ ස්‌ථාවරය වූයේ මේ ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවයි. ජනාධිපතිතුමාට තව අවුරුදු දෙකක්‌ බලයේ ඉන්නට පුළුවන්කම තිබුණා. හදිසි ජනාධිපතිවරණයක්‌ කැඳවනවා වෙනුවට අපි ජනතාවට දුන් පොරොන්දු ඉටුකර මේ ඉතිරි අවුරුදු දෙක තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ කිරීම සඳහා අපි පක්‌ෂයක්‌ හා ආණ්‌ඩුවක්‌ හැටියට යොමු විය යුතු යෑයි මමත් තව බොහෝ දෙනෙකුත් යෝජනා කළා. ඒ යෝජනා සියල්ල කළේ රටේ යහපත වෙනුවෙන්. නමුත් අපේ ඒ යෝජනා කුණු කූඩයට විසිකළා. අපට එළියට බහිනවා හැර වෙන විකල්පයක්‌ තිබුණේ නැහැ. මේ කාලයේ දී මාව පොදු අපේක්‌ෂකයා ලෙස තෝරාගත යුතු යෑයි එජාපය, ජාතික හෙළ උරුමය, සරත් ෙµdන්සේකා මහතා, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ තවත් විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂත් බහුජන සංවිධානත්, විශාල උනන්දුවකින් යෝජනා කළා. මම එය පිළිගත්තා. ඇත්තෙන්ම මම මේ පොදු අපේක්‌ෂකයා වීම පිළිබඳ ඉතා සතුටුයි. ඒ සඳහා හේතු කිහිපයක්‌ තිබෙනවා. පළමුවැන්න, මේ ඒකාධිපති ආණ්‌ඩුවේ වියරු ස්‌වභාවය පිළිබඳ අන් හැමදෙනාටම වඩා දන්නා පුද්ගලයෙක්‌ හැටියට මට කරුණු කියන්න පුළුවන්කම තිබීමයි. මම රජයෙන් එළියට පැමිණි වහාම රටේ ජනමතය ආණ්‌ඩුවට විරුද්ධව වේගයෙන් ගොඩනැඟුණා.
දෙවැන්න, මාගේ අපේක්‌ෂකත්වයත් සමඟම වෙනසක්‌ ඉල්ලා සිටින මේ රටේ බහුතර ජනතාවට විශාල බලාපොරොත්තුවක්‌ ලැබිල තිබෙනවා.
තුන්වන හේතුව ඉතා සතුටින් කියන්න කැමැතියි අපි මේ සටන ජයග්‍රහණය කරනවා. ඒ නිසා මා මේ අපේක්‌ෂක ධුරය සම්බන්ධයෙන් තෘප්තිමත්.

http://www.divaina.com/2015/01/04/politics02.html

ඔබ ජනාධිපති ලෙස පත්වූ පසු විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කරන්නේද?

එසේත් නැත්නම් එය සංශෝධනය කරන්නේද?

(i) ඔබ විසින් ඇතිකිරීමට බලාපොරොත්තු වන ස්‌වාධීන කොමිෂන් සභා කවරේද?

(ii) පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට ඔබ විසින් යෝජනා කරන ක්‍රමවේදය කුමක්‌ද?

