Nov 16, 2014


‘‘ඊළම දෙන්නෙ නෑ” ජනපති උතුරේදී කියයි
2014 ඔක්තෝබර් මස 12 13:39:12 |
.
ඇතැම් පිරිස් , ඇතැම් සංවිධාන ඊළමක් ඉල්ලනවා, රට බෙදන්න කියනවා. දෙමළ ජාතික සංධානයත් ඊට උදව් කරනවා. දෙමළ ඩයස් පෝරාවත් රටින් කෑල්ලක් කඩා ගන්න හදනවා. ඒ ඊළාම් ඉල්ලීම් නතර කළොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මුලින්ම කැමති වෙන පුද්ගලයා මමයි. නිකන් කතා කරන බොහෝ දෙනා අකමැති බව මා දන්නවා. මෑතදී ඊළමට ආවඩන ඩයස්පෝරාවේ බ්‍රිතාන්‍යය, ඇමරිකාව හා යුරෝපයේ සිටින කණ්ඩායම් වෙනම රාජ්‍යයක් සඳහා පිඹුරුපත් හැදූ බව ආරංචියි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ඔවුන් හමුවීමට ගිහින් ආ බව ආරංචියි.
‘‘ඊළමක් හෙවත් වෙනම රාජ්‍යයක් අපි ඉල්ලන්නේ නැහැ. උතුරේ ඇතැම් පිරිස් ඊළමක් ඉල්ලනවා. ඊළමක් ඉල්ලීම නතර කළහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සලකා බැලිය හැකියි.” ජනපති පිළිගැනීමට මහ සෙනගක් පැමිණ සිටියහ. අඩු ගණනේ 20,000 ක් පමණ ප්‍රධාන උත්සවයට පැමිණි බව වාර්තාවේ.‘‘ඊළම දෙන්නෙත් නැහැ. රට බෙදන්න දෙන්නෙත් නැහැ.”

No comments:

Post a Comment