Dec 30, 2014

30 Dec 2014
කොළොන්නාවේ ප්‍රචණ්‌ඩත්වය
වළක්‌වන්න වැඩපිළිවෙළක්‌ යොදන්නපැµරල් සංවිධානය පොලිස්‌පතිට කියයි
කොළොන්නාව ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය වළක්‌වා ගැනීමට සුදුසු ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ යොදන ලෙස පැµරල් සංවිධානය පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටී.
කොළොන්නාව ප්‍රදේශයේ ඉකුත් දින කිහිපය තුළ වෙඩි තැබීම් සිද්ධි දෙකක්‌ ඇතුළුව ප්‍රචණ්‌ඩ ක්‍රියා කිහිපයක්‌ වාර්තා වූ බවද ඉකුත් පළාත් පාලන මැතිවරණ සමයේදී එම ප්‍රදේශයේ සිදුවූ සිද්ධියකින් වටිනා ජීවිත අහිමි වූ බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
එම නිසා ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය පිළිබඳ සලකා බලා විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්‌ එම ප්‍රදේශයට යොදන ලෙසත් ප්‍රචණ්‌ඩව හැසිරුණු පිරිස්‌ අත්අඩංගුවට ගන්නා ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටී.

http://www.divaina.com/2014/12/30/news21.html

No comments:

Post a Comment