Dec 31, 2014

30 Dec 2014
8 වැනිදායින් පසු ගොවීන්ට සියලු පහසුකම්  බාල පොහොර වෙනුවට 350ට හොඳ පොහොර  වැඩි මිලට වී විකුණගන්න ගබඩා හදනවා
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
ජනතා සුබසාධනය සඳහා ඇති මුදල්  ජනාධිපතිවරයා පවුලේ ප්‍රයෝජනයට යොදාගෙන
සරත් ෙµdන්සේකා

බස්‌ 450 කින් සෙනග ගෙනාවත් ජනපතිගේ  රැස්‌වීමට මෙතරම් සෙනඟක'හිටියේ නැහැ
මන්ත්‍රිනී අනෝමා ගමගේ
ආසනික්‌ සහිත බාල වර්ගයේ පොහොර කෘමිනාශක සහ වල් නාශක ප්‍රමිතියෙන් ක්‍රමවත් බවක්‌ නොමැතිව රටට ගෙන්වීම නිසා අනුරාධපුරයෙන් පටන්ගෙන දිස්‌ත්‍රික්‌ක කීපයක වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති අතර ඉදිරි වසර 10 වන විට ලංකාවෙන් තුනෙන් දෙකක ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට නීති රීති ගෙන ආ අවස්‌ථාවේ රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ යුවරජු බැසිල් රාජපක්‍ෂ එම යෝජනාවලට විරුද්ධව කතා කළා. ඉන් පසු අපට සිදු වුණේ එම යෝජනා ඉවත් කර ගැනීමට යෑයි විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අම්පාරේදී සහ මොනරාගල පැවති ජන රැලිවලදී පැවසීය. එක්‌සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතා විසින් සංවිධානය කරනු ලැබූ මෙම රැළිය අම්පාර නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේදී පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් කතා කළ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා - පොළොන්නරුව මෙන්ම අම්පාර ප්‍රදේශයේ ගොවි ජනතාව මට අමුත්තන් නොවේ. දැනට ලබාදෙන බාල පොහොර වෙනුවට උසස්‌ තත්ත්වයේ පොහොර රුපියල් 350 බැගින් අපගේ රජය යටතේ ලබාදෙනවා. වී ගොවිතැන මෙන් එළවළු, පලතුරු ගොවීන්ට ද උසස්‌ වර්ගයේ බීජ සහ උපදෙස්‌ ලබාදිය යුතුයි. පිට රටවලින් පලතුරු සහ එළවළු මෙරටට ගෙන්වීම නතර කර මෙරට ගොවීන්ට පහසුකම් ලබාදී එළවළු සහ පලතුරු ගොවීන්ගේ ආදායම වැඩි කළ යුතුයි. 
ගොවීන් විසින් නිපදවන වී වැඩි කල් ගබඩා කර වැඩි මිලක්‌ ලබා ගැනීම සඳහා වී ගබඩා ඉදිකර දිය යුතුයි. අපි යෝජනා කරන විට ජනාධිපතිවරයා පවසන්නේ ඒ කටයුතු ව්‍යාපාරිකයන්, මෝල් හිමියන් ගනු ඇතැයි අපට නිශ්ශබ්ද වෙන ලෙසටයි. ගොවි බිම්වලට වතුර ගෙන යන බෙදුම් ඇලවල් සහ කෙත් ඇලවල් බොහෝමයක්‌ විනාශ වී ගොස්‌ ඇති අතර ඒවා ප්‍රතිසංස්‌කරණය කළ යුතුයි. නමුත් ඒ සඳහා සල්ලි දෙන්නේ නැහැ. එසේ සල්ලි දෙනවිට කොමිස්‌ ගැසිය නොහැකි නිසා එම වැඩවලට අත තියන්නේ නැහැ.
http://www.divaina.com/2014/12/30/news16.html
ලංකා ඉතිහාසයේ දූෂිතම රාජ්‍ය පාලන යුගය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ යුගයයි. අල්ලස, දූෂණය, නාස්‌තිය, ළමා අපචාර, මත් කුඩු, කැසිනෝ, එතනෝල් නිසා මේ රට දුරාචාරයට පත්වී තිබෙනවා. රජ පවුලක්‌ සඳහා මාලිගා නොහදා ජනතාවගේ දුගී බව තුරන් කිරීමට කටයුතු කළ යුතුයි. ආඥදායක බලයක්‌ ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙනස්‌ කරනු ලැබුවේ පාර්ලිමේන්තුව නිහඬ කරලා. රාජ්‍ය සේවය පොලිසිය ත්‍රිවිධ හමුදාව අධිකරණය නිහඬ කර තිබෙනවා.

