Jan 4, 2015

- කබීර් හෂීම් -නිදහස්‌ ඡන්ද අයිතිය කොල්ලකෑමේ සැලසුමක්‌

05 Dec 2015
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ප්‍රචණ්‌ඩත්වය මුදා හැර නිදහස්‌ ඡන්ද අයිතියට දැඩි බලපෑමක්‌ එල්ල කිරීමට ආණ්‌ඩුව සැලසුම් කර තිබෙන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.
ලබන අටවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂකයා පරාජයට පත්වන බව දැන ගැනීමෙන් පසු මෙම සැලසුම සකස්‌ කර තිබෙන බව හෙතෙම කීය.
මෙය අනාවරණය වීමත් සමඟ සිය පක්‍ෂය මැතිවරණ කොමසාරිස්‌ සමඟ නිරතුරුවම සාකච්ඡා කරමින් සිටින බවත් ආණ්‌ඩුව එවැනි ප්‍රචණ්‌ඩත්වයක්‌ මුදා හැරීමට ක්‍රියා කළොත් ඊට නොබියව මුහුණදීම සඳහා විපක්‍ෂය අවශ්‍ය පියවර සැලසුම් කර තිබෙන බවත් කබීර් හෂීම් මහතා පැවැසීය.
රාජ්‍ය දේපළ යොදා ගනිමින් සන්ධානයේ අපේක්‍ෂකයා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේ සිට මේ දක්‌වා ගෙන ඇති පියවර දෙස බලන විට මේ ඡන්දය නිදහස්‌ හා සාධාරණව පවත්වනු ඇතැයි කිසි ලෙසකින්වත් අපේක්‍ෂා කළ නොහැකි බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

http://www.divaina.com/2015/01/04/news09.html

No comments:

Post a Comment