Dec 31, 2014

30 Dec 2014
ෙද්‍රdaහීන්ට අනාගතය බාර දෙනවද?
ගොවියා, පොහොර සහනාධාර අමතක කරපු
රෑට එකට කාලා උදේට පනින 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
පොළොන්නරුවෙන් ආපු විපක්‍ෂයේ අපේක්‌ෂකයා ගොවි ජනතාව, පොහොර සහනාධාරය අමතක කිරීම ෙද්‍රdaහිකමක්‌ නොවෙයිද? මේ අය ඉතිහාසය අමතක කරලා. ඉතිහාසය අමතක කර රටක ජීවත්විය නොහැකි යෑයි ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
අපි ළඟත් මුනාසික්‌ලා හිටියා. රෑට කෑම කාලා උදේට පනිනවා. මා කිව්වොත් කිව්වමයි, ගිය අය නැවත කිට්‌ටුවකට ගන්නේ නෑ යෑයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මාතලේ නගරයේදී ඉකුත් 26 වැනිදා පැවැති 2015 ජනාධිපතිවරණ ජනරැලියට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,
ජනාධිපතිවරණය සඳහා සූදානම් වන වෙලාවේ රට පුරා තිබෙන රැස්‌වීම්වලට ගිහින් අපි ජනතාව මුණගැසුණා. අද මේ ප්‍රදේශයට පැමිණියා. මේ මහා වර්ෂාව මධ්‍යයේ පළාතටම ගංවතුර ගලලා තිබෙන වෙලාවක ඔබ අප වෙනුවෙන් අද මෙම ස්‌ථානයට පැමිණීම පිළිබඳව මගේත්, සන්ධානයේත් ගෞරවය හා ස්‌තුතිය පුද කෙරෙනවා.
මාතලේ කියන්නේ මහා ඓතිහාසික උරුමයක්‌ තිබෙන පළාතක්‌. නිදහස්‌ අරගලය තුළ මාතලේ අමතක කරන්න බැහැ. මාතලේ ආර්ථික හා සමාජීය වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක්‌. ඒ වගේම ඔබ අප සමඟ හැමදාම සිටියා. මේ මාතලේ ඓතිහාසික පැරණි දේශපාලන නායකයන් ඉන්නවා. බණ්‌ඩාරනායක මැතිතුමාගේ කාලයේ ඉඳලා ටී. බී. තෙන්නකෝන් මහතා එදා දඹුල්ල නියෝජනය කළා. ඒ වගේම මගේ මිත්‍ර මොන්ටි ගොපල්ලව මහතා ගෞරවයෙන් මතක්‌ කරනවා. එස්‌. බී. යාලේගම, චන්ද්‍රසේන මුණවීර වැනි දැවැන්තයන් මේ ප්‍රදේශයෙන් අපේ පක්‍ෂයට ශක්‌තිය ලබා දුන්නා. 89 - 90 යුගයේ මම මේ පළාතේ ටයර් සෑයවල පිළිස්‌සෙන තරුණ තරුණියන්ගේ විස්‌තර සොයාගෙන මව් පෙරමුණ හදන්න අම්මාවරුන් සොයාගෙන මම ආපු ගමන මට මතක්‌ වෙනවා. නන්දිමිත්‍ර සහෝදරයා වැනි අය එකතු වෙලා එදා අපි මව් පෙරමුණ හැදුවා. අද එවැනි යුගයක්‌ සමහරුන්ට අමතක වෙනවා. ඒ පරිසරය අමතක වෙනවා.
http://www.divaina.com/2014/12/30/news17.html
2005 වනවිට මේ ප්‍රදේශවල බෝම්බ පිපිරිලා. බස්‌වල බෝම්බ පිපිරිලා. මේ රටේ රණවිරුවන් දහස්‌ ගණනින් මිය ගිය යුගය අපි දන්නවා. මෙවැනි යුග සියල්ල පසු කරලා තමයි 2005 දී ඔබ මා ගැන විශ්වාසය තබා මට රට භාර දුන්නේ.

