Jan 4, 2015

ඡන්දෙට තව දින 4යි! දේශපාලන මැරයෝ අවි අතට ගනිති

04 Jan  2015

ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 4 කි. මේ වන විටත් රටේ සිව්දෙසින් ම වාර්තා වන මැතිවරණ ප්රයචණ්‌ඩ ක්රිතයා දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. ප්ර ජාතන්ත්රයවාදය දඬුකඳේ ගසමින් දූෂිත මැර දේශපාලකයෝ ඔවුන්ගේ සුවච කීකරු ගෝලබාලයිනුත් සමඟ සිදු කරන දේශපාලන ප්රේචණ්‌ඩ ක්රි යා පිළිබඳ 'දිවයින ඉරිදා සංග්රාහය' කරන හෙළිදරව්වකි මේ.
මැතිවරණයක්‌ ළංවන විට බලයේ සිටින ආණ්‌ඩුවේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගෝල බාලයන් විසින් විරුද්ධ පක්ෂවවල නායකයන්ට ඔවුන්ගේ ආධාරකරුවන්ට, කාර්යාලවලට පහර දීම, වෙඩි තැබීම. බොරු චෝදනා එල්ල කර හිරේ දැමීම, ඝාතනය කිරීම ශ්රී' ලංකාවේ මැතිවරණ ඉතිහාසය පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ ඇති ඡන්ද දායකයන්ට නම් අලුත් දෙයක්‌ නොවේ.
නමුත් ශ්රීි ලංකාවේ ඉරණම තීන්දු කරන තීරණාත්මක මැතිවරණයක්‌ බවට පත් වී ඇති 2015 ජනාධිපතිවරණ සටන මුල්කරගෙන රට තුළ දවසින් දවස ඇතිවෙමින් තිබෙන මැතිවරණ ප්රධචණ්‌ඩත්වය සහ භීෂණය ප්රසජාතන්ත්රෙවාදය අගය කරන මේ රටේ සමස්‌ත පොදු ජනතාවගේ ඉවසීමේ සීමා නැත්නම් රතු කට්‌ට ඉක්‌මවා ගොස්‌ තිබේ.
ආණ්‌ඩුක්රමම ව්යසවස්‌ථාවට මැතිවරණ නීතියට අනුව නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පවත්වා ප්රාජාතන්ත්රමවාදී ලෙස තමන් කැමති නායකයෙක්‌ රටේ නායකයා ලෙස පත්කර ගැනීමට ජනතාවට අයිතියක්‌ තිබේ. එම අයිතියට බාධා කිරීමට කිසිම දේශපාලනඥයකුට හෝ ඔවුන් ළඟ දණින් වැටී බැල මෙහෙවරකම් කරන දේශපාලන බත් බැලයන්ට අයිතියක්‌ නැත.
නමුත් මැතිවරණයක්‌ ළංවන විට ප්ර ජාතන්ත්රනවාදී ලෙස ජනතාව ඉදිරියට ගොස්‌ ජනතාව ලබා දෙන තීන්දුව පිළිගැනීමට හැකියාවක්‌ නැති දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගෝල බාලයන් මුළු රට පුරාම භීෂණය මුදාහරින්නේ බල්ලෙක්‌ මැරෙන්න ළං වූ විට ඒ බව කල්තියාම දැනගෙන බල්ලාගේ ඇඟේ සිටින මැක්‌කන් කුලප්පු වී දඟලන ආකාරයට ය.

2015 ජනාධිපති මැතිවරණය පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ශ්රීය ලංකා ප්ර ජාතන්ත්රනවාදී සමාජවාදී ජනරජය සඳහා විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා මිස රජවරු හෝ රජෙකු පත්කර ගැනීමට නොවේ. රටක්‌ හැටියටත් ජාතියක්‌ හැටියටත් අපිට අලුතින් රජ කෙනෙකු පත්කර ගැනීමට හෝ යුව රජවරු පත්කර ගැනීමට කිසිම වුවමනාවක්‌ නැත. මහාවංශය ඇතුළු ලංකාවේ ඉතිහාසය මුළු ලෝකයටම හඬගා කියන ඉතිහාස පොත්පත්වල සිටින රජවරු සහ මැති ඇමැතිවරු ප්රුමාණය අපිට හොඳටම ඇතිය. එම නිසා මෙම ජනාධිපතිවරණය හරහා කවුරුන් හෝ රජවරු වීමට යුව රජවරු වීමට හීන දකින්නේ නම් එය පරාජය කිරීම ද මේ රටේ ජනතාව සතු යුතුකමක්‌ සහ වගකීමක්‌ වේ.



http://www.divaina.com/2015/01/04/politics01.html
2015 ජනාධිපති මැතිවරණ සටනට අදාළ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා ආරම්භ වූවේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමටත් පෙර සිටය. ජනාධිපති ඡන්ද සටන ආරම්භ වීමට පෙර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ තමන් සමඟ තරග කරන්නට අද විපක්‍ෂයට ජනාධිපති අපේක්‍ෂකයකුවත් සොයා ගැනීමට නොහැකි බවයි.
නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්වීමත් සමඟ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා රට පුරාම ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. විරුද්ධ පක්‍ෂයේ ආධාරකරුවන්ට තර්ජනය කර කාර්යාලවලට පහර දෙමින් ආරම්භ වූ මේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා රැල්ල මේ වන විට මැතිවරණ කොමසාරිස්‌වරයාටවත් පොලිසියටවත් හමුදාවටවත් පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත.

