Dec 31, 2014

31 Dec 2014
කුඹුක්‌ගැටේදී කලාකරුවන්ට පහර දීමට  සම්බන්ධ වයඹ පළාත් මන්ත්‍රී දැලේ
කුරුණෑගල කුඹුක්‌ගැටේ ප්‍රදේශයේදී කලාකරුවන් පිරිසකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධියට සම්බන්ධ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා ගොකරැල්ල පොලිසිය මගින් ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
කමල් ඉන්දික මහතා නීතිඥයෙකු මාර්ගයෙන් ගොකරැල්ල පොලිසිය වෙත ඊයේ පෙරවරුවේ භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිsරිසේන මහතාට ආධාර පිණිස "අලුත් පරපුර" කලාකරුවන්ගේ සංවිධානය විසින් කුඹුක්‌ගැටේ ප්‍රදේශයේදී ප්‍රසංගයක්‌ සහ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ පවත්වා ඇත.
මේ අවස්‌ථාවේ සැකකාර මන්ත්‍රීවරයා සියයකට අධික මැර පිරිසක්‌ සමඟ පැමිණ ඉතාම අශෝභන ලෙස කලාකරුවන්ට පරිභව කරමින් ඔවුන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. එහිදී සමනලී ෆොන්සේකා මහත්මිය ඇතුළු තිදෙනෙක්‌ තුවාල ලැබූහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබිණි. මෙමප්‍රහාරයට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතය.
ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

http://www.divaina.com/2015/01/01/news16.html

වයඹ මන්ත්‍රී රිමාන්ඩ්
2014 දෙසැම්බර් මස 31 13:54:42
 කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහර දුන් සිද්ධියට සැකපිට අද (31) අත් අඩංගුවට පත් වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
චෝදනා පහක් යටතේ මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
http://www.lankadeepa.lk/index.php/top_story/286774

වයඹ සන්ධාන මන්ත්‍රී පොලිසියට බාර වෙයි
2014 දෙසැම්බර් මස 31 09:54:13 |
   කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහරදීමේ සිද්ධියේ චෝදනා ලැබ සිටින වයඹ පළාත් සභා සන්ධාන මන්ත්‍රී කමල් ඉන්දික මහතා අද(31) උදෑසන නීතිඥයකු මාර්ගයෙන් ගොකරැල්ල පොලිසියට බාර විමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment