Nov 16, 2014


2014 නොවැම්බර් මස 06

‘උසාවි යන්න ජනපතිට බෑ’ ජවිපෙ නායක

‘ජනාධිපතිධූරයට යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තියෙනවා. එහෙම විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නෑ.”
අද බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
‘‘මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සෙක් වෙලා තියෙනවා. මේක පුද්ගලික ප්‍රශ්නයක්. 18 වැනි සංශෝධනය මඟින්වත් ඔහුට යළි තරඟකරන්න සුදුසුකම ලැබි නෑ. ඒක පොදු වැදගත්කමකින් යුතු කරුණක් නොවෙයි. ඒක නිසා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ.
පසුගිය කාලය පුරාම රාජපක්ෂ පාලනය ඔවුන්ට අවශ්‍ය විදියට ලංකාවේ අධිකරණ පද්ධතියට බලපෑම් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණයට අද විශාල වගකිමක් තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන  නැවතීමට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.
අපි ජනතා විමුක්ති පෙරමුණ  හැටියට නීතිඥ සංගමයත් සමග සාකච්ඡා කරනවා රාජපක්ෂ පාලනයේ නීති විරෝධී ක්‍රියාදාම නැවැත්වීමට. මේ රාජපක්ෂ රෙජිමයේ නීති විරෝධී ගමන පරාජය කිරීමට සියලු දෙනාට එකතුවන්න යැයි ආරාධනා කරනවා.”

No comments:

Post a Comment