දිනෙන් දින ඉහළ යන මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිළිබඳව මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම් දිනපතාම වාර්තා නිකුත් කරන අතර පොලිසිය ද ගණන් හිලවු ඉදිරිපත් කරමින් ඒවා සාධාරණීකරණය කරමින් සිටියි.

ජනාධිපතිවරණ මැතිවරණ සටන උණුසුම් කළ ප්‍රධානතම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාව වන්නේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගාල්ල වඳුරඹ ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාව ගිනිතබා විනාශ කිරීමයි.

මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ දරන ගාල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාට චෝදනා එල්ල වී තිබුණි. ඒ අනුව අධිකරණය විසින් නියෝජ්‍ය ඇමැතිවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර සිටියත්, නියෝජ්‍ය ඇමැතිවරයා පොලිසියටත් කොකා පෙන්වා කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ පොලිසියත් මේ රටේ නීතියත් තුට්‌ටුවකටවත් මායිම් නොකරය.

ඒ වගේම පොලිසිය බලා සිටියදීම කොලොන්නාවේ පැවැති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ප්‍රචාරක රැලියට වෙඩි තැබීම ද දේශපාලන වේදිකාව උණුසුම් කළ බරපතළ ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ වේ.

හිටපු ජනාධිපතිනි චJද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචJද්‍ර මෙනවිය ගමන්ගත් රථ පෙළට බේරුවලදී මැර ප්‍රහාරයක්‌ එල්ල කිරීම ද තවත් බරපතළ ප්‍රචණ්‌ඩ ක්‍රියාවකි.

ඒ වගේම සමන්මලී ෙµdන්සේකා ඇතුළු කලාකරුවන්ට කුරුණෑගලදී නිල් බළකායේ සාමාජිකයන් විසින් අමානුෂික ලෙස පහරදීම ද මුළු රටේම අවධානයට ලක්‌ වූ ප්‍රචණ්‌ඩ ක්‍රියාවක්‌ වේ.

මීට අමතරව ආණ්‌ඩුවේ දේශපාලන මැරයන් විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්‍ෂ කාර්යාල සිය ගණනකට පහර දී සහ ගිනිතබා විනාශ කර තිබේ. ඊට අමතරව මන්ත්‍රීවරු ඇතුළු ආධාරකරුවන් සිය ගණනකට පහර දී ඔවුන්ගේ අතපය කඩා දමා බරපතළ තුවාල සිදුකර ඇත. එපමණක්‌ නොවේ ඔවුන්ගේ නිවාස සහ දේපළ විශාල ප්‍රමාණයකට පහර දී සහ ගිනිතබා විනාශ කර තිබේ.

රාජ්‍ය දේපළ, රාජ්‍ය බලය, රටේ නීතිය අතට ගෙන දේශපාලන මැරයන් විසින් සිදුකරන මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නැත.

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිළිබඳව විපක්‍ෂය විසින් දිගින් දිගටම ආණ්‌ඩුවට චෝදනා එල්ල කළ ද ආණ්‌ඩුව පවසන්නේ තමන්ගේ මැතිවරණ කාර්යාලවලට සහ ආධාරකරුවන්ට විපක්‍ෂයේ ආධාරකරුවන් පහර දී ඇති බවයි.

රට තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමේ වැඩි වගකීම තිබෙන්නේ බලයේ සිටින ආණ්‌ඩුවටයි. එම වගකීම පැහැර හැරීමට හෝ ප්‍රචණ්‌ඩත්වය සාධාරණීකරණය කරමින් ප්‍රශ්නවලින් පැන යැමට කිසිම රජයකට සදාචාරාත්මක අයිතියක්‌ නැත.

රටක ප්‍රජාතන්ත්‍රවාදය යනු බලයේ සිටින ආණ්‌ඩුවට සහ ඔවුන් වෙනුවෙන් කඩේ යන දේශපාලන හෙංචයියන්ට රටේ නීතිය අතට ගෙන විරුද්ධ පක්‍ෂවල ආධාරකරුවන්ට පහරදීමට, දේශපාලන රැස්‌වීම් කඩාකප්පල් කිරීමට, විරුද්ධ පක්‍ෂවල නායකයන්ගේ ඡන්ද අයිතිය නැති කිරීමට, මහජන මුදල් කෝටි ගණනින් හොරකම් කිරීමට, රාජ්‍ය දේපළ අයුතු ලෙස තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමට ඇති අයිතිය නොවේ.

