Nov 16, 2014


Nov 15, 2014

විධායක බලතල පාවිච්චි කළ ආකාරය ගැන ජනපති රටට කියයි (VIDEO)

මම එහෙම අයුතු ලෙස කොයි වෙලාවකවත් මං පාවිච්චි කළේ නෑ. මං විධායක ජනාධිපතිකම පාවිච්චි කරලා තියෙනවා නැත්තේ නෑ හාමුදුරුවනේ. යුද්දේ අවසන් කරන්න, රටේ සංවර්ධනය කරන්න. මේවාට අපි පාවිච්චි කළා. අපි මේවා කරනකොට මේවා දිහා වෛරයකින් ක්‍රෝධයකින් ඉරිසියාවකින් බලන පිරිසක් ඉන්නවා. යුගයක් තිබුණා පත්තරේ කෑලි කපලා. පත්තරේ ගහලා තියෙනවා පත්රේ හිස්. බලධාරියා විසින් කපා හරින ලදි. මොකද ජනාධිපතිට බැන්නොත් ආණ්ඩුවට විරුද්ධව කියුවොත් පත්තරේ කැපුවා. අද ජනමාධ්‍යට අමතක වෙළා මේවා. අපි කියුවා නෑ ඕනේ එකක් ලියනවා.  ඉඩමක් තිබුණා නම් ඒ ඉඩම බැසිල් රාජපක්ෂගේ, අලුතින් ගෙයක් හැදුවා නම් ඒක ගෝඨාභයගේ,ගාලු පාරේ ඉඳලා ටෙම්පල් ට්‍රීස් එකට එනකන් මම අරගෙන මෙහෙම තමයි කියුවේ එදා,නමුත් ජනතාව ඒවා පිළිගත්තේ නෑ. මම හැම වෙලාවෙම විශ්වාස කරනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපිට තියෙනකන් දළදා වහන්සේ අපිට තියෙනකන් මේ රට දෙවිවරු බලාගන්නවා.


ගම්පොළ නගරාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය.

වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ හෙට්ටිආරච්චි මහතා, වසර 12 ක් ගම්‍‍පොළ නගරාධිපතිධුරය හෙබවූ අයෙකි.
ජනාධිපතිවරයා අද පෙරවරුවේ, ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව මල්වතු මහා විහාරයට ගිය ජනාධිපතිතුමා, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසුවේය.
ජනාධිපතිවරයා, අස්ගිරි මහා විහාරයට ද ගොස්, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහ නාහිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපතිතුමා, ජනතා අයතියට පත් කළේ ද අද පෙරවරුවේදී ය.

රුපියල් මිලියන 20 ක වියදමින් ඉදිකළ මහනුවර බස් නැවතුම්පොළ, රුපියල් මිලියන 289 ක වියදමින් ඉදි කළ සාප්පු සංකීර්ණයද විවාත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි.
එම අවස්ථාවේදී නගරයට පැමිණ සිටි ජනතාවගේ සුවදුක් ද ජනාධිපතිවරයා විමසා සිටියේය.

No comments:

Post a Comment