ඉතා පැහැදිලිවම අපි වර්තමාන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. හේතුව මේ රටේ වර්තමාන ජරාජීර්ණ සංස්‌කෘතිය නිර්මාණය කළේ මේ ක්‍රමය මඟින්. එක්‌සත් ජාතික පක්‌ෂය මෙය හඳුන්වාදුන්නා. ශ්‍රීල.නි.ප.යේ අපි එය පවත්වාගෙන ගියා. ඒ අතර අපේ පක්‌ෂ දෙකත් සමස්‌ත සමාජයේ බොහෝ දෙනාත් මේ ක්‍රමය වෙනස්‌ වියයුතු බවට පොදු පිළිගැනීමකට ඇවිත් තිබෙනවා. එමනිසා අපි මේ ක්‍රමය අහෝසි කරනවා. ඒ සමඟම අපි අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වා දෙනවා. ඒ ආණ්‌ඩු ක්‍රමය යටතේ ජනාධිපතිවරයෙක්‌ ඉන්නවා. හැබැයි ඒ ජනාධිපතිවරයා කැබිනට්‌ මණ්‌ඩලය ඔස්‌සේ පාර්ලිමේන්තුවට හා ජනතාවට වගකියන ජනාධිපතිවරයෙක්‌. රටේ ආරක්‌ෂාව ඇතුළු බලතල දරමින් රාජ්‍ය නායකයාගේ භූමිකාව ඉටු කරන එම ජනාධිපතිවරයා අත්තනෝමතිකව හැසිරෙන රාජ්‍ය නායකයෙක්‌ නොවේ. ඉතාම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්‌ථා ආකෘතියකින් මෙහෙයවන ජනාධිපතිවරයෙක්‌.

අපි නැවත වතාවක්‌ දාහත්වන ව්‍යවස්‌ථා සංශෝධනය එහි තිබෙන අඩුපාඩුකම් මකා දමල බලගන්වනවා. ඒ අනුව එමඟින් යෝජිත අධිකරණ, රාජ්‍ය සේවා, මැතිවරණ, අල්ලස්‌ දූෂණ ආදී කොමිෂන් සභා පිහිටවල ඒවා දේශපාලනීකරණයෙන් මුදා ගනිමින් ඉතා ගරු ගාම්භීර රාජ්‍ය සේවාවක්‌ බිහි කිරීමට අපි වැඩ කරනවා.

වර්තමාන මැතිවරණ ක්‍රමය අපේ දේශපාලන සංස්‌කෘතිය පරිහානියට පත්කළ අපේ ජන සමාජය භේදභින්න කළ ඉතා දුෂ්ට මැතිවරණ ක්‍රමයක්‌. මෙය වෙනස්‌ කරන බවට අපි කොච්චර පොරොන්දු දුන්නත් ඒවා ඉටුකළේ නැහැ. මේ ක්‍රමයෙන් අයුතු ලාබ ලබන දේශපාලකයෝ ප්‍රතිපත්තිවලට පොරොන්දුවලට පටහැනිව මේ ක්‍රමය පවත්වාගෙන ගියා. අපි ආසන ක්‍රමයට බර තැබූ ක්‍රමයක්‌ හඳුන්වා දෙනවා. ඇත්තෙන්ම එය ආසනක්‍රමයේ සමානුපාතික ක්‍රමයේ සියලු යහපත් අංග ලක්‌ෂණ ඒකරාශී කරගත්ත මිශ්‍ර ක්‍රමයක්‌. මෙය ඉතා පහසුවෙක්‌ ක්‍රියාත්මක කළ හැකියි. මොකද මෙවැනි ක්‍රමයක්‌ සම්බන්ධයෙන් දැනටමත් රටේ දේශපාලන පක්‌ෂ අතර පළල් ප්‍රතිපත්තිමය එකඟතාවන් ඇතිවෙලා තිබෙන නිසා.

ජනතාව ඔබව බලයට පත් කරන්නේ වසර 6 කට. ඔබ විසින් ගෙන එන දින සියයේ පළමු අදියර ලෙස දේශපාලන ප්‍රතිසංස්‌කරණ සිදුකරන බවට ඔබතුමාලා ප්‍රකාශ කරනවා. ඉන් අනතුරුව ඉදිරි ධුර කාලයේදී සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් ඇතිකරන සැලසුම් කවරේද?

ජනාධිපතිවරයකුගේ නිල කාලය වසර 4 කරනවා.

