Jan 4, 2015

මෛත්‍රීගේ රැලියට වෙඩි ප්‍රහාරයක්!

04 Jan 2015
අරලගංවිල අද (03දා) සවස පැවැති පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියට වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ. වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
සවස පැවති රැලිය අවසන්වීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන අතර පැය කිහිපයක් වාහන විස්සකින් පමණ පැමිණි මැර පිරිසක් රැලිය පැවැති ප්‍රදේශයේ කලබල කර ඇති බව වාර්තා වේ.
පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා රැලිය අමතා පිටව යාමෙන් අනතුරුව මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන අතර උතුරුමැද පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී ජනක සමරසිංහ මහතාට ඇතුළු පස් දෙනෙකු වෙඩි වැදී පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13478:2015-01-03-16-21-05&catid=41:local&Itemid=74

මෛත්‍රී කට්ටියට ප්‍රහාර දෙකක් : අරලංගවිලට එස් ටී එෆ්
2015 ජනවාරි මස 04 10:20:25  
අරලගංවිල හා දළුකානේදී සෙනසුරාදා (04)  රාත්‍රී ඡන්ද ගැටුම් දෙකකින් උතුරුමැද පළාතේ හිටපු එජාප මන්ත්‍රී ජනක සමරසිංහ හා තව සිව් දෙනෙක් තුවාල ලදහ.
සමරසිංහ මහතා බෝතල් ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතකරනු ලැබීය. දළුකානේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් ගමන් කළ  වෑන් රියකට පහර දී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අරලංගවිල පිරිසක් පවසනුයේ  සමරසිංහ මහතාගේ නිවසේ කාර්යාලයට  පහරදී ඇති බවයි.
එහිදී වෙඩි හඬද ඇසුණු බව පිරිසක් කියති.එහෙත් පොලීසිය කියනුයේ වෙඩි තැබීමක් සිදු නොවු බවයි.

No comments:

Post a Comment