Dec 25, 2014

24 Dec 2014
මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී
පුළුල් දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌ අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ ඇතුළු මූලික කරුණු විස්‌සක්‌ ඉටුකිරීම අරමුණු කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (23 දා) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් එළිදැක්‌විණි.
'මහින්ද චින්තන ලොව දිනන මඟ' නමින් යුත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (23 දා) පෙරවරුවේ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්‌වුණු අතර මෙම අවස්‌ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සියලුම පක්‌ෂ නායකයින් නියෝජිතයන් අගමැති ඇතුළු මැති ඇමැතිවරු සහභාගි වූහ.
පෙරවරු 9.15 ට පමණ සම්මන්ත්‍රණශාලාව වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබීය.
අනතුරුව මඟුල් බෙර සක්‌හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීය. ඉන්පසු යෙදුණු සුබ මොහොතින් මහින්ද චින්තන ලොව දිනන මග ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌විණි.
ප්‍රථමයෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මහා සංඝරත්නයට අන්‍ය ආගමික පූජකතුමන්ලාට හා සන්ධානයේ පක්‌ෂ නායකයන්ට අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්ට පිළිගැන්වීය.
තරුණ ප්‍රජාව වෙනුවෙන්ද ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තරුණ පිරිසකට භාරදෙනු ලැබීය.

http://www.divaina.com/2014/12/24/news03.html

No comments:

Post a Comment