Dec 25, 2014

24 Dec 2014
'මහින්ද චින්තන' ලොව දිනන මග ප්‍රතිපත්ති ප්‍රකාශනය


ජනතා අපේක්‍ෂාවන් හඳුනාගෙන නිර්මාණය කෙරෙන නව ව්‍යවස්‌ථාවෙන් පවතින විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය, නීතියේ ආධිපත්‍ය හා යහ පාලනය වැනි ක්‍ෂේත්‍ර ආවරණය කෙරෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (23දා) එළි දැක්‌ වූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්‌වේ.

මහින්ද චින්තන ලොව දිනන මග මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව වේ.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්‌, පුළුල් දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌, අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌, සදාචාර සම්පන්න සමාජයක්‌, රටට වැඩ කරන ජාති හිතෛශී රාජ්‍ය සේවයක්‌, පොහොසත් රටක්‌, ජාතික කර්මාන්ත න්‍යාය පත්‍රය, සංවර්ධනයේ මිහිරි ඵල ගමට ගෙන යන දිවි නැගුම ජාතික පෞර්ෂත්ව අධ්‍යාපනයක්‌, නිරෝගීකම පරම ලාභයයි, දීර්ඝායු පිණිස ක්‍රීඩා, යසෝදරා පරපුරට පොහොසත් හෙට දවසක්‌, තුරුණු හෙටක්‌ පිරුණු රටක්‌ ගමනට සුවපහසුව, පණ සේ සුරකින පරිසරය, තිරසාර ජන සෙවණ, යටිතල පහසුකම්, විප්ලවය නොනැවතී ඉදිරියට, විද්‍යා තාක්‍ෂණ හා නවෝත්පාදනය, කලා කෙත අස්‌වනු මංගල්‍යය, සමාජ ආරක්‍ෂණය, සාමයේ සංහිඳියාවේ ප්‍රතිලාභ ජනතාවට යන මූලික කරුණු 20 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

http://www.divaina.com/2014/12/24/news18.html
2005 දී ඔබ මට භාරදුන් රට ත්‍රස්‌තවාදයෙන් පමණක්‌ නොව ආර්ථික අපේක්‌ෂා අතින්ද හෙම්බත්ව තිබුණි. විරැකියාව හා උද්ධමනය ඉහළ අගයක්‌ ගත් අතර, යටිතල පහසුකම් ඉතා දුර්වල මට්‌ටමක පැවතුණි. ජාතික ආදායම පහළ මට්‌ටමක පැවති අතර දුගී දුප්පත්කම ඉහළ මට්‌ටමක පැවතුණි. අධ්‍යාපන, වෛද්‍ය සේවාවල කොතරම් පුරප්පාඩු තිබුණද රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සීමාකර තිබුණු බැවින් එකී සේවාවන් පැවතියේ ජාතික අපේක්‍ෂාවන් තබා පුරවැසියන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් ඉටු කිරීමට නොහැකි අවාසනාවන්ත තත්ත්වයකය. රාජ්‍ය ණය ප්‍රමාණය ජාතික ආදායම මෙන් 102% ක්‌ විය. එම නිසා ඔබේ ජීවිත ආරක්‌ෂා කිරීමේ වගකීම මෙන්ම ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීමේ භාරධූර වගකීමද මා වෙත පැවරුණි.

2009 දී ඔබේත් මගේ ආදරණීය මාතෘභූමිය නිදහස හා සාමය ඉපදුණු සොඳුරු කොදෙව්වක්‌ බවට පත්විය. දෙරණ සිසාරා සතුට දෝරේ ගලන්නට පටන් ගත්තේය. ඔබ ප්‍රීතියෙන් උද්දාමය වී ජය ඝෝෂා නගද්දී මා ඒ දෙස බලා සිටියේ සතුටු කඳුළු පුරවාගත් දෑසිනි. පියෙකු සහෝදරයෙකු ඥාතියෙකු හිතවතෙකුගේ ලෙන්ගතුකමිනි.

2005 දී මට පැවරූ වගකීම ඉටු කළා යෑයි සතුටු වූ ඔබ ඉන් පසු මගෙන් ඉල්ලන්නේ වේගවත් සමාජ ආර්ථික සංවර්ධනයක්‌ බව මම දැන සිටියෙමි. 2010 දී පළමු වරට වඩා ඉහළ ජනවරමක්‌ ඔබ මට ලබා දුන්නේ එබැවිනි. ඔබගේ එම බලාපොරොත්තු ද සඵල කරමින් දුගීකම 7% දක්‌වා අඩුවුණු ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 ක්‌ දක්‌වාත් ආර්ථික වර්ධන වේගය 7% කට වඩා වැඩියෙන් අඛණ්‌ඩ ආර්ථික වර්ධනයක්‌ සහිත රටක්‌ මම ඔබට උදාකර දුන්නෙමි.

දක්‌ෂිණ සහ කටුනායක අධිවේගී මාර්ග ප්‍රමුඛව ගම සහ නගර යා වන මහා මාර්ග පද්ධතියක්‌ ජාත්‍යන්තර මට්‌ටමෙන් ඉදි කළෙමි. සෑම ග්‍රාමීය මාර්ගයක්‌ම ප්‍රතිසංස්‌කරණය කළෙමි. අධිරාජ්‍යවාදී යුගයේ ගොඩනැගූ කිසිදු ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ නොවූ පාලම් ද ත්‍රස්‌තවාදීන් විසින් කඩා බිඳ දැමූ පාලම් ද ඇතුළු සමස්‌ත පාලම් පද්ධතියම අලුත් කළෙමි. මාගම්පුර අලුත් වරාය, දකුණු කොළඹ නව වරාය සහ ගාල්ල, ත්‍රිකුණාමලය, ඔලුවිල් වරාය ඇතුළු වරාය පද්ධතියක්‌ ගොඩනැගුවෙමි. කටුනායක ගුවන්තොටුපොළ මුළුමනින්ම නවීකරණය කළ අතර මත්තල නව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිමවා අභ්‍යන්තර ගුවන්තොටුපොළවල් පද්ධතියක්‌ ද බිහි කළෙමි.

කරවලරපිටිය, නොරොච්චෝලේ සහ ඉහළ කොත්මලේ බලශක්‌ති නිෂ්පාදනාගාර ඉදි කරමින් සැමට විදුලිය ලබා දුන්නෙමි. පොළොන්නරුව, ත්‍රිකුණාමලය, ගාල්ල, කොළඹ අලුතින් ඉදිකළ පානීය නලජල ව්‍යාපෘති මගින් එම ප්‍රදේශවල ජනයාගේ ජල අයිතිය සුරක්‌ෂිත කළෙමි. අනිකුත් සියලු දිස්‌ත්‍රික්‌කවල මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින් සැමට ජලය ලබාදීමේ වැඩසටහන ද මම සම්පූර්ණ කරමි. මොරගහකන්ද, උමා ඔය, දැදුරු ඔය, යාන් ඔය, මාදුරු ඔය මහා පරිමාණ වාරි ජලයෝජනා ක්‍රම මගින් කෘෂිකර්මයේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කළෙමි. නූතන භාෂාගාර, ගණිතාගාර, විද්‍යාගාරවලින් සමන්විත මහින්දෝදය පාසල් 1000 වැඩසටහන මගින් කොළඹ නගරයේ ඉහළම පාසලේ දරුවන්ට ලැබෙන අධ්‍යාපන අයිතිය ඈත පිටිසර ගමේ පාසලේ දරුවන්ට ද ලැබෙන්නට සැලැස්‌සුවෙමි. ළමා මිතුරු පාසල් සංකල්පය හරහා මූලික පහසුකම්වත් නොමැති පාසල් 5000 කට ජලය, විදුලිය සනීපාරක්‌ෂක පහසුකම් ලබා දුන්නෙමි. කොළඹ මහා රෝහලේ සිට ග්‍රාමීය රෝහල දක්‌වාම සමස්‌ත සෞඛ්‍ය පද්ධතියම සංවර්ධනය කළෙමි. මේ ඔබ මගෙන් අපේක්‌ෂා නොකළ තරමේ එහෙත් මම රටට ලබා දුන් සංවර්ධනයෙන් බිඳක්‌ පමණි. බේද නොතකා මාතෘ භූමියේ සියලු තැන් වලට සංවර්ධනයේ අරුණලු වැටුණි. 2005 දුටු කඳුළු වෙනුවට සිනාසෙන මුහුණත් රටවැසියෙක්‌ මම ගොඩ නැගුවෙමි. ඒ සමගම නිදහසේ දේශපාලනය කරන, දිවා රාත්‍රී නොබියව, සැරිසරන, යහපාලනය හා දුෂණ වංචා වලට එරෙහිව නිදහසේ කතා කරන ලියන කියන පරිසරයක්‌ මම නිර්මාණය කළෙමි. 1977 සිට ත්‍රස්‌තවාදී දුම් වලාවෙන් සැඟවී තිබූ සියලු මාතෘකා නිදහසේ එළියට ඒමට මං පෑදුවේය. ඒ මාතෘකාවලට අදාළ මූලික පදනම්, තීරණ හා ක්‍රියා පටිපාටි ගත් මම ඔබ සමඟ එක්‌වී උතුරට පළාත් සභාවක්‌ පිහිටුවීමි. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමි. කොටි භටයන් පුනරුත්ථාපනය කොට සමාජගත කොට අවතැන් වූවන් යළි පදිංචි කළෙමි. තුන්සිය හැටපස්‌ දවසේම තිබූ හදිසි නීතිය ඉවත් කළෙමි. උගත් පාඩම් කොමිසම පිහිටුවා එහි නිර්දෙAශ ක්‍රියාත්මක කළෙමි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණය සඳහා පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක්‌ පිහිටුවා සියලු පක්‍ෂවලට ආරාධනා කළෙමි. මා බලයට පත් වන විට ලක්‌ෂ 7 නොඉක්‌මවූ රාජ්‍ය සේවය ලක්‌ෂ 14 දක්‌වා පුලුල් කළෙමි. නිදහස්‌ හා සාධාරණ මැතිවරණ පැවැත්වූයෙමි.

පුද්ගලික හැඳුනුම්පත නැතිව ඇමතිවරයෙකුටවත් ඡන්දය දැමිය නොහැකිවන තරමට නීතිය බලවත් කළෙමි. දරුවන් පැහැරගෙන ගොස්‌ ළමා සොල්දාදුවන් කළ යුගය මම නිමා කළෙමි. රැස්‌වීමේල භාෂණයේ

නිදහසට වැටබැඳ තිබූ හදිසි නීතිය නිමා කළෙමි. ප්‍රභූ ආරක්‍ෂාවට වසා තිබූ මාර්ග විවෘත කළෙමි. පාරේ තිබූ හමුදා පොලිස්‌ බාධක ඉවත් කළෙමි. ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවන අයුරින් අධි ආරක්‍ෂිත කලාප ඉවත් කළෙමි. එවැනි දෑ පිරි දීර්ඝ ලැයිස්‌තුවක්‌ ඇති බව ඔබ නියම ලෙස දන්නා නිසා ඒ ගැන තවත් නොලියමි.

මෙවැනි පසුබිමක තෙවැනි වරටත් ඔබේ ජනාධිපති ලෙස කටයුතු කිරීම සඳහා වන ජනවරම මා ඉල්ලා සිටින්නේ සංවර්ධනයේ සහ ප්‍රජාතන්ත්‍රීය යහපාලනයයේ පරිපූර්ණත්වය ආදරණීය මාතෘ භූමියට ලබාදීමේ තෙවැනි මෙහෙයුම දියත් කිරීමේ උදාර අරමුණෙනි.

1 ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්‌

ඇතැමුන් පෙන්වාදීමට උත්සාහ කරනුයේ ත්‍රස්‌ත්‍රවාදය අතීතයට සිමාවූවක්‌ මිස, වර්තමානයට ඒ හා බැදුණු අනාගත තර්ජනයක්‌ නොමැති බවය. එහෙත් සත්‍යය එය නොවේ. කොටි සංවිධානය යුරෝපය හා බටහිර රටවල කුරිරු බෙදුම්වාදය හිස දරාගෙන තවමත් තම ගොදුරු සොයා නොනිදා සැරිසරන බව මම දනිමි. ඔවුන් නොකරන්නේ එළිපිට අවිදරා සටන් නොකිරීම පමණි.

ජාතික ආරක්‍ෂාව කෙරෙහි උපරිම අවදානය අප තබා ගත යුතුව ඇත්තේ, පුපුරනු ලබන එක්‌ බෝම්බයකින් ජාතියේ ඉදිරි ගමන යළි ආපස්‌සට හැරවිය හැකි බැවිනි. එබැවින්, මාතෘභූමියේ ජාතික ආරක්‍ෂාව සනාථ කිරීම යනු, ආර්ථ ක හා සමාජ සංවර්ධනයේ අනිවාර්ය පූර්ව කොන්දේසියක්‌ බව මා තරයේ විශ්වාස කරන්නේ එහෙයිනි. ජාතික ආරක්‍ෂාව කෙරෙහි මෙතෙක්‌ අඛණ්‌ඩව අපේ රජය තබා ඇති ඉහළ අවදානය තවදුරටත් ශක්‌තිමත් කොට පවත්වා ගෙන යැම මම සහතික කරමි.

සිංහල, දෙමළ, මුස්‌ලිම්, මැලේ, බර්ගර් ආදී සැමට නිදහසේ ජීවත්වීමට හැකි රටක්‌ මම ගොඩනඟා දුන්නෙමි. ඔබ අද බියෙන් මිදුණු හදවතින්, සතුටින් සිත පුරවාගෙන ජීවත්වන නමුත් නොනිදන මම කිසිදු ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට ජනවාර්ගිකත්වය, ආගම, භාෂාව හෝ අන් කිසිදු භේදයක්‌ මත වෙනස්‌ කර නොසැලකීම සහතික කරන අතර සමාජයේ පොදු යහපත සහ රටේ ජාතික ආරක්‌ෂාව සහතික කිරීම උදෙසා ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය අඛණ්‌ඩව ඉදිරියට ගෙනයන්නෙමි. ඊට හානිකර කිසිදු ඉල්ලීමකට හෝ බලපෑමකට ඉඩ නොදෙමි.

මම කිසිදු ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට ජනවාර්ගිකත්වය, ආගම, භාෂාව හෝ අන් කිසිදු භේදයක්‌ මත වෙනස්‌ කර නොසලකන බව සහතික කරමි.

* ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කරගැනීම සඳහා අප සැම ගෙවා ඇති මිළ ඉතා අධිකය. එබැවින් සමාජයේ පොදු යහපත සහ රටේ ජාතික ආරක්‌ෂාව සහතික කිරීම උදෙසා ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය අඛණ්‌ඩව ඉදිරියට ගෙනයන්නෙමි. නැවත වරක්‌ බෙදුම්වාදයට හෝ රට අස්‌ථාවර කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබමි.

* මානුෂීය මෙහෙයුමට සම්බන්ධ රණවිරුවන් ඇතුළු කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියෙක්‌ කවර ජාත්‍යන්තර අධිකරණයකට හෝ පරීක්‍ෂණයකට ඉදිරිපත් නොකරමි. දිවි හිමියෙන් ඔවුන් සුරකිමි.

* මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකාවේ වෙසෙන කිසිදු පුරවැසියෙකුගේ මානව අයිතිවාසිකමක්‌ කඩවී ඇත්නම් රටේ පවතින නීතිමය රාමුව තුළ දේශීය ක්‍රමවේදයක්‌ යටතේ විනිවිද බවින් යුතුව යුක්‌තිය සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක්‌ ඇති කරමි.

* නූතන අධිරාජ්‍යවාදයේ යකඩ සපත්තුවට පෑගී ඒ අනුව හුස්‌ම ගනිමින් හෝ මියයමින් සිටින සහෝදර රාජ්‍යයන්ට ආදර්ශයක්‌ ලෙස යොදා ගත හැකි දේශපාලන ආදර්ශයක්‌ සහිත රටක්‌ මම සකස්‌ කරමි.

* තිරසර විදේශ ප්‍රතිපත්තිය ලෝකය බල කඳවුරු දෙකකට බෙදී පවතිද්දීත් වම් ඉවුර බිඳ වැටී ලෝක දේශපාලනය අසමතුළිත වෙද්දීත් අප ආරක්‍ෂා කර ගත් අපේ නොබැඳි විදෙස්‌ පිළිවත තිරසාර ලෙස ඉදිරියට ගෙන යමි.

* ත්‍රස්‌තවාදයට එරෙහිව අප නැඟී සිටිනා විට අප සමඟ අත්වැල් බැඳගත් සියලු රටවල් සමඟ මෙන්ම ත්‍රස්‌තවාදය පරාජය කිරීම වරදක්‌ සේ සළකා අපට දඬුවම් කිරීමට බලා සිටින රටවල් සමඟ ද මිත්‍රශීලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමි.

ඉන්දියාව, පකිස්‌ථානය ප්‍රමුඛ සාක්‌ කලාපයේ රටවල් සමඟ සබඳතා තවදුරටත් ශක්‌තිමත් කර ගැනීමට ක්‍රියා කරමි. ඉන්දියාව, චීනය, රුසියාව සහ ජපානය යන කලාපීය මිතුරන් සමඟ ඇති දේශපාලන, ආර්ථික හා තාක්‍ෂණික සබඳතා ශක්‌තිමත් කරමි.

* මැද පෙරදිග කලාපය තුළ මෙන්ම අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් සමඟ ඇති විදෙස්‌ සබඳතා තවදුරටත් ව්‍යාප්ත කරමි. දකුණු ආසියාවේ රටවල් අතර ඉහළම නීතියේ ආධිපත්‍ය සහිත සාමකාමී රටක්‌ ලෙස ලෝක ඇගයීමට ලක්‌ව ඇති මගේ රට කලාපීය හා ලෝක ගැටුම්වලදී සාම දූතයෙකුගේ කාර්ය ස`දහා යොමු කරවමි.

ආහාර සුරක්‍ෂිතතාවට මුල්තැන

යම් රටක ආහාර සුරක්‍ෂිතතාවය එම රටේ ජාතික ආරක්‍ෂාව තරම්ම වැදගත්ය. ඒ අන් කිසිවක්‌ නිසා නොව යම් රටකට අවශ්‍ය ආහාර තොගය නිසි පරිදි රැස්‌ කොට ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව පවත්වාගෙන යාමට අපොහොසත්වීම හෝ හිතාමතා ඊට බාධා කිරීමෙන් එම රටේ දේශපාලන ස්‌ථාවරභාවයට සහ ජාතික ආරක්‌ෂාවට බලපෑම් කිරීමට අන් රටවලට හැකි වන බැවිනි. එබැවින් ශ්‍රී ලාංකීය ජනතාවට යළිත් දණින් වැටෙන්නට මම කිසි ඉඩක්‌ නොතබමි. රටේ අවශ්‍යතාවට ගැළපෙන අයුරින් ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයට, අළෙවියට සහ තොග රැස්‌කොට පවත්වාගෙන යාමට අවශ්‍ය නීතිමය රාමුවක්‌ සකස්‌ කරනු පිණිස ආහාර සුරක්‍ෂිතතා පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි.

* රටේ සහල් නිෂ්පාදනය ඉහළ මට්‌ටමකින් පවත්වාගෙන යන අතර එදා පටන් අපේ දේශීය ආහාර වන විවිධ වර්ගයේ ධාන්‍ය සහ කොස්‌, දෙල්, අල, බතල යනාදී සම්ප්‍රදායික වගාව ප්‍රවර්ධනය කරවමි.

* ප්‍රතිසංස්‌කරණය කරන සෑම වැවක්‌ ආශ්‍රිතවම ජලපෝෂිත ප්‍රදේශවල කොස්‌, දෙල් වැනි දේශීය ආහාර ශාක වගා කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරමි.

* රජය විසින් මිලදී ගන්නා වී ප්‍රමාණය ජාතික අස්‌වැන්නෙන් 10% දක්‌වා වැඩිකර එම වී තොග කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් සඳහා නිකුත් කිරීමට කටයුතු කරමි.

2 පුළුල් දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌

- අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌

1978 දී නිසි සංවාදයකින් තොරව අප මත පැටවූ ව්‍යවස්‌ථාවෙන් වසර තිස්‌ හයක්‌ පුරා අපි බැට කෑවෙමු. එමෙන්ම එකිනෙකට නොගැළපෙන සංශෝධන පැලැස්‌තර මගින් පවතින ව්‍යවස්‌ථාව විකෘති හැඩයක්‌ ගෙන ඇතැයි මම ද පිළිගන්නමි. එබැවින් තව තවත් පැලැස්‌තර එකතු කිරීම වෙනුවට ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්‌ථාවක්‌ වසරක්‌ ඇතුළත සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කරමි.

* ජනතා අපේක්‌ෂාවන් හඳුනාගෙන නව ව්‍යවස්‌ථාව නිර්මාණය කිරීම ස`දහා සියලුම දේශපාලන පක්‌ෂවලට අයත් මහජන නියෝජිතයින්ගෙන් සමන්විත සමස්‌ත පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ බවට පත් වනු ඇත.

* අලුත් ව්‍යවස්‌ථාවට පුරවැසි අදහස්‌ හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‌ෂ, යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින්, ආණ්‌ඩුක්‍රම විශාරදයින්, විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් සමන්විත පුරවැසි උපදේශක සභාවක්‌ පත් කරමි.

* ව්‍යවස්‌ථා කෙටුම්පත පවතින ව්‍යවස්‌ථාවේ විධිවිධානවලට අනුව සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි.

* දෙවනුව මෙම කෙටුම්පත ඔබේ අනුමැතිය ස`දහා ජනමත විචාරණයකට ඉදිරිපත් කරමි. පවතින විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය, නීතියේ ආධිපත්‍ය සහ යහපාලනය වැනි ක්‍ෂේත්‍ර සියල්ලම නව ව්‍යවස්‌ථාවෙන් ආවරණය කරමි.

* විධායක ජනාධිපති ධූරයේ හො`ද නරක පිළිබද සිදුවන විවාදයට මම සාවදානව සවන් දුන්නෙමි. ඒ අනුව පාර්ලිමේන්තු ක්‍රමයේ පවතින දුර්වලතා බැහැර කරමින්ද යහපත් ලක්‌ෂණ උකහා ගනිමින්ද විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ තීරණය අනුව සුදුසු පරිදි සංශෝධනය කරමි.

* පවතින මනාප ක්‍රමයේ ඇති අයහපත් ලක්‍ෂණය ඉවත් කොට ස්‌ථාවර ආණ්‌ඩුවක්‌, සවිමත් විපක්‍ෂයක්‌, සුලු ජන කණ්‌ඩායම් ඇතුලු සමාජයේ විවිධත්වය මැති සබය නියෝජනය වීම යන අරමුණු ළ`ගා කර ගැනීම සදහා සමානුපාතික නියෝජනය හා කොට්‌ඨාශ ක්‍රමය මුසු කළ නව මැතිවරණ ක්‍රමයක්‌ හදුන්වා දෙමි.

* මහජන නියෝජිතයින් ජනතාව සම`ග අඛණ්‌ඩ සංවාදයක නිරත විය යුතු බව මම විශ්වාස කරමි. එමෙන්ම නීති සම්පාදන ක්‍රියාවලියට ජනතා අදහස්‌ සෘජුව ලබා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වඩ වඩාත් යහපත් වනු ඇත. ඒ සදහා මහා සංඝරත්නය හා අනිකුත් ආගමික පූජකවරුන්, වෘත්තීයවේදීන්, විද්වතුන්, යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයින්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රජා මූල සංවිධානයන්හි ජාතික නායකයින්ද සමන්විත පුරවැසියන්ගේ සභාවක්‌ පත් කිරීමට යෝජනා කරමි.

* මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා අවශ්‍ය ව්‍යවස්‌ථාපිත විධිවිධාන නව ව්‍යවස්‌ථාවට එක්‌ කිරීමට යෝජනා කරමි.

* සංවර්ධන ක්‍රියාවලිය ප්‍රසාරණය වීමත් සම`ග යහ පාලනය පිළිබදව නව මානයකින් සලකා බැලීමට අපට සිදු වී ඇත. එමනිසා යහපාලනය ළ`ගා කර ගැනීමේ අරමුණින් පිහිටුවා ඇති ආයතන වල පවතින දුබලතා අධ්‍යනය කර එම ආයතන ප්‍රතිසංස්‌කරණය කිරීමට කාලය එළඹ ඇතැයි මම සිතමි. එබැවින් තාක්‌ෂණය, කළමනාකරණය සහ මූල්‍ය විගණන හැකියාවෙන් යුත් ජාතික විගණන කොමිසමක්‌ ස්‌ථාපිත කරමි. ස්‌වාධීනව සිය විමර්ශන සිදුකළ හැකි අයුරින් අවශ්‍ය මූල්‍ය සහ මානව සම්පත් මෙන්ම බලතලද එම කොමිසමට ලබා දෙන්නෙමි.

* දේශපාලඥයින්ගේ පැවැත්ම පිළිබද සමාජයේ කථිකාවක්‌ මතුවී ඇති බැවින් සෑම මහජන නියෝජිතයෙකුම සිය තනතුරේ රාජකාරී ඇරඹීමට පෙර යහ පැවැත්ම සුරැකීම පිළිබද ප්‍රතිඥාවක්‌ ලබා දීමට විධිවිධාන සලස්‌වමි. එකී ප්‍රතිඥාව ධූර කාලය තුළ ආරක්‌ෂා කරන්නේද නැද්ද යන්න පිළිබද සුපරික්‌ෂාවට ලක්‌කිරීමේ බලය විගණන කොමිසමට ලබා දෙන්නෙමි.

* කැබිනට්‌ මණ්‌ඩලයේ සාමූහික වගකීම සහ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම ව්‍යවස්‌ථාමය වගකීමක්‌ බවට පත් කරමි.

* ජාතික වටිනාකමක්‌ සහිත යෝජනා පිළිබද අදහස්‌ දැක්‌වීමට තරුණ පරපුරට ඇති අයිතිය සහතික කිරීම සදහා එවැනි යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර යොවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඔවුන්ගේ මතය විමසමි.

* අනාගත දේශපාලනය පිළිබද ප්‍රාර්ථනා දල්වා ගත් යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයින්ටද පර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවලට නියෝජිතයින් පත් කිරීමට ව්‍යවස්‌ථාමය අවකාශයක්‌ ලබා දෙමි.

ඉන්දු - අශ්‍රී ලංකා දාර්ශනික උරුමය සහිත යහපාලන වැඩපිළිවෙලක්‌ යහ පාලනය යනු නව ලිබරල් යටත් විජිතවාදයේ ව්‍යාජ ශික්‌ෂා පදයක්‌ නොවේ. එහි සැබෑ මූලධර්ම පදනම් වී ඇත්තේ ගහකොළ සතා සීපා පමණක්‌ නොව ඉර හඳ, අව්ව වැස්‌ස, සුළඟ, ජලය, මහපොළව යනාදී සියල්ල හා බැඳුණු ඉන්දු ලංකා දාර්ශනික උරුමය මත යෑයි මම විශ්වාස කරමි. එබැවින් යහපාලන මූලධර්ම මා උපුටා ගන්නේ නව ලිබරල්වාදයේ අනුශාසක සංවිධාන හෝ අනුකාරක සංවිධානවලින් නොව කල්වැසි වසින, කෙත් වතු සාර වී සමාජය සමෘද්ධිමත් වන, සොබාදහම සහ ශීලාචාර මිනිස්‌ සමාජය එකිනෙකට බැඳ තබන හේතුඵලවාදී ඓතිහාසික උරුමයන් සහිත ඉන්දු ශ්‍රී ලංකා දැහැමි රාජ්‍ය පාලනයන් තුළිනි. වසර 5,000 ක්‌ පමණ පැරණි එම උරුමය නොනැසී විශ්වීය සත්තාවක්‌ බවට පත්ව අද ද අප නියාමනය කරනු ඇතැයි මගේ හැඟීමයි. පුද්ගල කේන්ද්‍රීයව නීතිය පමණක්‌ මත නොනැවතී ධර්මයේ ආධිපත්‍ය දක්‌වා ඉහළට ඔසවා ඇති එම යහපාලන මූලධර්මවල සැබෑ උරුමකරුවෝ ශ්‍රී ලාංකික අපි වෙමු. මමත්, ඔබත් ඒ උරුමයේ සාඩම්බර අයිතිකරුවන්ය. එකී උරුමය මත අපේ මාතෘ භූමියට අවැසි සැබෑ යහපාලන ක්‍රමයක්‌ ස්‌ථාපනය කිරීමට මම ඔබට සහතික වන්නෙමි.

සාංගමික ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජා ආණ්‌ඩුකරණය

මේ රටේ ඔබත්, මමත් තනි හුදෙකලා මිනිසුන් නොවේ. වසර දහස්‌ ගණනක ඉතිහාසය තුළ අපේ මුතුන් මිත්තන් ජීවත් වූයේ සාමූහිකවය. සාංගමිකවය. රැකවරණය, සුරක්‌ෂිතතාව, පෝෂණය, විනෝදය හා ආධ්‍යාත්මික පැවැත්ම එකිනෙකා මත එකිනෙකා බැඳ තබන සුන්දර වූත් හරසාර වූත් සංස්‌කෘතියක්‌ අප සතුව පැවති නිසාය. පවුල, ප්‍රජාව, ගම, ප්‍රදේශය, නගරය මේ සියල්ල එකම දම්වැලක පුරුක්‌ සේ අදටත් යාවී ඇත්තේ ඒ නිසාය. ගම තුළ නගරයත්, නගරය තුළ ගමත් අප දුටු සිහිනක්‌ වුව ද එය අද අප අත්විඳින යථාර්ථයක්‌ බවට පත් වී තිබේ. එකිනෙකා ස්‌වෙච්ඡාවෙන් බැඳුණු කුඩා, අනු කුඩා ප්‍රජා සංවිධාන, සමාගම් මගේ රටේ ප්‍රජා ජීවිතය සමාජ දේශපාලන වශයෙන් සක්‍රීය කොට ඇත. ලෝකයේ අන් කවර රටකටත් වඩා සාමූහික සංවිධානගත ජනතාවක්‌ මේ රටේ ජීවත් වන බව මා කියන්නේ ඊට අවශ්‍ය පරිසරය සකසා දුන් අයෙකු ලෙස නිහතමානීවය. රටේ ආගමික ආයතනත් සිවිල් සමාජ සංවිධානත්, අනෙකුත් සියලු ප්‍රජා සංවිධානත්, රාජ්‍ය සංවිධානත් ඒකාබද්ධ වූ වැඩසටහන් මගින් ගමේත්, නගරයේත් සාංගමික ප්‍රජාතන්ත්‍රවාදයේ අනුහස බලගැන්වීම සඳහා මම කටයුතු කරමි. ඒ සඳහා ආගමික සංවිධාන, ප්‍රජා හා ග්‍රාමීය මට්‌ටමේ ප්‍රජාමූල සංවිධාන, ප්‍රජාමූල ආයතන, සිවිල් සමාජ ආයතන, රාජ්‍ය සංවිධාන නායකයන් නිලධාරීන් හා ක්‍රියාකාරීන් එකට එකතු වී පිහිටුවා ගත හැකි ග්‍රාමනිලධාරි වසම් මට්‌ටමේ ග්‍රාම සභා ක්‍රමයක්‌ සඳහා අවශ්‍ය ව්‍යවස්‌ථාමය නෛතික හා පරිපාලන පරිසරයක්‌ සැකසීමට මා කටයුතු කරමි. ඒ සඳහා වන පර්යේෂණ හා කියවූ වැඩසටහන් දැනටමත් අවසාන කොට ඇත. ඒ දැනුම හා අවබෝධය මත සාංගමික අයිතිය තහවුරු කොට, ග්‍රාම සභා මට්‌ටමේ සංවර්ධන සමාජ හා සංස්‌කෘතික තීන්දු තීරණ ගැනීමේත්, ක්‍රියාවට නැඟීමේත් ජනතා අවකාශ ඇති කරමි. පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්‌ඩු මත පදනම් වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාමාර්ග තහවුරු කිරීමෙන් නොනැවතී ප්‍රජා හා ග්‍රාමීය මට්‌ටමේ තීරණ ගැනීම සඳහා Rජු ප්‍රජාතාන්ත්‍රීය සහ සහභාගිත්ව ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමවේද අනුගමනය කිරීම දිරිගන්වමි. එමගින් මගේ රටේ සහෝදර ජනතාව ප්‍රජාතාන්ත්‍රීය යහපාලන ක්‍රියාවලියේ ඓන්ද්‍රීය කොටස්‌කරුවන් කොට, මෙරට දේශපාලන සංස්‌කෘතිය සාර්ව මට්‌ටමේදීත්, ක්‍ෂුද්‍ර මට්‌ටමේදීත් ඉහළට ඔසවා තැබීමට විධිවිධාන සලස්‌වමි. ප්‍රජා මූල හා සාංගමික ජාලය ඒකාබද්ධ කොට සාංගමික ජාතික සංසදයක්‌ පිහිටුවා රටේ ප්‍රතිපත්ති සම්පාදනයේ අනුශාසක ව්‍යqහයක්‌ බවට පත් කරමි.

භාෂණයේ නිදහසයි

නිදහස්‌ මාධ්‍යයයි

භාෂණයේ නිදහස මූලික අයිතිවාසිකමක්‌ ලෙස විශේෂත්වයෙන් පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන අපි මාධ්‍ය ආයතනවල ස්‌වාධීන පැවැත්ම හැම විටම ආරක්‌ෂා කරමු. එමෙන්ම සමාජයේ සියලුම සාමාජිකයන්ගේ භාෂණයේ අයිතිය දක්‌වා මාධ්‍යයේ නිදහස මම හැම විටම ආරක්‌ෂා කළෙමි. එහෙයින් ජනමාධ්‍ය ක්‌ෂේත්‍රයේ නිදහස්‌ හා ස්‌වාධීන පැවැත්ම තවදුරටත් ආරක්‌ෂා කිරීමට කැප වෙමි. මාධ්‍යයේ මූලික

කාර්යභාරය හුදු සන්නිවේදන සම්බන්ධතාවන්ගෙන් ඔබ්බට යමින් එය ජාතික සංවර්ධන සහායකයකු බවට පත්වීම බව මම විශ්වාස කරමි. අද අප ජීවත්වන මෙම ඩිජිටල් යුගය තුළ මුද්‍රිත මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය, විද්යුත් මාධ්‍ය හා වෙබ් මාධ්‍ය ක්‍රියාකාරීත්වය රටේ සංවර්ධනයටත්, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මටත්, අත්‍යවශ්‍ය සාධකයක්‌ බව ඔබ හොඳින් දන්නවා ඇත. සාම්ප්‍රදායිකව පැවැත එන මුද්‍රිත, ගුවන් විදුලි හා රූපවාහිනි ක්‌ෂේත්‍ර අතර තාක්‌ෂණික පුහුණුවීම් සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ හඳුන්වා දෙන්නෙමි. ජනමාධ්‍යවේදියා වෘත්තීයවේදියකු බවට පත්කිරීම සඳහා අවශ්‍ය වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරමි. සියලු ආකාරයේම මාධ්‍යවේදීන් දැනුමෙන් හා වෘත්තීය පුහුණුවෙන් සවිබල ගැන්වීම සඳහා ජනමාධ්‍ය විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයක්‌ පිහිටුවමි. ජනමාධ්‍යවේදීන් ස`දහා කොළඹ නගරය ආසන්නයේ වෙනම නිවාස සංකීර්ණයක්‌ ඉදිකර දෙන්නෙමි. ජනමාධ්‍ය යනු හුදු වෙළඳපොළ ක්‍රියාවලියක්‌ නොව ජාතික අභිලාෂ කේන්ද්‍රීයව ක්‍රියාත්මක විය යුතු ජාතික වගකීමක්‌ සහිත ක්‍ෂේත්‍රයක්‌ බැවින් ඒ සඳහා වූ ජනමාධ්‍ය සංස්‌කෘතියක්‌ ගොඩනැගීමට කටයුතු කරමි.



3 සදාචාර සම්පන්න සමාජයක්‌

රටක්‌ භෞතික සංවර්ධනය තුළින් ලබා ගන්නා ජයග්‍රහණ දිගුකාලීනව ආරක්‌ෂා කරගත හැක්‌කේ එම ක්‍රියාවලිය සදාචාර සම්පන්න සමාජයක්‌ ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟි නිසි ලෙස මුසු කරගතහොත් පමණක්‌ බව මම තරයේ විශ්වාස කරමි. අප ලෝකයේ පැරණිම ශිෂ්ටාචාර කිහිපයෙන් එකකට අයත්වන ජාතියකි. ඒ පිළිබඳව වන ආඩම්බරය අප රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් හැම ජාතියටම අයත් වෙයි. එම නිසා අප ජාතියක්‌ ලෙස ලබාගෙන ඇති මහා ජයග්‍රහණ අප විසින් තහවුරු කරගත යුත්තේ අපගේ එම අසමසම ශිෂ්ටාචාරයේ උරුමය මත දෙපා තබාගෙනය. ජාතියේ අඛණ්‌ඩ දියුණුව හා වර්ධනය පමණක්‌ නොව ජාතික සමගිය සහ ඒකාග්‍රතාවද රඳා පවතින්නේ අපගේ එම ශිෂ්ටාචාරගත උරුමයන්ට පණදීමට අප කොතෙක්‌ සමත්වනවා ද යන්න මත බව මම දනිමි. එම උරුමයන්ට පණදීම යනු අන් කිසිවක්‌ නොව ඓතිහාසිකව අප සතු වූ සදාචාර සම්පන්න සමාජය නැවත ගොඩනැඟීමයි. ආගමික සංවර්ධනය සම්බුද්ධ ශාසනය ප්‍රධාන කර අනෙකුත් සියලු ආගමික සංස්‌ථාවන් පෝෂණය කිරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නෙමි. සියලුම ආගමික සංස්‌ථාවන්ගේ ඓතිහාසික සම්ප්‍රදායන් සහ කතිකාවන් අනුව ඒවායේ දියුණුව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමු ආගමික නායකයන්ගේ උපදෙස්‌ පරිදි සකස්‌ කරමි. සම්බුද්ධ සාසනයේ දියුණුව සඳහා සාකච්ඡාවට බඳුන් වී ඇති නව විහාරගම් දේවාල පනත ඇතුළු සියලු අණ පනත් කඩිනමින් සාකච්ඡාවට ලක්‌ කොට සම්මත කිරීමට කටයුතු කරමි.

ශ්‍රී ලංකාවේ අවුරුදු 2300 ක්‌ තරම් දිවෙන බෞද්ධ සංස්‌කෘතියේ ප්‍රධානතම පැතිමානයක්‌ වූ බෞද්ධ පොත පත සහ ලේඛන ශාසනික උන්නතිය සහ බුදුදමහම ගැන උනන්දු වන විදේශිකයන්ට මෙන්ම වෙනත් ආගමිකයන්ට ද පරිහරණය පිණිස අනාගතයට දායාද කර දීම සඳහා නූතන තත්ත්වයන්ට ගැළපෙන ලෙස සුරක්‍ෂා කිරීම සඳහා ජාතික බෞද්ධ පුස්‌තකාලයක්‌ අනුරාධපුරයේ ස්‌ථාපනය කරමි. පාසල් ආශ්‍රිතව දරුවන්ගේ සදාචාර වර්ධනය මුල්කරගත් ජාතික ව්‍යාපාරයක්‌ ආරම්භ කරමි. එම ව්‍යාපාරය ප්‍රමාණාත්මක වශයෙන් මෙන්ම ගුණාත්මකව උසස්‌a මට්‌ටමින් ඊට සෑම පාසලකම දරුවන් අදහන ආගම මුල්කර ගනිමින් බිහිවිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. මම එම ව්‍යාපාරයට ඉතා සතුටින් නායකත්වය දීමට කැමැත්තෙමි.

ළමා සහ කාන්තා හිංසනයට තිත

දරුවන් අපයෝජනයෙන් හා හිංසනයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය දැඩි නීති පද්ධතියක්‌ දණ්‌ඩ නීති සංග්‍රහයට එක්‌ කරමි. සෑම ආකාරයේම කාන්තා හිංසනයන වැළැක්‌වීම සඳහා හිංසන විරෝධී සහ වින්දිත රැකවරණ නව පනතක්‌ ඉදිරිපත් කරමි. දරුවන්ට හෝ කාන්තාවන්ට එරෙහිව සිදු වන හිරිහැර පිළිබඳව දැන්වූ සැණින් ක්‍රියාත්මක වීම සඳහා වෙනම 'ජංගම පොලිස්‌ බලඇණියක්‌' ස්‌ථාපනය කරමි. සෑම ගමකම 'ළමා සහ කාන්තා

රැකවරණ කමිටුවක්‌' පිහිටුවමි. අනවශ්‍ය දරුවන් උපතේදීම මරා දැමීම වැළැක්‌වීම සඳහා එවැනි දරුවන් මවගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි පළාත් ළමා හා පරිවාස මධ්‍යස්‌ථානවලට භාරදීමට හැකි නව ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන්නෙමි.

නිවසේදී හෝ පාසලේදී දරුවන් පහරකෑමට, පීඩාවට හා අපයෝජනයට ලක්‌වීම වැළැක්‌වීම සඳහා දෙමවුපියන් ගුරුවරුන් හා සිසු සිසුවියන්ගෙන් සැදුම්ලත් 'ළමා සුරුකුම් පවුර වැඩසටහන' හඳුන්වා දෙන්නෙමි.

සියලු රජයේ ආයතනවලත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් මනෝ සමාජීය උපදේශකවරුන් පත්කිරීමට යෝජනා කරමි.

* දරුවන්ට අහිතකර ඖෂධ වර්ග අලෙවිකරන ඖෂධ අලෙවිසල් හිමියන්ට හා ඒවායේ සේවය කරන්නන්ට හා සමාජ විරෝධී ක්‍රියාවන්ට, දරුවන් පොළඹවන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ශක්‌තිමත් කරමි. පාතාලයට සහ මත් කුඩු උවදුරට සඳහටම නැවතුම තබා පාතාල නායකයන්ට සාමදාන විනිශ්චයකාරකම්වලට සහ කෘත්‍යාධිකාරි මණ්‌ඩලවලට පත් කළ කාලයට තිත තබා මම ඒ පාතාලය සහ කුඩු අධිරාජ්‍යය දැඩි මර්දනයකට ලක්‌ කළෙමි. පාතාල කුඩුකාරයන්, කප්පම්කාරයන් ඇතුළු සෑම අපරාධ කල්ලියක්‌ම සම්පූර්ණයෙන්ම මර්දනය කර ශ්‍රී ලංකාවේ අපරාධ සංස්‌කෘතිය නැමැති පොතේ අවසන් පිටුව ලියන්නෙමි.

* මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මහා පරිමාණ අපරාධ වැළැක්‌වීම සඳහා යුද හමුදා සහාය සහිත විශේෂ ආරක්‍ෂක බල ඇණියක්‌ පිහිටුවන අතර එම වැරදි විභාග කර කඩිනමින් වැරදිකරුවන්ට ද`ඩුවම් ලබාදීම සඳහා විශේෂ අපරාධ අධිකරණයක්‌ පිහිටුවමි.

* අපේ ගොඩබිමෙහි මෙන්ම මහ මුහුදෙහිත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කිසිදු ක්‍රියාවකට ඉඩ නොලැබෙන පරිදි මත්ද්‍රව්‍ය නාශක නාවුක බළකායක්‌ ගොඩනඟමි.

* මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමත් මෙරට හරහා බෙදාහැරීම වැළැක්‌වීමටත් පොලීසිය පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය, රේගු දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් අංශවල නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් හා සම්පත් නොඅඩුව ලබා දෙන්නෙමි. සතා සීපාවාට ද සෙනෙහසේ රැකවරණ අපි දියෙහි වැටුණු කුහුඹුවා පවා ඇඟිල්ලෙන් ඉවත් කරන සෙනෙහෙවන්ත ජාතියක්‌ වෙමු. සෙනෙහස අපේ ජාතිකත්වයේ සංකේතයයි. නිදහසේ සැරිසරන සුනඛයෙකුට පවා හිරිහැර නොකරන අපේ සත්ත්ව කරුණාව උසස්‌ බව මම දනිමි. එබැවින් මිනිසුන්ට පමණක්‌ නොව සතා සීපාවාට පවා දක්‌වන සෙනෙහසේ රැකවරණය තවදුරටත් පුළුල් කරන සත්ත්ව කරුණා වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරමි.

* මහම`ග දමා යන පැටවුන් ඇතුළු සුනඛයන් සුරක්‍ෂිතව රැකබලා ගන්නා මධ්‍යස්‌ථාන ආරම්භ කිරීමට සත්ව කරුණා සංවිධානවලට ආරාධනා කරමි. ඒ සඳහා අවශ්‍ය ස්‌ථාන සඳහා ආධාර රජයෙන් ලබා දෙන්නෙමි.

* අඛණ්‌ඩව සතුන්ට ආදරය කරුණාව දක්‌වන පුද්ගලයන් ඇගයීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරමි.

4 රටට වැඩකරන ජාතිහිතෛෂී

රාජ්‍ය සේවයක්‌

දිනකට රුපියල් දහයක වැටුප් වැඩි කිරීමක්‌ ඉල්ලා වර්ජනය කළ වැඩකරන පංතිය පැය විසිහතරෙන් ගෙදර යෑවූ සහ රජයේ සේවය කප්පාදු කර විශ්‍රාම වැටුප අහිමි කිරීමට වෙර දැරූ අතීතය ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. උපාය මාර්ගික රාජ්‍ය ව්‍යවසායන් විනාශ කළේ ද වැදගත් රාජ්‍ය සංස්‌ථා කුණු කොල්ලයට විකුණා දැමුවේ ද ඔවුන්ය. ඒ සියල්ල කිරීම සඳහා ඔවුන් බලය ලබා ගත්තේ වචනවලට පමණක්‌ සීමා වූ මහා පරිමාණ වැටුප් වැඩි කිරීමේ පොරොන්දු ලබා දීමෙන් බව ඔබට හොඳින් මතක ඇති බව මම දනිමි. පෞද්ගලීකරණය කිරීම සඳහා ජනතාකරණය වැනි වචන භාවිත කළ ඔවුන් තම සෙක්‌කරණය ගැන කතා කරමින් යළි උත්සාහ කරන්නේ රාජ්‍ය සේවය මුළුමනින්ම දිය කර හැරීමේ තම සැඟවුණු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට බව ඔබට අමුතුවෙන් කිවයුතු නැති බව මම දනිමි. එබැවින් රාජ්‍ය අයිතිය තහවුරු කරමින් රාජ්‍ය සේවය තවදුරටත් බල ගන්වා වාර්ෂික වැටුප් වර්ධක ලබා දෙමින් අප ගෙනියන වැඩපිළිවෙළ කිසිසේත් වෙනස්‌ නොකරන බව මම ඔබට සහතික වන්නෙමි.

විශ්‍රාම වැටුප් අයිතිය, අර්ථසාධක අරමුදල් අයිතිය වැනි රාජ්‍ය සේවකයාට හිමි සියලු වරප්‍රසාද තව තවත් ශක්‌තිමත් කර රාජ්‍ය සේවකයා ගෞරවනීය පුරවැසියෙකු කරන්නට මම ඇපකැපවී සිටින බව ප්‍රකාශ කරමි.

* අනවශ්‍ය මැදිහත්වීම් හා සීමාකිරීම්වලින් තොරව ස්‌වාධීනව තම සේවය ඉටු කිරීමට හැකි වන පරිදි නව සේවා ආචාර ධර්ම පද්ධතියක්‌ රාජ්‍ය සේවයට හඳුන්වා දෙන්නෙමි.

* නිසි වැටුප්තලයන් හා මාණ්‌ඩලික තනතුරු සඳහා ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක්‌ සහිත සේවා ව්‍යවස්‌ථාවක්‌ උපාධිධාරීන් සහ සංවර්ධන නිලධාරීන් සඳහා සකස්‌ කරමි.

* කළමනාකරණ සහකාර හා සමාන්තර ශේ්‍රණිවල සේවය කරන උපාධිධාරීන් නොවන නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සමඟ ඒකාබද්ධව උපාධි ලබාගැනීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කරමි.

* තාක්‍ෂණික හා විද්‍යාත්මක සේවාවන්හි වර්ධනය සඳහා එකී සේවාවන්වලට බැඳෙන නිලධාරීන් ඇගයීමට ලක්‌ කරන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමි.

* රජයේ සේවකයින් සඳහා තමන්ගේම නිවාසක අයිතිය සහතික කරන නව නිවාස යෝජනා ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

* දේපළක ස්‌ථිර අයිතිය අපේක්‌ෂා නොකරන නගරාශ්‍රිතයන්හි රැකියා කරන අයගේ කුලී නිවාස ඉල්ලූම වැඩිවී ඇති නිසාම නිවාසවල කුළිය සාමාන්‍ය ජනයාට දරාගැනීමට නොහැකි තරම් ඉහළ ගොස්‌ ඇති බව මම දනිමි. එබැවින් රාජ්‍ය සහ පෞද්ගලික යන දෙයංශයේම ආයෝජන දායකත්වයෙන් උපනගර ආශ්‍රීතව කුලී මහල් නිවාස පද්ධති ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

* තම සේවකයන්ගේ නවාතැන් පහසුවට උපකාර කිරීමට කැමති පෞද්ගලික සමාගම් සහ ව්‍යාපාරිකයන්ට ද මෙම වැඩසටහන ආයෝජන දායකත්වය සැපයීමෙන් තමන්ට අවශ්‍ය නිවාස ප්‍රමාණය ආරම්භයේදීම වෙන්කරවා ගැනීමට ඉඩ සලසමි.

* ජනතාවට සිදුවන පරිපාලනයේ අතපසුවීම් පිළිබඳව සොයා බලා කාර්යක්‌ෂම සේවාවක්‌ ලබා දීම සදහා මැදිහත් වීමට 'පරිපාලන යුක්‌තිපතියෙකු' පත් කරමි.

* නීතිවේදීන්ට සහ නොතාරිස්‌වරුන්ට ඇති ඔප්පු ලීවීමේ අයිතිය සහතික වන ආකාරයට ලේඛන ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරමි. අභිමානවත් හමුදාවක්‌ සහ ගෞරවාන්විත පොලීසියක්‌ වීරෝදාර ත්‍රිවිධ හමුදාවක්‌ මෙන්ම අභීත පොලීසියක්‌ සහ සිවිල් ආරක්‍ෂක බලකායක්‌ නොවන්නට ඔබටත් මටත් අද රටක්‌ නොමැති බව මම කිසිදා අමතක නොකරමි. රාජ්‍යයත්, රටවැසියාත් ආරක්‌ෂා කළ ත්‍රිවිධ හමුදා, පොලිස්‌ හා සිවිල් ආරක්‌ෂක බලකාය එදා මෙන් සැමදා ශක්‌තිමත් කොට සවිබල ගන්වමි.

* කාර්යක්‍ෂමතාව සහ අපරාධ පරීක්‍ෂණ හැකියාව අතින් අපේ පොලීසිය ලෝකයේ කවර පොලීසියකටවත් නොදෙවෙනි බව පසුගිය සමයේ කරන ලද අපරාධ විමර්ශන මගින් මනාව ඔප්පු කර ඇත. එබැවින් අපරාධ විමර්ශන තවදුරටත් විද්‍යාත්මක හා පහසුකරණය කිරීම සඳහා නවීන උපකරණ, තාක්‍ෂණික පහසුකම් පුහුණු සහ ප්‍රවීණ මානව සම්පත් ලබා දෙන්නෙමි.

* වෙනත් රටවල මෙන් යුද්ධය හෝ ප්‍රබල හමුදා මෙහෙයුම් නිමා වීමෙන් පසු සිදු කරන්නේ විශාල වශයෙන් හමුදා භටයන් ඉවත් කිරීමය. තනතුරු වලින් පහත හෙළීමය. එහෙත් පසුගිය හව වසර පුරාම එබඳු කිසිවක්‌ මම නොකළෙමි. ඉදිරියටත් කිසිදු හමුදාවක ස්‌ථිර සේවයෙන් යුතු සෙබලුන්, අතිරේක බල හමුදා, ස්‌වේච්ඡා භටයන් හෝ සිවිල් ආරක්‌ෂක සේවා බලකායන් ඉවත් නොකරමි.

* කිසිදු හමුදා නිලධාරියෙක්‌ හෝ සෙබලෙක්‌ ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් නොකරමි.

* ආබාධිතභාවයට පත්වුණු සියලු සෙබලුන් ඔවුන්ගේ ජීවිත කාලය පුරා ඔවුනට හිමි සියලු වරප්‍රසාද ලබා දෙමින් රැක බලා ගන්නෙමි.

* විශ්‍රාමික හමුදා සෙබලුනට රැකියා අවස්‌ථා ලබා ගැනීම සදහා අවශ්‍ය මඟ පෙන්වීම් කරන අතර ඔවුනට හිමි වෛද්‍ය පහසුකම්, විවේක මධ්‍යස්‌ථාන ආදී පහසුකම් තව දුරටත් වර්ධනය කරමි.

* පොලීසියේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කර ගනිමින් රාජකාරිය ඉටුකිරීමේදී ඔවුනට අවශ්‍ය නවාතැන්, වාහන හා අනෙකුත් පහසුකම් නොඅඩුව සැපයීමට කටයුතු කරමි.

* හමුදාවන්ට, පොලීසියට හා සිවිල් ආරක්‍ෂක බලකාය ඇතුළු සියලුම රජයේ සේවයයන්ට අවංකව හා තෘප්තිමත්ව කර ගෙනයාම පහසු කිරීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික ගැටලු පවා තනි තනි වශයෙන් හඳුනාගෙන උපකාර කිරීමේ නව උපදේශන ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන්නෙමි. අර්ධ රාජ්‍ය ආයතන, බැංකු සහ පෞද්ගලික අංශය රටේ ආර්ථික සංවර්ධනය උදෙසා මෙම අංශයෙන් ලබා දෙන දායකත්වය මම කිසිවිටක ලඝූ කොට නොසලකමි.

* සේවක අර්ථසාධක අරමුදල සුරක්‍ෂිත කරන අතර ඒ සඳහා ඔවුන්ගේ අයිතිය කවර කරුණක්‌ නිසා හෝ අහිමි නොකරමි.

* පෞද්ගලික අංශය සඳහා ශක්‌තිමත් සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයක්‌ ලබා දීමට කටයුතු කරමි.

* නැවත ක්‍රියාත්මක කරන ලද බැංකු විශ්‍රාම වැටුප් අයිතිය මෙතෙක්‌ එම අයිතිය නොලද බැංකුවල සේවකයන් සඳහා මෙම වසරේ ජනවාරි මාසයේ සිට වලංගු වන පරිදි ලබා දෙන්නෙමි.

* අර්ථසාධක අරමුදල්වල අයිතියට අමතරව පෞද්ගලික අංශයට ද එම ආදර්ශය අනුව යමින් කැමැත්තෙන් ඇතුළත් විය හැකි ආකර්ෂණීය විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ මම යෝජනා කරමි.

විදේශ සේවා නියුක්‌තිකයන්

* දීර්ඝ කාලයක්‌ විදේශ රටවල සේවය කර ලංකාවේ ස්‌ථිර පදිංචිය සඳහා පැමිණෙනන් සඳහා බදු සහන වාහන බලපත්‍රයක්‌ ලබා දෙන්නෙමි.

* විදේශයන්හි සේවයේ යෙදී සිටියදී සදාකාලික ආබාධිතව ලංකාවට පැමිණි අයට විදේශසේවා නියුක්‌ති කාර්යාංශය මගින් මාසික සහන මුදලක්‌ ගෙවීමට සලස්‌වමි.

* රටවිරු වැඩසටහන හරහා විදේශගතවන සැමගේ නිවාස සිහිනය සැබෑ කර දීම සඳහා ඔවුනට නිවස ඉදිකර දීමේ කාර්යය ඉටු කරදීමේ වැඩසටහන ශක්‌තිමත් කරමි.

* විදේශ ගතව සේවය කරන්නන්ට දේශීය මැතිවරණවලදී ඡන්දය දීමේ අයිතිය ලබා දෙන්නෙමි.

* විදේශ රැකියා කාර්යාංශයේ ලියාපදිංචි වී වසර හයකට වඩා වැඩිකාලයක්‌ විදේශ රටවල සේවය කර පැමිණෙන්නන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ මේ වසරේදී හඳුන්වා දෙන්නෙමි.

* විදේශ රැකියාවල යෙදී සිටින ගෘහ සේවිකාවන්ගේ පවුල්වල සුබසාධනය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ මට්‌ටමින් විධිමත් උපදේශන සේවාවක්‌ ආරම්භ කරමි.

5 පොහොසත් රටක්‌

බත බුලතින් සරුව තිබූ ශ්‍රී ලංකා ද්වීපය බටහිර ආක්‍රමණයට නතුවූදා සිටම පරිහාණියේ ද්වාරය විවර කර ගත්තේය. 1948 අප නිදහස ලබන විට අප සතුව පැවති ස්‌වයංපෝෂිත ආර්ථිකය, යහපාලන රාජ්‍ය ක්‍රමය, උසස්‌ සම්ප්‍රදායානුකූල ශිල්පීය දැනුම සහ පොහොසත් සමාජ සංස්‌කෘතිය මුළුමනින්ම බිඳ වැටුණි. නිදහසින් පසු බිහිවූ ආණ්‌ඩු ද අපට විවර කළේ පැරණි පාරේම යන පරාධීන ආර්ථික ප්‍රවේශ මාර්ගයකි. අපේ ආණ්‌ඩු කාලවලදී පවා ඉන් මිදීමට අපගත් උත්සහයන් සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගත නොහැකි වූ බව මම නිහතමානීව පිළිගනිමි.

1977 දී ආරම්භ වූ විවෘත ආර්ථිකය මගින් රටේ දොරගුළු ලෝකයටම විවෘත වීමත් සමග ටික දෙනෙක්‌ අතිශයින් පොහොසත් වී බහුතරය දුප්පතුන්ගේ ගොඩට ඇද වැටීමෙන් සමාජ අසමානතාව අහස පොළව තරම් දුරස්‌ විය. 1987 තරුණ නැගිටීම, උතුරේ සන්නද්ධ නැගිටීම් ආදී සියල්ලම මෙකී අසමානතාව විසින් අපේ සමාජ ආර්ථික දේහයට බලහත්කාරයෙන් කාවද්දනු ලැබූ භයානක රෝගීත්වයන්ගේ සළකුණුය. 2005 දී මගේ අභියෝගය රටට සාමය උදා කිරීම විය. 2010 දී රට යෝධ සංවර්ධන ප්‍රවේශ මාර්ගයකට ගෙනයාමය. දැන් අපට අවශ්‍ය වී ඇත්තේ සාමයේ සිසිලස භුක්‌ති විඳින ජනතාවට ඇති නැති පරතර රේඛාව මකා දමා සංවර්ධනයේ ප්‍රතිලාභ ගෙන යාමෙන් සියලු දෙනාම පොහොසත් කරන ගමන ආරම්භ කරන්නටය. මේ කියන පොහොසත්කම කොහෙන්

කෙසේ හෝ සොයා ගන්නා සල්ලිවලින් සාක්‌කු පුරවා ගන්නා සල්ලිකාරකමක්‌ නොවේ. දැහැමිව උපයන මුදලින් අතමිට සරු කර ගන්නා මනුස්‌සකමෙන් හදවත පුරවා ගන්නා පොහොසත්කමකි. ඇති අය නැති අය දෙස අවඥාවෙන් බලන, නැති අය ඇති අය ගැන ද්වේශයෙන් සිතන සමාජ මාවතේ දැන් ආ දුර හොඳටම ප්‍රමාණවත්ය. බතක්‌ නොඉදෙන නිවසක්‌ යනු අතීත මතක කෞතුකාගාරයේ සිතුවිල්ලක්‌පමණක්‌ වනු ඇත. මින්පසු අපේ රටේ පැවතිය යුත්තේ පොහොසත්පුරවැසියන් අතර වෙනස්‌කම් විනා දුප්පත් සහ පොහොසත්අසමානතාවයක්‌ නොවිය යුතුය. තමන් ගැන පමණක්‌ වෙහෙසෙනසිතුවිල්ල වෙනුවට සමාජීයීය හැඟීමෙන් යුත් පොදු සමාජය ගැන හැඟීමෙන්යුත් ප්‍රෙෘඩ ශ්‍රී ලාංකිකත්වය වෙනුවෙන් වෙහෙසී වැඩකර එහි ආර්ථික පල නෙළා ගන්නා නූතන ශ්‍රී ලාංකිකයෙකු මම නිර්මාණය කරමි.

2010 දී, මම ඔබට පොරොන්දු වූයේ 2016 වන විට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 4,000 ක්‌ බවට පත් කිරීමටය. මා දුන් එම පොරොන්දුව, 2015 දීම ඉෂ්ට කරන්නට මට ඉඩ ලැබීම ගැන මම නිහතමානීව ආඩම්බර වන්නෙමි. එලෙස, 2020 වන විට ආර්ථික සංවර්ධන වේගය අඛණ්‌ඩව 7% කට වඩා වැඩි වේගයකින් පවත්වාගෙන යමින්, රටේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 7,500 ක්‌ නැත්නම් රුපියල් දශ ලක්‌ෂයකට වඩා ඉහළ මට්‌ටමකට පත් කරන්නට මම කටයුතු කරමි. එමගින් මිලියන 20 ජනතාවක්‌ පොහොසතුන් බවට පත් කරමි. පරිසර හිතකාමී තාක්‌ෂණික කෘෂි ප්‍රදේශයක මගේ පියා ගොවියෙකි. ඔහුගේ පියාත් ගොවියෙකි. මා තෝරාගත් කෙත ඔවුන් වගා කළ කුඹුරට වඩා මඩ ගොහොරින් පිරී තිබුණ ද මම එය අස්‌වැද්දුවෙමි. අද ඔබ භුක්‌ති විඳින්නේ මා නෙලු එහි අස්‌වැන්නයි. එහෙත් කුඹුරේ, කෙතේ, නියරේ මඩ සුවඳ මම හොඳින් හඳුනමි. බණ්‌ඩි ගොයම කිරිවදිනා කෙත්යාය පිස හමනා සුළඟ තරම් මට කිසිත් මිහිරි නැත. එබැවින් ගොවිතැන එදාමෙන් අදත්, හෙටත් අපේ ආර්ථිකයේ ජීවනාලිය බව මම විශ්වාස කරමි. හරිත විප්ලවය මගින් හඳුන්වා දී ඇති බීජ වර්ග, රසායනික පොහොර සහ කෘෂි රසායනවලින් තොරව නොවැවෙන නිසා අපේ බිම්වල මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු විෂ රසායන රහිත කෘෂිකර්මයේ ක්‍රමාණුකූලව සහ සාධනීය වර්ධනයක්‌ තුළින් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක්‌ ගොඩනගා ගැනීමේ නව ප්‍රවේශයකට රට යොමු කරමි. වගාවට බිම, නිසි කලට වතුර, පැළ ගොයමට පොහොර, අස්‌වැන්න නෙළන විට නිසි මිලක්‌ ඇති වෙළඳපොළක්‌ ඇත්නම් කුඹුරේ සිටියදීත් සෑම ගොවියෙකුම රජකු වන බව මම දනිමි. වගාවට ඉඩස

* නිසි පරිදි භාවිතයට නොගන්නා ඉඩම් ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම පිණිස ජනතාවට ලබාදීම සඳහා ඉඩම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ ක්‍රියාවට නංවමි.

* එවැනි ඉඩම් හඳුනා ගෙන ලියාපදිංචි කිරීම සඳහාත් ඉඩම් අපේක්‍ෂා කරන්නන් ලියාපදිංචි කිරීම සඳහාත් ඉඩම් බැංකුවක්‌ පිහිටුවමි. එකී ඉඩම් කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායනට බදු පදනම යටතේ ලබා දෙන්නෙමි. ගහකොළට සතා සීපාවාට දියවර ජලය අපේ මව්බිමේ පූජනීයත්වයයි. මුණි සිරිපා පහස ලද සමනළ කන්දෙන් පැන නැඟ රටේ සිඟකොණ ගලා යන මහවැලි, කළු, කැළණි, වලවේ යන ගංගා එම පූජනීයත්වයේ සජීවී සංකේතයන්ය.
 

No comments:

Post a Comment