Jan 4, 2015

ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන්

05 Jan 2014
ලබන 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාව හෙට (සඳුදා, 05 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ඡන්ද මධ්‍යස්‌ථාන 12251 කදී ඡන්ද විමසීම සිදුකරන අතර ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 15044490 ක්‌ සුදුසුකම් ලබා තිබේ.
මෙවර මැතිවරණ රාජකාරි සඳහා රජයේ නිලධාරීහු එක්‌ලක්‍ෂ අසූදහසක්‌ පමණ සහභාගි වෙති. ඉන් ඡන්ද මධ්‍යස්‌ථාන රාජකාරි සඳහා නිලධාරීන් එක්‌ලක්‍ෂ විසිදෙදහස්‌ පන්සියයක්‌ පමණ යෙදවෙයි.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන 1109 ක්‌ ද තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන 303 ක්‌ ද පිහිටුවනු ලබයි

No comments:

Post a Comment