Jan 1, 2015

උසස් අධ්‍යාපන නි.ඇමතිගේ සහය ත් මෛත්‍රීපාල සිරිසේනට

01 Jan 2014
උසස් අධ්‍යාපන නි.ඇමතිගේ සහය ත් මෛත්‍රීපාල සිරිසේනට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා මෙ වන විට මාධ්‍ය හමුවකට එක්ව සිටියි.එහිදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය සහය පළ කරන බව ය.
http://www.divaina.com/2015/01/02/news06.html
උසස්‌ අධ්‍යාපන නි.ඇමැති නන්දිමිත්‍ර මෛත්‍රීපිලට යයි

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට උසස්‌ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා ඊයේ (01 වැනිදා) ඒකාබද්ධ පොදු විපක්‍ෂය සමග එක්‌විය.
එසේම පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සභාපතිවරුන් දෙදෙනකු, උප සභාපතිවරුන් දෙදෙනකු ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරු 17 දෙනෙක්‌ සහ ගම්පහ උප නගරාධිපතිවරයාද ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්‌වීමට එක්‌ වූහ.
කොළඹ තිඹිරිගස්‌යායේ පිහිටි පොදු විපක්‍ෂයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් නන්දිමිත්‍ර ඒකනායක මහතා පොදු විපක්‍ෂය සමග එක්‌විය.
මේ සමගම ගම්පහ උප නගරාධිපති අජිත් බස්‌නායක මහතා ද පොදු විපක්‍ෂය වෙත එක්‌විය.
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥනරත්න, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති හේමසිරි මුණසිංහ, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති, පුෂ්පකුමාර රණසිංහ, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුල සමන්සිරි මහතා ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරු 17 දෙනෙක්‌ද පොදු විපක්‍ෂය සමග එක්‌ වූහ.
මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු සිවු දෙනෙක්‌ සහ තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු හත්දෙනෙක්‌ මෙසේ මෛත්‍රී පාර්ශ්වය සමග එක්‌වූහ.
මේ අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ සංවිධායක චමිල මුණසිංහ මහතා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට ඊයේ එක්‌විය.

No comments:

Post a Comment