Dec 25, 2014

25 Dec 2014
ශාන්ත මුතුහෙට්‌ටිගම සහ ඔහුගේ රියෑදුරු වහාම 
අත්අඩංගුවට ගන්න
බද්දේගම මහෙස්‌ත්‍රාත් නියෝග කරයි
වඳුරඹ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පැහැරගෙන යැම සම්බන්ධයෙන් සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම හා ඔහුගේ රියෑදුරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (24 දා) වරෙන්තු නියෝගයක්‌ නිකුත් කළේය.සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වඳුරඹ පොලිසිය මගින් වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරක්‍ෂක පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ඉසුරු රුවන්සිරි, මනෝ- ප්‍රියන්ත හා ඉෂාර චතුරංග නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

වැඩිදුර වාර්තා ගොනු කරමින් කරුණු දැක්‌වූ පොලිසිය, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය උදෙසා වඳුරඹ නගරයේ සංවිධානය කර තිබූ ජන රැලියේ වේදිකාවට හා වාහනවලට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පොලිස්‌ ස්‌ථානයේ රඳවා සිටියදී සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා තවත් පිරිසක්‌ සමග පැමිණ එම සැකකරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවත් සිද්ධියට අදාළව සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා හා ඔහුගේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම හා ඔහුගේ රියෑදුරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නියෝග නිකුත් කරමින් අනෙක්‌ සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හරිමින් පැමිණිල්ල ලබන 29 දා යළි කැඳවන ලෙසත් නිsයෝග කළේය.

http://www.divaina.com/2014/12/25/news01.html

No comments:

Post a Comment