කුරිරු ත්‍රස්‌තවාදය අවසන් කරලා රට නිදහස්‌ කරලා ඔබේ සිතේ තිබුණු බිය සැක නැති කරලා ඔබේ ඇසේ තිබුණු කඳුළු පිසදැමුවාට පසු මට තිබුණු වගකීම රට සංවර්ධනය කිරීම. ඉන්පසු මම මේ රටේ සංවර්ධනය ආරම්භ කරන්න පටන් ගත්තා. එදා ජනතාවගේ අවශ්‍යතාවන් අවබෝධ කරගෙන දිස්‌ත්‍රික්‌කයෙන් දිස්‌ත්‍රික්‌කයට, පළාතෙන් පළාතට ගිහින් අයවැය හදන්න පෙර ඔබත් සමඟ කතා කරලා තිබෙන අඩුපාඩු සෙව්වා. මේවා සොයනකොට සමහරු කිව්වා අපි ඒකාධිපතියෝ කියලා. එහෙම කියනකොට තමයි අපි මේ පළාත්වල නායකයන් සමඟ එකතුවෙලා මෙ පළාත් ගොඩනඟලා රට ගොඩනැඟුවේ.

අද අපව ජාතිවාදීන් වශයෙන් සමහරු හඳුන්වනවා. මම කිසිදු ජාතියක්‌ සමඟ සටන් කරලා නැහැ. මේ ආමීනා මුස්‌ලිම් විද්‍යාලය ගොඩනගන්න අපි සහයෝගය දුන්නා. සාමාන්‍යයෙන් මාතලේ ඉන්නේ හොඳ කොළ පාට මුස්‌ලිම් අය. ඒ කාලේ කොළ පාට තොප්පිය දමාගෙන හිටියේ. මුනාසික්‌ලා දෙන්නෙක්‌ තුන්දෙනෙක්‌ ඉන්නවා. ඔක්‌කොම කරගෙන ඉවරවෙලා අනෙක්‌ පැත්තට යන කෙනා මුනාසික්‌ කෙනෙක්‌ නොවෙයිද? මේ අහිංසක මන්ත්‍රීවරයාට මන්ත්‍රීකමෙන් ඉවත්වෙන්න කියලා ඒ මන්ත්‍රීකමත් අරගෙන එයාගේ පර්මිට්‌ එකත් අරගෙන ඒකත් විකුණාගෙන අනෙක්‌ මුනාසික්‌ පැනලා ගියා. මේ ආගමට අනුව මෙහෙම අයට දෙවියන් වහන්සේලාගෙන්වත් සමාවක්‌ නැහැ කියා මට ස්‌ථිරයි. අපි ගාවත් මුනාසික්‌ලා ඉන්නවා. රෑට කෑම කාලා උදේට පනිනවා. අද තරගයක්‌ තිබෙනවා.

අද එක්‌සත් ජාතික පක්‍ෂයේ අයට ඡන්දය දෙන්න කවුද ඉන්නේ. වෙනදාට පරාද වුණත් රනිල් වික්‍රමසිංහ හෝ හිටියා. යූ. එන්.පී. කෙනෙක්‌ දිනනවා නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කෙනෙක්‌ ගෙනත් ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් ශ්‍රී ල. නි. ප. ය අවුරුදු 20 ක්‌ පාලනයට ඇවිත්. එජාප කෙනෙක්‌ තවම නැහැ. එහෙම කෙනෙක්‌ දාපු නැති නිසා තිස්‌ස අත්තනායක ලේකම්තුමා අපි ළඟට ආවා. වෙනස බලන්න. එතුමා කෙලින්ම කතා කළා. මට එක දවසයි මුණගැසුනේ. මම අපේ පැත්තට එනවාද කියලා ඇසුවාම ඔහු කියනවා. zජනාධිපතිතුමා මට සිරිසේන වගේ වැඩකරන්න බැහැ. මුලින්ම අම්මාගෙන් අහන්න ඕනෑ. අම්මා කැමැත්ත දුන්නොත් මම නායකතුමා ළඟට යනව. එයා ළඟට ගිහින් මම කියනවා මම යන්න හේතුව.Z

එක්‌සත් ජාතික පක්‍ෂයේ අවුරුදු ගණනක්‌ අපි හිටියා. අපේ බලාපොරොත්තු කඩ කළා. තවත් ශ්‍රී ලංකා කෙනෙක්‌ දාලා තිබෙනවා. ඒ නිසා අපට තවදුරටත් ඉන්න බැහැZ කියලා. ඔහු සිරිකොතට ගිහින් එහේ මිනිසුන්ටත් කතාකරලයි අපේ පැත්තට ආවේ. එයයි මහත්මා ගුණය. එයයි වෙනස. මෙයා ඒ වගේ පැන්නේ නැහැ.