මේ රටේ සියලුම පුරවැසියන්ට සම අයිතිවාසිකම් ලබා දීමයි. නමුත් අද සිදුවන්නේ ඊට හාත්පසින් ම වෙනස්‌ දෙයකි. අද විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට ජනාධිපතිවරණ මැතිවරණ රැස්‌වීමක්‌ පැවැත්වීම සඳහා ක්‍රීඩාපිටියක්‌, රැස්‌වීම් ශාලාවක්‌, මුදල් ගෙවා හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී තිබේ. මෙම තත්ත්වය කොතරම් බරපතළ දැයි කිවහොත් මැතිවරණ කොමසාරිස්‌වරයාටවත් මේ සඳහා විසඳුමක්‌ ලබා දීමට නොහැකි වී ඇත.

විරුද්ධ පක්‍ෂයේ ප්‍රධානම ජනාධිපතිවරණ අපේක්‍ෂකයාට ප්‍රචාරක රැස්‌වීමක්‌ පැවැත්වීම සඳහා සුදුසු ස්‌ථානයක්‌ ලබා ගැනීමට නොහැකි නම් තවදුරටත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ ලෙස හැඳින්වීමට කිසිම ඉඩක්‌ නැත.

කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත් කොට රට තුළ සාමය ස්‌ථාපිත කර ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ආණ්‌ඩුව පුන පුනා ප්‍රකාශ කළත් රට තුළ දිනපතාම සිදුවෙන මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා දෙස බැලූ විට රට තුළ තවමත් මුදා නොගත් ප්‍රදේශ තිබෙන බව පැහැදිලි වේ.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කොලොන්නාව ආසනය, හම්බන්තොට, කළුතර, බේරුවල, කුරුණෑගල, රත්නපුර, පුත්තලම, ගම්පහ, පොලොන්නරුව, අනුරාධපුරය මේ සඳහා දිය හැකි හොඳම නිදසුන් වේ.

නීති විරෝධී ගිනි අවි රැගත් සන්නද්ධ කණ්‌ඩායම් ඩිෙµන්ඩර් වර්ගයේ වාහනවල ගමන් කරමින් අද මෙම ප්‍රදේශ තුළ භීෂණය වපුරමින් සිටී.

නමුත් පුදුමය වන්නේ පොලිසිය සහ හමුදාව මොවුන් අත්අඩංගුවට නොගැනීමයි. මේ සඳහා සෘජු ලෙස ම හේතු වී තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට සම්පූර්ණයෙන් ම දේශපාලනීකරණය වී තිබීමයි. පොලිසියේ කොඳු නාරටිය ආණ්‌ඩුවේ දේශපාලනඥයන් විසින් කඩා බිඳ දමා ඇති අතර, අද පොලිසිය ආණ්‌ඩුව වෙනුවෙන් කඩේ යැම ඉතාමත් හොඳින් කරගෙන යයි.

නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට අද කිසිම ඉඩක්‌ නැති අතර ඔවුන්ට අද සිදුÊවී තිබෙන්නේ ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු ළඟ සිටින පාතාල නායකයන්ට ආරක්‍ෂාව ලබා දීමටයි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස පොලිසිය පිළිබඳව මහජනතාව තුළ ඇති විශ්වාසය බිංදුවටම වැටී තිබේ.

මේ නිසා දිය හැකි හොඳම නිදසුන වන්නේ කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරීන් පිරිසකට ආණ්‌ඩුවේ මැරයන් පිරිසක්‌ විසින් ගිනි අවි පෙන්වා තර්ජනය කිරීමයි.

එම නිසා 2015 ජනාධිපතිවරණය නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ ලෙස පැවැත්වීමට ඉඩ ලැබේ දැයි අන්තිම ඕවරයේ අන්තිම පන්දුව යවන තුරු ම අපිට නිශ්චිතව අනාවැකි පළ කළ නොහැක.

මෙසේ මැච් එකක තිබෙන්නේ ද ඉනිම දෙකක්‌ පමණි. 1978 දී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින්ද විධායක ජනාධිපතිවරයකුට ලබා දී තිබෙන්නේ ධුර කාල දෙකක්‌ පමණි.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ජනාධිපති ධුර කාලයේ සීමාව තමන්ට අවශ්‍ය පරිදි වෙනස්‌ කර ගත්තේය. මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා වැඩිවීමට මෙය ද හේතුවක්‌ වී ඇත. අවසාන වශයෙන් අපිට කිව හැක්‌කේ සියලුම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා ඌ මට ගහනවා මට ඌ ගහනවා ආකාරයේ ක්‍රියාදාමයක්‌ පමණක්‌ බව ය.

ප්‍රියදර්ශන ලියනගේ

No comments:

Post a Comment