Nov 16, 2014

යහපාලනය සඳහා වන පුරවැසි සංවිධානයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
2014 ඔක්තෝබර් මස 22 1
යහ පාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරය ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ මුල් කොටස සම්පාදනය කර අවසන් බව සිමොග් සභාපති ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා කියයි.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීමට හේතුවූ පසුබිම එහි සඳහන් කර තිබේ. එහි මෙසේ ද සඳහන් වේ.
‘මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනතාවගේ බලයේ අංගෝපාංග බොහොමයක් දේශපාලකයන්ට තමන් උදෙසා ඩැහැ ගැනීමට හැකියාව ලබා දී තිබේ. ඔවුහු වරක් තේරීපත්වූ පසු ජනතාවගේ වියපැහැදමෙන් ඔවුන් ද, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන් හා ආධාරකරුවන් ද පොහොසත් කිරීම සඳහා ඔවුන්ගේ බලය ප්‍රයෝජනයට ගැනීමට නීත්‍යනුකූල හා නීති විරෝධී යන මාධ්‍යයන් දෙකම භාවිත කිරීමට පසුබට නොවෙති.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදාක රාජ්‍ය හා පෞද්ගලික වත්කම් මංකොල්ලකන, අයථා ලෙස පරිහරණය කරන හා රාජ්‍ය සම්පත් නාස්තිකරන, ඥාති සංග්‍රහවාදයේ යෙදෙන, අපරාධ මුදල් එකතු කරන, ප්‍රතිපාක්ෂිකයන්ට හිංසනයට ඉඩ සලසන, මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් යැපෙන හෝ ලිංගික දූෂණයෙහි හා වෙනත් අපරාධවල යෙදෙනවුන් ඉවත් කිරීමේ විධි විධාන තිබී නැත.
එහෙන් මෙහෙන් කෑලි කෑලි ‘කපා අලවන‘ අභ්‍යාසයක නිරත වීමෙන් නිවැරදි කළ නොහැකි අපේ අතීත හා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මූලික දෝෂ හතරක් තුළ මේ ස්වභාවයේ කටයුතු හඳුනා ගත හැකිය.
එහෙයින් මෙහි ඉදිරිපත් කරනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරනු ලැබ ඇත්තේ ඒ සා දිගු කාලයක් පුරා රටේ මූලික නීතියට හිරිහැරයක්ව තිබෙන අඩුපාඩුවලින් තොර වන සේ පළමු මූලධර්මයන්ගේ සිට ය.‘
  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත  ගැන  දීර්ඝ හැදින්වීමක්  ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා සටහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු කොටස පරිච්ඡේද අටකින් සමන්විතය.
පුරවැසි කමිටු සාමාජිකයකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, දිස්ත්‍රික් සභා මන්ත්‍රීවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම සඳහා තමා විසින්ම පිරවිය යුතු අයදුම්පත් ද එම කෙටුම්පතේ අමුණුම්වලට ඇතුළත්ව තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ආචාර්ය ඒ සී විස්වලිංගම් මහතා එවා ඇති ලිපියේ සිංහල පරිවර්ථන පහත දැක්වේ.




විධායක ජනාධිපති ක්‍රමය අත්හැරීම සහ ව්‍යවස්ථාව නැවත ලිවීම
  එක්සත් ජනතා සන්ධානය වටා එක්රැස්ව ඇති දේශපාලන බලවේගය  අඩුම තරමේ අවස්ථා හතරක දී  වත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මුඛ්‍ය මෙන්ම ලිඛිත පොරොන්දු දී ඇතත් මේ දක්වාම ඒ කිසිත් ඉටුකර නොමැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතව තිබූ විධායක ජනපති ධූරයේ බලතල යම් තරමකට හෝ සීමා කරන ආරක්ෂක පියවරය  කිහිපය ද ඉවත් කර දමා විධායක ජනපති ධූරය තවත් ශක්තිමක් කිරීමය.
තත්ත්වය තවත් බරපතල කරමින් සම්මත කර ගැනුණු 18 වැනි ව්‍යවස්ථා සශෝධනයෙන් යහ පාලනයට මරු පහරක් එල්ලවී තිබෙන අතර වගකීම් විරහිත හැසිරීම් හා ක්‍රියාකාරම් වලට මාර්ගයද විවර කරදී ඇත.
යහපාලනය සදහා වන පුරවැසි ව්‍යාපාරයේ (සිමොග්) අප මෙවැනි වාතාවරණයක් ඇතිවනු ඇතැයි මුල සිටම දැන සිටි නිසා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදුන් දිනයේ පටන්ම ඊට විරෝධය දැක්වූයෙමු.
2010 වසරේ අගභාගයේදී රජයට සහය දක්වන ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයින් තිදෙනෙක් තම හෘදසාක්ෂියට එරෙහිව යමින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වූ බවට පාපොච්චාරණය කළහ. ජාතික හෙළ උරුමයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන හිමියෝද (2014 ඔක්තෝබර් මස 15 වැනි දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසන පුවත්හි විකාශය වූ පරිදි) මෙම ව්‍යවස්ථා සංශෝධනයට තමන්වහන්සේ සහය දැක්වීම මහත් වරදක් බව පිළිගත්හ. මෙවැනි දේ ඇසීමද සිතට මද හෝ සහනයක් ගෙන දේ.
දින කිහිපයකට පෙර පළව තිබූ මාධ්‍ය වාර්තාවන්ගේ ජනපතිවරයා යාපනයේදි කළා යැයි පැවසෙන ප්‍රකාශයක් සඳහන්ව තිබුණි. දෙමළ ජනතාව ඊළම දිනා ගැනීම සදහා  දරන උත්සාහයන් අත්හැරීමට කැමති නම් තමන් විධායක ජනාධිපතිධූරය අත්හැරීමට සූදානම් බව ජනපතිවරයා පවසා ඇතැයි එම වාර්තාවන්ගේ දැක්වුණි. ශක්තිමත් පදනමක් ඇතිව උතුරු පළාත් සභාවේ බලය තහවුරු කරගත් දෙමළ ජාතික සන්ධානයෙන් මහ ඇමති ධූරයට පත්වූ ආචාර්ය සී.වී විගනේෂ්වරන් මීට මාස කිහිපයකට පෙර සිදුකළ  ප්‍රකාශයක් ඒ සමගම අපගේ සිහියට නැගේ.දෙමළ ජනතාව දැන් ශ්‍රී ලංකාව එක්සත්වී ඇතැයි පිළිගන්නා බව ද තවදුරටත් ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින්නේ නැති බව ද ඔහු පවසා සිටියේය.
ඔහු අද දරමින් සිටින්නේත් එදා දැරූ ස්ථාවරයම නිසා ජනපති රාජපක්ෂ වහාම විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට පියවර ගතයුතුව ඇත. එවිට එක්සත් ශ්‍රී ලංකාවක පුරවැසියන්ට නව ව්‍යවස්ථාවක අන්තර්ගතවිය යුතු කරුණු සම්බන්ධයෙන් නිදහසේ කතාබස්  කිරීමටත් එකඟතාවන්ට පැමිණීමටත් අවස්ථාව හිමිවනු ඇත.
මූලික ප්‍රතිපත්ති වලට අනුකූලව සිමොග් සකස් කර ඇති ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ  කිහිපයක් පහත දැක්වේ................

No comments:

Post a Comment