පළමුවන දින සියය ඕනෑම අලුත් ආණ්‌ඩුවක බොහෝ වැඩ කටයුතු සඳහා පදනම දැමිය හැකි කාලයක්‌. ඒ නිසා අපි පළමුවැනි දින සියය ඇතුළත ඉතා බැරෑරුම් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සඳහා අපගේ යෝජනා සමාජය හමුවේ තබනවා. ඒ වගේම බදුබරින්, ණය බරින්, ජීවන බරින් හෙම්බත්වී ඇති මේ සමාජයට ආර්ථික සහන සැලසීමටත්, දූෂණයෙන්, භීෂණයෙන්, කොල්ලකෑමෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ ජනතාවට යුක්‌තිය සාධාරණත්වය ඉෂ්ට කිරීමටත් අවශ්‍ය ප්‍රතිසංස්‌කරණ අපි හඳුන්වා දෙනවා. ඉන් අනතුරුව නියමිත කාලයේ දී හෝ ඊට පෙර අපට මහ මැතිවරණයක්‌පැවැත්විය හැකියි. අප නියෝජනය කරන බල වේගයට ඒ මහ මැතිවරණයේ දීත් විශිෂ්ට ජයක්‌ ලැබේවි. ඒ අනුව අපි ඉතා ස්‌ථාවර සමඟි සන්ධාන ආණ්‌ඩුවක්‌ පිහිටුවා ඒ ඔස්‌සේ ක්‍රියාත්මක වෙන්නටයි බලාපොරොත්තුව. අපි යෝජනා කරන්නේ අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌. එම නිසා දින සියයේ වැඩසටහනත් ඉන් අනතුරුව අපි බිහි කරන ආණ්‌ඩුවත් එම පරිවර්තන ක්‍රියාදාමය සඳහා හොඳ පදනමක්‌ දමයි කියලා අපි විශ්වාස කරනවා.

පවතින ආණ්‌ඩුව විසින් ඔබට එල්ල කරන ප්‍රධාන චෝදනාවක්‌ වන්නේ ඔබේ පාලන කාලයේ දී මුස්‌ලිම් කොංග්‍රසය, දෙමළ සන්ධානය ෙµඩරල්වාදීන් ඔබ සමඟ එක්‌ව ඇති නිසා රටේ ඒකීයභාවයට බලපෑම් ඇතිවිය හැකි බව. එමෙන් 13 වන සංශෝධනයෙන් බලය බෙදීමට හෝ හමුදා කඳවුරු ඉවත් කිරීමට ඔබ කටයුතු කරනවාද?

ආණ්‌ඩුව තම පරාජය හමුවේ වියරු වැටෙමින් බංකොළොත් තර්ක ඉදිරිපත් කරනවා. මුස්‌ලිම් කොංග්‍රසය පහුගිය සතියේ වෙනකම් ආණ්‌ඩුවත් එක්‌කයි හිටියේ. ජනාධිපතිවරයාම කීපාරක්‌ නම් දෙමළ සන්ධානයට ආණ්‌ඩුවට එකතු වෙන්න ආරාධනා කළාද? එතකොට ඒගොල්ලො ෙµඩරල්වාදියොත් නෙමෙයි. බෙදුම්වාදියොත් නෙමෙයි. අපිත් එක්‌ක එකතු වෙනකොට ඔන්න මල්ල දිගහරිනවා.මේ බොරුවට මේ දෙබිඩිකමට දැන් මේ රටේ මිනිස්‌සු රවට්‌ටන්න බැහැ. දෙමළ සන්ධානයත්, මුස්‌ලිම් කොංග්‍රසයත් අපිත් එක්‌ක එකතු වුණේ කිසිම විශේෂ ගිවිසුමක්‌ ගහගෙන නොවේ. ඒකාධිපතිවාදයෙන් රට මුදාගැනීම සඳහා අපි ඉදිරිපත් කරපු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්‌කරණවලට ඒ අය එකඟ වුණා. අපිට සහාය දෙන්න තීරණය කළා. ඒ ගැන අපට සතුටුයි. මේ ජනාධිපතිවරණය කිසිම විශේෂ ජන කොටසකගෙ ජනවාර්ගික ඉල්ලීම් වෙනුවෙන් වරදාන පුදන ජනාධිපතිවරණයක්‌ නොවේ. රටේ ඒකීයභාවයට හානි වන කිසිම ප්‍රතිසංස්‌කරණයක්‌ අපි ඇතිකරන්නේ නැහැ. ඒ වගේම වෙනම විශේෂ කලාප ආදිය අපි පිහිටවන්නේත් නැහැ.මේ ඔක්‌කොම ආණ්‌ඩුවේ අවලාද මඩ, බොරු. මේ හදන්නේ පරණ තුවාල ආපහු පාරලා මේ රටේ ජනතාව අතර ඇතිවෙමින් තිබෙන සමඟිය විනාශ කිරීමේ දේශපාලන පාපකර්මයට පණපොවන්නයි. මෛත්‍රී පාලනය යටතේ එවැනි දේශපාලන පාපකර්ම යළි ඇතිකරන්ට අපි ඉඩ තියන්නේ නැහැ. උතුරේ හමුදා කඳවුරු ඉවත්කරන්නේ නැහැ.

