Nov 16, 2014

2014 නොවැම්බර් මස 07
නම් හතරක් පොදු අපේක්ෂක ලැයිස්තුවට?
සෝභිත හිමි,චන්ද්‍රිකා,රනිල් හා කරුගේ නම් සාකච්ඡා වේ

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයෙන්  ලබන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජනපතිවරණයට දින නියම කළ පසු ප්‍රකාශයට පත් කරන බව එහි සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති.
තම වැඩපිළිවෙළට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණද එකඟත්වයක් ගොඩ නැගෙන ලකුණු ඇතැයි ද ඒ හිමියෝ කියති.
සෝභිත හිමි ,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,රනිල් වික්‍රමසිංහ හා කරු ජයසුරීය යන සිව් දෙනාගෙන් කෙනකු බොහෝ දුරට පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීමේ ඉඩකඩ ඇතැයි ද ඒ සඳහා යළි රැස්වීමක් ලබන10 වැනිදා පැවැත්වීමට නියමිත යැයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment