Nov 16, 2014


 Nov 09, 2014

තුන්වැනි ධුර කාලය ගැන අධිකරණයෙන් විමසීමේ සිද්ධියට එජාපය සම්බන්ධ වෙන්නේ නැහැ – රනිල් (VIDEO)


කවුරුහරි අපේක්ෂකයෙක්ට තරග කරන්න බැරි නම් ඒකට විරුද්ධත්වයක් තියෙනවා නම් ඉස්සල්ලාම ඒක ප්‍රකාශ කරන්න ඕනේ නාමයෝජනා භාර දුන්නාම. නාමයෝජනා භාරදුන්නායින් පස්සේ හැම නීතියේම පැයක් දීලා තියෙනවා විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒ විරෝධතාවයේ තීරණය දෙන්න ඕනේ මැතිවරණ කොමසාරිස් තුමා. මැතිවරණ කොමසාරිස්තුමා ඒ තීරණය දුන්නායින් පස්සේ ඒක පිළිගන්න බැරි නම් උසාවියට යන්න තියෙන්න ඕනේ. එහෙනම් මැතිවරණ කොමසාරිස්ට මේ පිළිබඳව, එහෙම නැත්තන් වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳව ස්වාධීන තීරණයක් අරගන්ට අවස්ථාව තියෙන්න ඕනේ. ඒ අවස්ථාව නැතිවෙනවා මේක උසාවියට දුන්නාම. ඒ නිසා ඒ මැතිවරණ කොමසාරිස්ගේ ස්වාධීන යුතුකමට මේකෙන් පහර ගහනවා. ඒ වගේම මේ කරන උපදේශක අධිකරණ බලය යොදවන්න පොදු වැදගත්කමක් නැති නිසා එක්සත් ජාතික පක්ෂය මේ දැන් ඉදිරිපත් කරලා තියෙන සම්බන්ධ වෙන්නේ නෑ කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. 18 වැනි සංශෝධනය සිදු කරද්දි විශාල අඩුපාඩු සිදුවෙලා තිබෙනවා. නීතීය ගෙනාවේ නම් ජනාධිපිවරයාට තුන්වැනි වාරයක් දෙන්න. ඇත්ත වශයෙන්ම නීතියෙන් ඒ ඒ වාරේ නැතිවෙලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් අහන්න තියෙනවා මේ ගැන හොයලා බලලා කවුද වග කියන්නේ කියලා.  මේක සම්මත කරගන්න තුනෙන් දෙකක් තිබුන් නෑ. විරුද්ධ පක්ෂයේ ඉන්න අය ඇදගෙන මේ සම්මත කරලා තියෙන්නේ   විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ පැත්තට අරගත්ත අරගත්ත එකේ විපාකේ විදින්න සිද්ධ වෙලා තියෙනවා ජනාධිපතිතුමාට...........

No comments:

Post a Comment