ආණ්‌ඩුව විසින් රට ආර්ථික වශයෙන් ණය ගැති බවට පත්කර ඇතැයි ඔබතුමන්ලා ඇඟිල්ල දිගු කරනවා. නමුත් ඔබතුමාලාගේ පාලන කාලයේ දී රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමට ඇති වැඩ පිළිවෙළ කුමක්‌ද? එම වැඩ පිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙලෙසකද?

පළමුවෙන්ම අපි දැනට කෙරෙන මහ පරිමාණ ගසාකෑම්, කොල්ලකෑම්, වංචාවන් නවත්තනවා. මේ යෝධ ඩීල් සංවර්ධනය වෙනුවට රටට ගැළපෙන සංවර්ධන මාදිලියක්‌ හඳුන්වා දෙනවා. දැන් ක්‍රමය යටතේ රුපියල් ලක්‌ෂයක්‌ වෙන්කරනවා නම් එයින් විසිදාහයි මහජන ප්‍රයෝජනයට යන්නේ. ඉතිරි අසූදාහම රාජ්‍ය මට්‌ටමින් කොල්ලකනවා. මේ කොල්ල කන ධනය ඉතිරි කර ගතහොත් එයම රටට විශාල ආර්ථික සහනයක්‌ වේවි. ආණ්‌ඩුව මෙගා ඩීල්කරුවන්ගේ කොන්දේසිවලට යටත් වෙලා රට ණයගැති භාවයට පත්කර තිබෙනවා. අපි මේ මෙගා ඩීල් සියල්ල නැවත පුනරීක්‌ෂණයකට ලක්‌කරනවා. ඒ වගේම මේ රටට මහා බරක්‌ වී ඇති ජාතිණය ක්‍රමයෙන් ගෙවා දමා රට ණය බරින් නිදහස්‌ කරගැනීම සඳහා මේ රටට හිතකර ජාත්‍යන්තර වාතාවරණයක්‌ අපි බිහි කරනවා. එසේම දැනට තිබෙන කැසිනෝ, මත්කුඩු ඒ වගේම කොටස්‌ වෙළෙඳපොළ අපයෝජනය ආදිය මුල්කරගත් ආර්ථික ක්‍රමය වෙනුවට අපේ ජාතික නිෂ්පාදිතයන් පණගන්වන ආර්ථිකයක්‌ කරා පියමනිනවා. හොඳ මූල්‍ය ස්‌ථාවරත්වයක්‌ සහිත ආර්ථිකයක්‌ අපි ගොඩනඟනවා. දැනට රටේ ආර්ථිකය මෙහෙයවන සුදු කරපටි අපරාධකරුවන්ගෙන් ආර්ථික ඝාතකයන්ගෙන් ආර්ථිකය ගලවාගෙන රටට ආදරය කරන දේශප්‍රේමී බුද්ධිමත් කළමනාකරුවන්ට රටේ සාර්වආර්ථික කළමනාකරණය අපි භාර දෙනවා. එහෙම පිරිස්‌ අප වටා දැනටමත් ඒකරාශී වෙමින් සිටිනවා. අද රජයට සහයෝගය දෙන ප්‍රබල රටවල් රාශියක්‌ තිබෙනවා. එම සියලුම රටවල් අපේ සහයෝගයට එනවා.

දේශපාලන වේදිකාවේ ඔබතුමාලාගේ ප්‍රධාන තේමා පාඨයක්‌ යහපාලනය. ඒ සඳහා දේශපාලකයින් විනයගරුක කිරීමත් සමාජ විරෝධී සමාජ ආර්ථික ක්‍රියාවලියත් වෙනස්‌ කිරීමට අවශ්‍යයි. ඒ සඳහා ඔබට ඇති වැඩ පිළිවෙළ කුමක්‌ද?

රාජපක්‌ෂ මහත්මයාට විනයගරුක සමාජයක්‌ මතක්‌ වෙලා තියෙන්නේ මේ දැනුයි. අප ඒ සටන් පාඨය කරළියට ගෙනාවට පසුයි. අපි මුලින්ම දේශපාලනය ආචාරධාර්මික පදනමක්‌ මත පිහිටවනවා. සමහරු පෝස්‌ටර් ගහනවා අහවලාට සීමා නැත කියලා. අපි ඉතාම පැහැදිලිව කියනවා හැම දේකටම සීමාවක්‌ තිබෙනවා කියලා. දේශපාලන බලයට සීමාවක්‌ තිබෙන්න ඕනෑ කියන එක ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම පිළිගැනීමක්‌. මේ පිළිගැනීම මත පදනම් වෙලා බලය අපයෝජනය කරන සෑම ඉඩකඩක්‌ම වහන්නට අපි යාන්ත්‍රණයක්‌ සකස්‌ කරනවා. වගකීම සහ වගවීම යන දෙකම යහපාලනයේ අංග ලක්‌ෂණ දෙකක්‌. අපේ ආණ්‌ඩුවේ ඉහළම තැන සිට පහළම තැන දක්‌වා වගකියනවා සහ වගවෙනවා. රාජපක්‌ෂ ආණ්‌ඩුව හුරු කළේ ජයග්‍රහණයට පමණක්‌ උරුමකම් කියල පරාජයේ දී වගකීම අතහැරල දාල යන ක්‍රමයක්‌. ඒ ක්‍රමය වෙනුවට අපි ප්‍රජාතාන්ත්‍රික ආණ්‌ඩු ක්‍රමයේ හැම යහපත් ගුණාංගයක්‌ම පාලන ව්‍යqහයන් ඇතුළට ගෙන එන්නටත් ඒ අනුව කටයුතු කරන රාජ්‍ය සේවක තන්ත්‍රයක්‌ පුරුදු පුහුණු කර ගොඩනැගීමටත් කටයුතු කරනවා. කාර්යක්‌ෂමතාව, ප්‍රතිඵලදායක බව, සුහද බව, අසහනයෙන් තොර වීම, බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම යහපාලනයේ අංග ලක්‌ෂණයි. මේ සියල්ල සඳහා අවශ්‍ය කරන නීති රීති ආයතන ව්‍යQහ තාක්‌ෂණයත්, දැනුවත් සමාජ පෙලඹවීමත් එකට එකතු කිරීමත් අපේ අනාගත ආණ්‌ඩුවේ ප්‍රමුඛතාවක්‌ හැටියට අපි සලකනවා.

ලබන 8 වැනිදායින් පසු ජනතාව ක්‍රියාකළ යුත්තේ කෙලෙසකද? ඔවුන්ට ලබාදීමට ඇති පණිවුඩය කුමක්‌ද?

