Nov 16, 2014


2014 නොවැම්බර් මස 16
පළාත් පාලන මන්ත්‍රී දීමනා දෙගුණයකින් වැඩි වේ
මහ නගර සභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන්ගේ දීමනා  නොවැම්බරයේ සිට දෙගුණයකින් වැඩි කැර ඇත.
ඒ අනුව නගරාධිපති හා නගර සභාපතිවරුන්ගේ දීමනාව රුපියල් තිස්දහසකි.උප නගරාධිපති හා උප සභාපතිවරුවන්ගේ දීමනාව රුපියල් විසිපන්දහසකි.මහ නගර සභා හා සුළු නගර සභා මන්ත්‍රී දීමනාව විසිදහසකි.මීටපෙර නගරාධිපතිට හා නගර සභාපතිවරුන්ට ගෙවුයේ රුපියල් පහළොස් දහසකි.සභිකයකුගේ දීමනාව රුපියල් හත්දහසකි.
ප්‍රාදේශිය සභාපති දිමනාව රුපියල් විසිපන්දසකි.උප සභාපති දීමනාව රුපියල් විසිදහසකි.මන්ත්‍රී දිමනාව රුපියල් පහළොස් දහසකි. මීටපෙර ප්‍රාදේශීය සභාපතිවරයකුට රුපියල් දස දසහක්ද උප සභාපතිවරයකුට රුපියල් හයදහස් පන්සීයක්ද  මන්ත්‍රීවරයකුට රුපියල් පන්දහසක්ද ලැබිණි.
ශ්‍රී ලංකාවේ  මහනගර සභා 23කි .නගර සභා 41 කි.ප්‍රාදේශිය සභා 271 කි.ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි.

No comments:

Post a Comment