Jan 5, 2015

අවසන් මහ රැලි අද - ප්‍රචාරක වැඩ අද රෑ 12ට අවසන්

05 jan 2015
ප්‍රචාරක වැඩ අද රෑ 12ට අවසන් - තව දින තුනයි
හත්වැනි ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු සිදුකිරීමට අපේක්‍ෂකයන්ට ලබා දී තිබූ කාලය අද (05 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (05 වැනිදා) ප්‍රධාන ප්‍රචාරක රැලි හතරකට සහ ජනහමු තුනකට සහභාගිවීමට නියමිතය. තිස්‌සමහාරාමය, අම්බලන්ගොඩ හා මතුගමදී රැලි තුනක්‌ පැවැත්වෙන අතර අවසන් මහ රැලිය අද රාත්‍රි කැස්‌බෑවේදී පැවැත්වීමට නියමිතය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රධාන රැලි හතකට සහභාගිවීමට නියමිතය. ඒ අනුව පෙරවරුවේ නිවිතිගල, දහවල් ඇඹිලිපිටිය, සවස දෙවිනුවර සහ ගාල්ල, සවස 5.00 ට කළුතර, සවස 6.00 ට මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී සහ රාත්‍රි කොළඹ මරදානේදී අවසන් මහා රැලිය පැවැත්වේ.

ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එනම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සියලුම පෝස්‌ටර්, කටවුට්‌ සහ ප්‍රචාරක දැන්වීම් ඉවත් කරන ලෙසත්, පක්‍ෂ කාර්යාල සියල්ල ඉවත් කරන ලෙසත් මැතිවරණ කොමසාරිස්‌වරයා තරග කරන සියලු දේශපාලන පක්‍ෂවලට දැනුම් දී තිබේ. එසේ ඉවත් නොකළහොත් නීත්‍යානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද කොමසාරිස්‌වරයා පොලිස්‌පතිවරයාට නියෝග කර තිබේ.

No comments:

Post a Comment