අපි ලබන විජයග්‍රහණය ඉතා නිහතමානීව නිරහංකාරව භුක්‌තිවිඳිය යුතු බව අපි විශ්වාස කරනවා. අපි කිසිවෙකුගෙන් පළිගන්නට යන්නේ නැහැ. අපට කරපු කෙනෙහිලිකම්වලට, නින්දා අපහාසවලට එලව එලවා පහර දෙන්නට අපි බලාපොරොත්තු වන්නේ නැහැ. අපි අතීතයේ ජීවත්විය යුතු නැහැ. අතීතයේ සියලු කුණුකන්දල් බිමින් තියල අපි අනාගතය දිහා බලන්නට ඕනෑ. අලුත් අවුරුද්දෙ අලුත් බලාපොරොත්තුත් එක්‌ක අලුත් ආණ්‌ඩුවක්‌ බිහිවෙනවා. අපි අලුත් රාජ්‍යයක්‌ නිර්මාණය කරනවා. අලුත් මෛත්‍රීසහගත සෙනෙහෙවත් සිතුවිලි සමඟ අපි ඉදිරියට යා යුතුයි. එමනිසා මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ සමාජ සුහදත්වය සංහිඳියාව අෙන්‍යාන්‍ය ගෞරවය පෙරදැරි කරගෙන කටයුතු කරන්නැයි මම මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පශ්චාත් මැතිවරණ නව දේශපාලන සංස්‌කෘතියක්‌ හඳුන්වා දෙනවා.

දෙමළ ජාතික සන්ධානය හා මුස්‌ලිම් කොංග්‍රසය ඔබ සමඟ එක්‌වී සිටී. රජයෙන් ඔවුන් ඉල්ලු කිසිවක්‌ ලබාදීමට රජය පියවර නොගත් බවත් ඒවා ලබා නොදීම නිසා දෙමළ ජාතික සන්ධානය හා මුස්‌ලිම් කොංග්‍රසය ඔබ සමඟ එක්‌වූ බවටත් සමාජ මතයක්‌ පවතී. කේවල් කිරීමකින් තොරව, ගිවිසුමකින් තොරව ඔබට සහාය දැක්‌වීමට ඔවුන් එක්‌වූයේ කෙසේද?

ඕක සමාජ මතයක්‌ නොවෙයි. ආණ්‌ඩුව ප්‍රචාරය කරන අවලාදයක්‌. කලිනුත් ප්‍රකාශ කළ ආකාරයට දෙමළ ජාතික සන්ධානය සහ මුස්‌ලිම් කොංග්‍රසය අපත් එක්‌ක එකඟ වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා අප ඉදිරිපත් කරන වැඩපිළිවෙළට ඔවුන් කැමැති වූ නිසා. අපි අමතක නොකළ යුතුයි මේ ඒකාධිපති පාලනය තුළින් සිංහල බෞද්ධ ජනයා පමණක්‌ නොවෙයි අනෙකුත් සුළු ජන කොටස්‌ ද පීඩාවට පත්වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය මේ කාගේත් ඉල්ලීමක්‌. දෙමළ සන්ධානයත් මුස්‌ලිම් කොංග්‍රසයත් අපිත් එක්‌ක එකතුවුණේ වෙන කිසිම කොන්දේසියක්‌ පනවලා නොවෙයි. අපි හදන්නේ ජාතික ආණ්‌ඩුවක්‌. සියලුම ජන කොටස්‌ සමඟි සන්ධානයෙන් බැඳෙන ආණ්‌ඩුවක්‌. මේ වගේ ආණ්‌ඩුවක්‌ තමයි රටට අවශ්‍ය. එවැන්නක්‌ මෙතෙක්‌ ඉතිහාසයේ බිහිවෙලා තිබුණේ නැහැ. එවැනි ආණ්‌ඩුවක්‌ බිහිකරගන්න බැරිවෙච්ච උදවිය අද මේ දියුණු සන්ධානයට ආඩපාලි කියනවා. නමුත් රටේ බහුතර ජනතාව මේ මහා සන්ධානයත් එක්‌ක එකතුවෙන්න තීරණය කරලා තිබෙනවා. අපි ජයගන්නවා. රට හොඳට හදනවා කියන පණිවුඩයයි මට දෙන්න තියෙන්නේ.

No comments:

Post a Comment