Dec 31, 2014

31 Dec 2014
මම ඊළමක්‌ ඉල්ලුවේ නෑ
මන්නාරම රදගුරු මෛත්‍රීට කියයි


මෛත්‍රිපාල සිරිසේන මහතා මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා හමුවූ අවස්‌ථාව

ද්‍රවිඩ සන්ධානය හෝ තමන් කිසි දිනෙක ඊළමක්‌ ඉල්ලුවේ නැති බවත් ඒකීය රටක්‌ තුළ සමානාත්මතාවකින් ජීවත්වීම ද්‍රවිඩ ජනතාවගේ ප්‍රාර්ථනාව බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා ඊයේ (30 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා හා මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා හමුවීම
ඊයේ (30 දා) පෙරවරුවේ සිදුවිය.
එහිදී අදහස්‌ දැක්‌වූ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අප මාතෘ භූමිය තුළ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු ජාතීන්ට ඒකීය රටක යහපාලනයක්‌ යටතේ අභිමානවත් ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත්වන යුගයක්‌ උදාකිරීම තම අපේක්‍ෂාව බව සඳහන් කර සිටියේය. තමාගේ එම අරමුණ ඉටුකරලීමට මඟÊපෙන්වීම ලබා දෙන ලෙස සියලු ආගමික නායකයන් වෙත ගෞරව පූර්වක ඇරයුමක්‌ කරන බව ද එහිදී හෙතෙම පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ ජන හමු කිහිපයක්‌ ඊයේ වවුනියාව, යාපනය, මුලතිව්, කිළිනොච්චි ඇතුළු ප්‍රදේශවල පැවැති අතර, විශාල ජන සහභාගිත්වයක්‌ එම රැස්‌වීම්වල දක්‌නට ලැබිණි.

http://www.divaina.com/2014/12/31/news09.html

No comments:

Post a Comment