Jan 4, 2015

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා 1029 ක්‌!

05 jan 2015
2015 ජනාධිපතිවරණයට අදාළව මේ වන විට මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා හා නීති උල්ලංඝණය කිරීම් 1029 ක්‌ වාර්තා වී ඇතැයි නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෙµa) සඳහන් කරයි.
මේ යටතේ ප්‍රචණ්‌ඩ ක්‍රියා 105 ක්‌ වන අතර, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 924 ක්‌ බව කැෙµa විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
කොළඹ හා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කවලින් මින් වැඩිම සිද්ධීන් වාර්තා වී ඇත.
මජන දේපළ හා රාජ්‍ය සේවකයන් යොදා ගැනීම් හා පත්වීම් හා ස්‌ථාන මාරු 341 ක්‌, නීතිවිරෝධී ප්‍රචාරණ සිදුවීම් 583 ක්‌, දේපළ හානි කිරීම් හා ප්‍රචාරණ සිදුවීම් 28 ක්‌, පහරදීම් හා තර්ජනය කිරීම් 77 ක්‌ වශයෙන් මෙම සිද්ධීන්වලට අදාළව වාර්තා වූ බව ද කැෙµa සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

http://www.divaina.com/2015/01/04/news09.html
 

No comments:

Post a Comment