තව කෙනෙක්‌ කියනවා zජනාධිපතිතුමා මට උදේ පහට කතා කළා. මගෙන් යනවද කියලා ඇහුවා. මම කිව්වා පිස්‌සුද, මම යනවද කියලා. ඉන්පසුව දුරකථනය තැබුවා. ඉන්පසු එයා කියනවා. මම ගිය බව බල්ලවත් දන්නේ නැහැ කියලා" මේ තමයි මෙයාලා කතා කරන විදිහ. මේ විදිහේ පාවාදෙන මිනිසුන් කිහිප දෙනකුට ද මේ රට බාර දෙන්න කියන්නේ. ඔබේ අනාගතය භාර දෙන්න කියන්නේ. ඔබේ දරුවාගේ අනාගතය මේ අයට භාරදෙනවද?

මෙයාලගේ ප්‍රතිපත්ති මාලාව අරගෙන බලන්න. ඔවුන්ට ගොවි ජනතාව අමතකයි. පොහොර සහනාධාරය නැහැ. ගිය අයව අපි නැවත කිට්‌ටුවට ගන්නේ නැහැ. මම ගන්නේ නැහැ. කිව්වොත් නැහැම තමයි. ඔබ මතක තබාගන්න පොළොන්නරුවේ ජීවත්වෙලා, පොළොන්නරුවෙන් ආපු කෙනෙක්‌ පොහොර සහනාධාරය අමතක කරපු එක ෙද්‍රdaහිකමක්‌ නොවෙයිද? මුනාසික්‌ වැඩක්‌. මේක තමයි අන්තිමට වෙන්නේ. මෙයාලට අමතක වෙනවා තමන් ආවේ කොහෙන්ද? ජීවත්වුණේ කොහොමද? මේ ඉතිහාසය අමතක කරන්න නරකයි. ඉතිහාසය අමතක කරලා රටක ජීවත් වෙන්න බැහැ.

අධ්‍යාපනය ගැන බලන්න, විශ්වවිද්‍යාලවලට සුදුසුකම් නොලබන ඊළඟට සිටින දක්‌ෂතම සිසු පිරිස ජාතික විශ්වවිද්‍යාල තුළට ගාස්‌තු අය කර ශිෂ්‍ය ණය ක්‍රමයක්‌ යටතේ බඳවා ගැනේ කියලා මෙයලාගේ ප්‍රතිපත්තියේ තිබෙනවා. අපි විශ්වවිද්‍යාලවල උගන්වන්න මුදල් ගන්නවද? මෙයාලා කරන්න හදන්නේ මුදල් ගන්න. අධ්‍යාපනයත් විකුණන්න හදන්නේ. උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය බැංකු, බලශක්‌ති, ජල සම්පාදන, වරාය, ගුවන් තොටුපල, ප්‍රවාහනය ආදී රාජ්‍ය ආයතනවල කළමනාකරණය විධිමත් කෙරෙයි කියනවා. ඉස්‌සර රනිල් මේවා කරන්න හැදුවා. ඊට ඉඩ දුන්නේ නැහැ. මේක තමයි මේ කරන්න හදන්නේ.

ජාතික වස්‌තූන්, ජාතික දේපළ, විකුණන්න අපි ඉඩ තබන්නේ නැහැ. නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍ය කප්පාදු කරන්න ඉඩ තියන්නේ නැහැ. රජයේ රැකියා ලක්‍ෂ 03 කට අඩු කරන්න ඉඩ තබනවද? නැතිනම් ඔබ කරන්න ඕනෑ කුමක්‌ද කියා ඔබ තීරණය කරන්න ඕනෑ. ජාතික ආරක්‌ෂාව පිළිබඳ සිතන්න වෙනවා. හමුදාව 50% ක්‌ අඩු කරනවා කියනවා. ඊට ඔබ ඉඩ දෙනවද? උතුරේ කඳවුරු ඉවත් කරන්න ඉඩ දෙනවද? ඔබ බයවෙන්න එපා. ඔබ බුලත් කොළයට ඡන්දය දුන්නාම නව වෙනිදාට මේ සියලු වගකීම් මගේ. ලබන වසරේ ලක්‍ෂ එකහමාරක්‌ බඳවාගන්න මුදල් වෙන්කරලා තිබෙනවා. ඒ සියල්ල අපි ඉටුකරන අතරම එයාලගේ මේ කොළ පොත අපි කුණු කූඩයට දමනවා.

ඔබ අප කෙරේ විශ්වාසය තබන්න. ඔබ 2005 දී ඒ විශ්වාසය තැබුවා. අපි එය ඉටුකළා. මම කියන දේ කරන, කරන දේ කියන ජනාධිපතිවරයෙක්‌. ඔබ අප සමඟ අත්වැල් බැඳගන්න. ඔබ රැවටෙන්න එපා. හැමදාම බොරු ප්‍රචාර කරනවා. හැමදාම හිස්‌ පුටු තියනවා. කවුරු හෝ එනවා කියලා. නමුත් කවුරුත් යන්නේ නැහැ. අපේ අය පාවාදෙන්නේ නැති බව අපි ස්‌ථිරවම කියනවා. මේ වර්ෂාවත් සමඟ ඇතිවෙලා තිබෙන කාලය ගැන ඔබ දන්නවා. මම රජයේ මැති ඇමැතිවරුන් සියලු දෙනාට උපදෙස්‌ දුන්නේ තමන්ගේ පළාත්වල ගංවතුරට හානි සිදුවූ සියලු දෙනා වෙනුවෙන් ඔවුනගේ දේශපාලන කටයුතු නතර කර හෝ ඔවුන්ට උපකාර කරන්න සූදානම් වෙන්න කියලා.

ඉදිකිරීම්, නිවාස හා පොදු යටිතල පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා(- ගමේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයෝ මෙදාවත් අලියා එයි කියලා හිතුවා. රනිල් වික්‍රමසිංහ හොඬවැල වනලා සිරිසේනට ආරාධනාව දුන්නා. දැන් ගමේ එ. ජා. ප. දුක ඩබල් වෙලා විතරක්‌ නොවෙයි පක්‍ෂය ඇතුළෙත් දුක ටි්‍රබල් වෙලා. අද එක්‌සත් ජාතික පක්‍ෂය කුලියට දෙන ගර්භාෂයක්‌ වෙලා.

අපේ රට සෞභාග්‍යවත් රටක්‌. බටහිර එදා ඉඳලා අපිට තැලුවා. අපිව විනාශ කළා. අමතක කරන්න එපා ඒ අතීතය. එදා ඉඳලාම රටට ආදරය කළ අපේ මී මුතුන් මිත්තෝ ජීවිතය පූජා කළා රට වෙනුවෙන්. ලන්දේසීන්ගේ සිට ඉංග්‍රීසීන් දක්‌වා ඒ අතීතයේදී අපේ රට විවිධ තනතුරු, වරප්‍රසාද නිසා පාවා දුන්න නිසා තමයි බටහිර ජාතීන් අල්ලා ගත්තේ.

2015 ට ඒ අමිහිරි අතීතයට වසර දෙසීයයි. යළිත් රට ඒ අඳුරට තල්ලු කරන්න පිරිසක්‌ කැසකවනවා. සිරිසේන මහත්තයාගේ මෛත්‍රී පාලනය ඇයි? ගෙන් ගෙට නොදෙන්නේ. ඒකේ තියනවා රට පාවා දෙන කුමන්ත්‍රණයෙ යටි අරමුණ. දරුවෝ දෙන්න එපා දංගෙඩියට. වීරෝධාර රණවිරුවෝ ජීවිත, ඇස්‌, ඉස්‌, මස්‌, ලේ, දන්දීලා රැක ගත්ත රට ආපස්‌සට තල්ලු කරන්න ජනවාරි 08 ඡන්දය දෙනවාද? රට අනාගත දරුවන්ට මේ නිදහසින් භාරදෙන්න ඡන්දය දෙනවාද? කියලා බුද්ධිමත්ව සිතන්න. ගිවිසුම බොරුවක්‌ නම් ඇයි ජනතාවට, රටට නොකියන්නේ.

සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා(- සිරිසේන යන ගමන වැරදියි. ජයග්‍රාහී ගමනක්‌ නොවෙයි. මට තේරුණා මේ බස්‌ එක යන්නේ කනත්තට කියලා. මම ගේට්‌ටුව ළඟින් බැහැලා ආපසු හැරුණා. රට අඳුරට, අගාධයට තල්ලු කරන්න බැරි නිසා මම ජයග්‍රාහී ගමනට එකතු වුණා.

සිරිසේන මහත්තයා එක්‌සත් ජාතික පක්‍ෂය සහ අනෙක්‌ කණ්‌ඩායම් සමඟ විවිධාකාරයෙන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. භයානක ගිවිසුම්. මේ ගිවිසුම් හරිම භයානකයි. දේශපාලන ස්‌ථාවරයට, ජාතික ආරක්‌ෂාවට, රටේ ස්‌වෛරීත්වය බිඳ වැටෙන ගිවිසුම්. මට එකඟවෙන්න බැරි නිසා ආපසු හැරුණා.

මේ ගිවිසුම් ගැන තර්ක විතර්ක අවශ්‍ය නැහැ. අධිකරණ ගානේ යන්න උවමනා නැහැ. මුළු රටටම කියන්න මේ ගිවිසුම් ගැන. බටහිරට දුන් ප්‍රතිඥ ගැන. එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ව්‍යාපාරය මුළුමනින්ම බිඳ වැටිලා. මම ලොක්‌ කරලා යතුර අරගෙන ආවේ. අලියා නැහැ ඡන්ද කොළේ. දිනන මගට අප යා යුතුයි. 2000/2005/2010 මැතිවරණ ව්‍යාපාරයේදී ලැබුණ ඡන්ද ගැන අපි දන්නවා. සරත් ෙµdන්සේකා මහත්තයාට වුණ දේ අමතක නැහැ.

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා( ඉතිහාසයේ මේ රට රැකගන්න මාතලේ ජනතාව උර දුන්නා. රට ව්‍යසනයට පත් සෑම මොහොතකම රටට එරෙහිවූ බලවේගවලට නිදහස්‌ අරගලවලට පණදුන් විරුවන් අතර මාතලේ ජනතාව පෙරමුණේ සිටියා. රිෂාද් බදියුදීන් මට ඊයේ කථා කළා. මට එන්න කීවා. මම කීවා එනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ පමණක්‌ කියලා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මාව එලවා දැම්මත් මම පක්‍ෂය අතහැර යන්නේ නැහැ. කවුරු ගියත් ජනක බණ්‌ඩාර තෙන්නකෝන් යන්නේ නැහැ.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති මාතලේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රෝහණ දිසානායක මහතා(- මාතලේ ආදර්ශවත් පුරවරය, සාමයේ පුරවරය. කිසි දවසක සාමයට රටේ දියුණුවට එරෙහි වන්නේ නැහැ. වරදාන, වරප්‍රසාද අරගෙන භුක්‌ති විඳලා පක්‍ෂයට පයින් ගහලා ගිය සෑම දෙනාටම යළිත් තමන් කළ පහත් ක්‍රියාව සිහියට එන්නේ ජනවාරි 09 දා. මාතලේ ජනතාව ඒ පාඩම පක්‍ෂය උකස්‌ කළ සෑම දෙනාටම පෙන්වන්න සැදී පැහැදී සිටිනවා.

මේ යුගය තරම් මාතලේ දියුණු කළ යුගයක්‌ නැහැ. ගමක්‌ ගමක්‌ පාසා දියුණුවේ අරුණලු පිරිලා. ඒ පිපිණු මල් යළි පරවෙන්න අපි ඉඩ තබන්නේ නැහැ.

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතා - කඳුරට වෙනසක්‌ ඇති කරනවා නම් එය කළ හැකි එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. ලංකා කම්කරු කොන්ග්‍රසය කොන්දේසි විරහිතව ජනාධිපතිතුමාට සහය පළකර තිබෙනවා. සමහරු එය විවේචනය කරනවා. ජනවාරි නමවැනිදා එතුමාගේ ජයග්‍රහණයෙන් පසුව මම ලැයිස්‌තුවක්‌ එතුමාට භාර දෙනවා. කඳුරට ජනතාවට ඉටුවිය යුතු සේවාවන් පිළිබඳව. එතුමා එය භාරගැනීමට කැමැත්තෙන් සිටිනවා.

පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායක මහතා - සීතල කඳුකරයේ මිනිසුන් හැටියට අපි ගොඩනැගුණු වෙලාවේ මේ රටේ තේ දල්ලේ ආර්ථිකයත් එක්‌ක රටට බරක්‌ නොවී විශාල වැඩකොටසක්‌ ආර්ථිකයට දායකත්වයක්‌ ලබා දෙමින් වතුකරයේ ජනතාව කටයුතු කළා.

ඒ ආර්ථිකයට දායකත්වය ලබා දෙමින් කටයුතු කරන වෙලාවෙදි මේ කඳුකරයේ ද්‍රවිඩ ජනතාවට යටිතල පහසුකම් සඳහා අවකාශය, අවස්‌ථාව සලසා දුන්නේ නැහැ.

දෙදහස්‌ පහෙන් පස්‌සේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අධ්‍යාපන මට්‌ටමෙන් පහත වැටී තිබුණා. ඒ වගේම සෞඛ්‍ය මට්‌ටමින් පල්ලෙහාට වැටී තිබුණා. ඒ වගේම මාර්ග පද්ධති අපිට යා කරගෙන යන්න බැරිවෙලා තිබුණා.

නමුත් ජනාධිපතිතුමාගේ නිසි මඟපෙන්වීම යටතේ ඒ ජනතාව දුක්‌ත තත්ත්වයෙන් මුදා ගන්න හැකිවී තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් තුන්දහස්‌ එකසිය හතළිස්‌ අටක්‌ ලබා දෙන්නත්, ඒ වගේම මාර්ග පහසුකම්, මිනිස්‌ යටිතල පහසුකම්, රෝහල් ටික සංවර්ධනය කරලා, මාතෘ සායන, ළදරු සායන ලබාදීලා අපි එක අම්මගෙ දරුවො වගෙ ගමයි වත්තයි දෙකක්‌ නොවී මිත්‍රශීලී, සුහදශීලීව ඒ ගමන යන්න පුළුවන් අවස්‌ථාව සැලසුනේ ජනාධිපතිතුමන් නිසයි. ඔබතුමාව කරතියාගෙන ඔබතුමාව උඩට ගෙනාපු උදවිය අද මේ අශුද්ධ සංධානයක්‌ හදාගෙන. ඒ අශුද්ධ සන්ධානයෙන් ඔබතුමාට එරෙහි වෙනකොට වතුකරයේ ජනතාවත්, කඳුකරයේ ජනතාවත් ඔබතුමා අතහැර යන්නේ නැති බව පැහැදිලිව කියන්න ඕන.

අපේ ජනතාවක්‌ හැටියට තමුන්නාන්සේලා, අපි පීඩා විඳිමින්, දුක්‌ විඳිමින් සිටි අතීතය අමතක කරලා දාලා මේ ගෝලීකරණය තුළ ගමේ දරුවන් වතුකරයේ දරුවන් එතනට ගෙනියන්න අවස්‌ථාව සැලසුණා. කවුරුත් වරදානවලට දාලා ගියාට මේ ගමන නතර කරන්න පුළුවන්කමක්‌ නැහැ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මුත්තු සිවලිංගම්, මධ්‍යම පළාත් පසු සම්පත් හා වතු යටිතල පහසුකම් ඇමැති මුත්තයියා රාමසාමි, ඌව පළාත් සභා පශු සම්පත් වතු යටිතල පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොණ්‌ඩමන්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් වන එම්. රමේෂ්වරන්, ඒ. පී. සත්‍යවේල් යන මහත්වරුද මෙම රැස්‌වීම ඇමතූහ. 

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති වයි. ජී, පත්මසිරි, හිටපු මන්ත්‍රී ඒ. එච්.එම්. අස්‌වර්, ප්‍රවීණ කලාකරු ජැක්‌සන් ඇන්තනි, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්‌. සතාසිවම්. එස්‌. සිවඥානම්, පරාක්‍රම දිසානායක, මාතලේ පුරපති හිල්මි කරීම්, නියෝජ්‍ය පුරපති නීතිඥ මොහාන් වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ එක්‌ව සිටියහ.

No comments:

Post a Comment