Dec 31, 2014

31 Dec 2014
කලාකරුවන්ට පහරදීමට පිළිකුලෙන් හෙළා දකිනවා
 ජාතික එකමුතුව -  රෝහණ වීරසිංහ
හම්බන්තොටදී හා කුරුණෑගලදී කලාකරුවන් පිරිසකට පහරදුන් මැර කල්ලි ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට බරපතළ හානියක්‌ සිදු කොට ජයග්‍රාහණය කිළිටි කිරීම අවාසනාවන්ත තත්ත්වයක්‌ බව ශ්‍රී ලාංකේය කලා කරුවන්ගේ ජාතික සංවිධානය වෙනුවෙන් රෝහණ වීරසිංහ මහතා අත්සනින් යුතු නිවේදනයකින් කියා සිටී.
එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ. කලාකරුවන් පිරිසකට හම්බන්තොටදී හා කුරුණෑගලදී සිදුකර ඇති ප්‍රහාරයන් අප සංවිධානය පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින අතර මේ නින්දිත ප්‍රහාරයට ලක්‌ වූ කලාකරුවන් වෙත අපගේ හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කර සිටිමු. මෙවැනි අඳ බාල ක්‍රියාදාමයන්ගෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ කීර්ති නාමයට සිදුවන බරපතළ හානිය හා එතුමන්ගේ නියත ජයග්‍රහණය කිළිටි කිරීම පිළිබඳව මේ මැර කල්ලිවලට අබැටකුදු හෝ අවබෝධයක්‌ නොතිබීම අවාසනාවන්තය. ඕනෑම අයෙකුට තම දේශපාලන මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කිරීම අප කිසිසේත් අනුමත නොකරමු. මේ නොහොබිනා නොහික්‌මුණු ක්‍රියාදාමයන් සිදුකරන මැරයන් පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාත්මක කොට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කරනමෙන් ජනාධිපති තුමන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Attack on artistes assailants absconding
December 30, 2014, 12:00 pm 
North Western provincial councillor Kamal Indika and his driver who are alleged to have masterminded the attack on young artistes at Kumbukgete in the Gokarella police area on Monday afternoon were at large until this edition went to press.
Officer-in-Charge of the Gokarella Police station, Chief Inspector Palitha Dias told The Island that the suspects had fled the area.
Artistes, Samanali Fonseka and Lakshman Wijesekara, who sustained injuries are being treated in hospital. ............
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=116863

No comments:

Post a Comment