Dec 30, 2014

30 Dec 2014
හකීම්-මෛත්‍රී ගිවිසුම රටට හෙළි නොකළොත් දැඩි පියවර ගන්නවා
ගලගොඩඅත්තේ ඥනසාර හිමි
නැගෙනහිර පළාතේ වෙනම පරිපාලන ඒකකයක්‌ සහ තවත් කරුණු රැසක්‌ සම්බන්ධයෙන් රවුµa හකීම් හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් එළැඹ ඇති ගිවිසුම වහා රටට හෙළි කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) අවධාරණය කළහ.
ඔවුන් එසේ නොකළහොත් ඊට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිය සංවිධානය කටයුතු කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවුµa හකීම් මහතා දේශපාලන ගණිකාවක්‌ බවත් ඔහු පිල් මාරු කරනුයේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් පමණක්‌ බවත් ඥනසාර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ. නැගෙනහිරට වෙනමම පරිපාලන ඒකකයක්‌ ලබාදීමට ආණ්‌ඩුව කටයුතු කළේ නම් හකීම් මහතා මෙසේ පිල් මාරු නොකරන බවත් උන්වහන්සේ කීහ.
වෙනසක්‌ ඇති කිරීමට අවශ්‍ය යෑයි කියමින් නායකයකු නොමැති රටක්‌ නිර්මාණය කිරීමට විපක්‍ෂය කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ. ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 http://www.divaina.com/2014/12/30/news14.html

No comments:

Post a Comment