Jan 1, 2015

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී විදේශ බලවේගයට යටත්කර දීමට පිරිසක්‌ කුමන්ත්‍රණ කරනවා - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

01 Jan 2014
විවිධ උපක්‍රම යොදා කන්ද උඩරට සිංහල රජුත් සමඟ රාජ්‍යය, අධිරාජ්‍යවාදීන්ට පාවා දී හරියටම 2015 ලබන මාර්තු මාසයට වසර 200 සම්පූර්ණ වන අවස්‌ථාවේ නැවතත් කුමන්ත්‍රණයක්‌ මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය, අධිරාජ්‍යවාදී විදේශ බලවේගයන්ට යටත් කර දීමට කල්ලියක්‌ කටයුතු කරමින් සිටින බව බොදු බල සේනා මහා ලේඛකාධිකාරී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඉකුත් 27 දා ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයේදී අධිෂ්ඨාන පූජාවක්‌ ආරම්භ කරමින් පැවැසූහ.
සමස්‌ත රටත්, ජාතියත් සතුරු බලවේගයකින් නතුකර ගැනීම පරාජය කිරීම සඳහා දළදා සමිඳුන්ගේ පිහිට ආයාචනා කරමින් පවත්වන මෙම අධිෂ්ඨාන පූජාව ජාතික අධිෂ්ඨාන පූජාවක්‌ බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණෝ පැවැසූහ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදාකාලිකවම මේ රටේ ජනාධිපතිවරයා ලෙස තබා ගැනීමේ අවශ්‍යතාවක්‌ නොවන නමුත් මෙවර මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කළ යුතු වන්නේ නැතැයි උන්වහන්සේ පැවසූහ.
මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට උත්සාහ කරන්නේ මේ රට කැබලිවලට කඩා බෙදා දීමටත් පැකේජය හා සුනාමි මණ්‌ඩල පිහිටුවීම වැනි යෝජනා මගින් කටයුතු කළ නායක නායිකාවන් බව පැවසූ ඥානසාර හිමියෝ මේ රටේ වීරෝදාර ජනතාව සිංහල රටත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමට දුටුගැමුණු රජ දවස සිට පැවත එන පරපුරක ජනතාවක්‌ නිසා දළදා සමිඳුන්ගේ පිහිටෙන්, ශක්‌තියෙන් හා බලයෙන් සතුරු බලවේගවලට කිසිදාක ඉඩ නොතබන බවද පැවැසූහ.

No comments:

Post a Comment