Dec 30, 2014

30 Dec 2014
මහියංගනයේ මැරයෝ පැන යති
කර්නල් අයිසීයූ එකේ
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහියංගන සොරබොර ජනපදයේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පෙරේදා (28 වැනිදා) රාත්‍රි කඩාවැදුණු මැර පිරිසක්‌ එහි සිටි හිටපු හමුදා කර්නල්වරයකු ඇතුළු තිදෙනකුට අමානුෂික ලෙස පහර දී කාර්යාලය ද විනාශ කර හතර අතට වෙඩි තබමින් පලාගොස්‌ ඇත.
මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ හිටපු යුද හමුදා කර්නල් චන්ද්‍රසේන මහතා මහියංගනය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
පහළොස්‌දෙනකුගෙන් පමණ සමන්විත වූ සන්නද්ධ මැර පිරිස පැමිණ ඇත්තේ වාහන තුනකින් බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.ප්‍රහාරයට පැමිණි පිරිස අතර සිටි මහියංගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු, වෙළෙඳ සංගමයේ නිලධාරියකු, බස්‌ සංගමයේ නිලධාරියකු ඇතුළු සිව්දෙනකු හඳුනාගෙන තිබේ.
මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පෙරේදා උදේ වරුවේ විවෘත කළ අතර ඊට එදිනම රාත්‍රි ප්‍රහාර එල්ල කිරීම විශේෂ සිදුවීමකි.ප්‍රහාරය එල්ල වන විට කාර්යාලයේ සිටි කුඩා දරුවන් දෙදෙනකු හා පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා මහියංගන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය හා සුවදුක්‌ පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (29 දා) දහවල් මහියංගන මූලික රෝහල වෙත පැමිණියේය.

http://www.divaina.com/2014/12/30/news07.html
මෙසේ තුවාල ලබා ඇත්තේ යුද්ධයේදී බෝම්බ ප්‍රහාරයකට ලක්‌වී ආබාධිත තත්ත්වයේ පසුවන (කකුලක්‌ අහිමි) විශ්‍රාමික කර්නල් එම්. චන්ද්‍රසේන මහතායි. මැර පිරිස තමාට අමානුෂික අන්දමින් පහර දී තම දරුවා වන අභිලාස්‌ මාමුනගේ (15) හට පොලු මුගුරුවලින් පහර දුන් බවත් තම බොරු කකුල ද මැරයන් විසින් පැහැරගෙන ගිය බවත් චන්ද්‍රසේන මහතා පවසයි. අනෙකුත් තුවාලකරු වන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ අපේක්‍ෂක රෝහණ ප්‍රසන්න විඡේසේකර (40), සංදීප ගොවිදුනාත (11) කුඩා දරුවා සහ ආරියදාස මංචනායක (56) යන අයයි.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ සවස්‌ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. මහියංගනය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
 

No comments:

Post a Comment