මේ රටේ මහා යුද්ධය එදා 2005 මහින්ද රාජපක්‍ෂ මහත්තයා බලයට පත්වෙලා ජෙනරාල් සරත් ෙµdන්සේකා මහතාගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ නායකත්වයෙන් සිවිල් ආරක්‍ෂක සේවාව රටේ සිවිල් ජනතාව ජීවිත දහස්‌ ගණනින් පරිත්‍යාග කරලා අපිට ජය ගන්න පුළුවන්කම ලැබුණා. 2009 මැයි මාසයේ 18 වැනිදා ප්‍රභාකරන් සහ එල්. ටී. ටී. ඊ. නායකයන් අවසන් ගමන ගිය මොහොතේදී තමුන්නාන්සේලා වගේම මේ රටේ සිටි සමස්‌ත ජනතාව නැගී සිටිමින් ජාතික කොඩිය අතට අරගෙන සිංහ කොඩිය අතට අරගෙන අපේ මහ රජානෝ කියලා ජය ඝෝෂා නැගුවා මතක ඇති. ඒ විතරක්‌ නොවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අසල සිටි සමහර උදවිය මේ මහ රජානො කියලා ගීත නිබන්ධන කරනු ලැබුවා.

මහින්ද රාජපක්‍ෂ මහත්මයා 2009, 2010 හිටපු තැන වෙනස්‌ වෙලා වෙනස්‌ විදියට වටපිට බලනකොට වෙනස්‌ විදියට දේශපාලන තීන්දු තීරණ ගන්න කොට අපිට හිතුණා මහින්ද රාජපක්‍ෂ මහත්මයා සූදානම් වෙන්නේ දැහැමි රජෙක්‌ වත් වෙයි කියලා. මේ රටේ රජෙක්‌ නැහැ. මේ රටේ රජ පවුලක්‌ නැහැ. මේ රටේ රජුන්ට මාලිගා නැහැ. මේ රටේ සිවිල්බල සේනා තියෙන රජෙක්‌ ඉන්න විදිහක්‌ නැහැ. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ මහත්මයා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ දුගී බව, ජනතාවගේ අයිතිය ජනතාවගේ වරප්‍රසාද, ඒ සියල්ල යටපත් කරමින් 2005 සිටි සුන්දර මිනිසා වෙනස්‌ වෙමින් රජෙක්‌ විදියට ආඥදායක ලෙස ඒකාධිපති ගමනක්‌ යන්න ගත්තා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙµdන්සේකා මහතා - ජනතා සුබ සාධනය සඳහා යොදාගත යුතු මුදල් ජනාධිපතිවරයා පවුලේ ප්‍රයෝජනය සඳහා යොදවනවා. නොමිලයේ ලැබෙන යාන වාහන විදේශ ගමන් බිමන් ජනාධිපතිවරයාගේ සහ හිතවතුන්ගේ ප්‍රයෝජනයට යොදා ගන්නවා.

දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරමින් රට වැරදි පාරක ගෙනයනවා. අධිවේගී මාර්ගවලින්, දුම්රිය පාරෙන් කෝටි ගණන් මුදල් වංචා කළා. හම්බන්තොට වරාය, ගුවන්තොටුපල අද සත්තු වත්තක්‌ බවට පත්වෙලා. උගස්‌ තැබූ රන් බඩු බේරා ගැනීමට නොහැකිව ඒවා බැංකුවලට සින්න වෙනවා.

දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය - බස්‌ 450 කින් සෙනග ගෙනාවත් මෙතරම් සෙනගක්‌ ජනාධිපතිතුමාගේ රැස්‌වීමට හිටියේ නැහැ. අද මෛත්‍රීපාල සිරිසේන මහතාට කාලගුණය පවා ආශිර්වාද කරනවා.

කාන්තාවන්ගේ ඡන්දය ලැබෙන බව ජනාධිපතිතුමා කියනවා. එතුමා පරාජය කරන්නේත් කාන්තාවන්මයි. මේ රට දුරාචාරයෙන් පිරිලා. අපි ගමට ගියාම ගම්වැසියන් කියන්නේ තමන්ට ගමන් කරන්න පාරවල් ප්‍රතිසංස්‌කරණය දෙන ලෙසයි.

ජනාධිපතිතුමා ජනතාවගේ හිතේ නොව ලයිට්‌ කණුවලයි තියෙන්නේ. මෙම වතාවේ ජනාධිපතිවරයා පරාජය නොකළොත් කිසිම දවසක තවත් කෙනකුට බලයට ඒමට නොහැකි සැලසුම් ඔවුන් සකස්‌ කර තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහතා - කොළඹට පමණක්‌ දෙවැනි වන දිස්‌ත්‍රික්‌කයක්‌ ලෙස පත්කිරීමට සම්පත් සහ ශ්‍රමය නැගෙනහිර පළාතේ තිබෙනවා. නමුත් අපට බලයක්‌ තිබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත් වී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් වැඩ ආරම්භ වීමෙන් පසු එම සංවර්ධන කටයුතු ආරම්භ කරනවා.

මහින්ද රාජපක්‍ෂ හැදුවේ අධිවේගී මාර්ග දෙකයි. ඒ සඳහා අති විශාල මුදලක්‌ වැය කර තිබෙනවා. කාපට්‌ පාරවල් වලින් ලක්‍ෂ ගණන් හොරකම් කරලා. උපදින්න ඉන්න දරුවත් රුපියල් හාරලක්‍ෂ විසිපහක්‌ ණය කරල තිබෙනවා.

පසුගිය මැයි දිනයේදී අම්පාරෙන් තැබූ වෙඩිමුරය රට පුරා පැතිරී ගොස්‌ එජාප ආණ්‌ඩුවක්‌ හදන්න මුල් පියවර දැන් ආරම්භ කළා. රටේ යහපාලනයක්‌ ගෙන යැමට ශ්‍රී ල.නි.ප. යේ අය ඒකරාශි විය යුතුයි.

හිටපු ධීවර ජලජ සම්පත් ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා - නොයකුත් අවස්‌ථාවලදී උද්ඝෝෂණවලට ගොස්‌ මහින්ද රාජපක්‍ෂත් ඇවිත් ගුටිකාලා තියෙනවා. රාජපක්‍ෂ පවුලේ කිසි කෙනෙක්‌ එදා එළියට ආවේ නැහැ. 2010 ජනාධිපතිවරණයෙන් පසුව වෙනස්‌ පුද්ගලයකු වුණා. අපි කරන ප්‍රගතිශීලී යෝජනාත් ඔහු විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා.

මෙම රැස්‌වීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී චJද්‍රදාස ගලප්පත්ති මහතා, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා සහ අම්පාර නගර සභාවේ විපක්‍ෂ නායක ශාන්ත වික්‍රමසේන මහතා සහ සියලුම පළාත් පාලන නියෝජිතයෝ සහභාගි වූහ.

No comments:

Post a Comment