Dec 25, 2014

24 Dec 2014
ලෝකයේ දියුණු ජාතීන් අතරට ඔසවා තබන
මහින්ද චින්තනයේ තුන්වැනි අදියර අලුත් පරම්පරාවක්‌ ගොඩනැගීමටයි  - මහින්ද රාජපක්‌ෂ

  • මට තියෙන්නේඑක ගිවිසුමයි   ඒ මහින්ද චින්තනයයි
  • එක කැසිනෝ බලපත්‍රයක් බාර්ලයිසන් එකක්‌ නොදුන් දෑතක්‌ මට තියෙනවා
  • මෙරට ලිබියාවක්‌ ඇµaගනිස්‌ථානයක්‌ ඊජිප්තුවක් සිරියාවක්‌ වෙන්න දෙන්නේ නැහැ
  • අම්මලාගේ සිත්වල මරණ බය ඇතිකරන්න යළි ඉඩ තියන්නේ නෑ
    ගිහි පැවිදි සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්‌ථාවක්‌ වසරක්‌ ඇතුළත සම්මත කිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහින්ද චින්තන ලොව දිනන මග සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌වෙමින් පැවැසීය.
මහින්ද චින්තන තුන්වන අදියර ශ්‍රී ලාංකික ජාතිය ලෝකයේ දියුණු ජාතීන් අතරට ඔසවා තබන වැඩපිළිවෙළක්‌ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ස්‌ථාපිත වූයේ ත්‍රස්‌තවාදය විනාශ කිරීම නිසාවෙන් බවත් පැවසූ ජනාධිපතිවරයා මේ රටේ අම්මලාගේ හිත්වලට ආයෙත් මරණ බිය ඇති වෙන්න ඉඩ නොදෙන බවත් පැවැසීය.
තමා දේශපාලන පවුලක කෙනෙක්‌ බවත් අපි කිසිකෙනෙක්‌ ඉන් හම්බ කළේ නැති බවත් පැවසූ ජනාධිපතිවරයා අපි සියලුම දෙනාම රටේ දියුණුවට කැපී පෙනෙන කාර්ය භාරයක්‌ ඉටු කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (23 දා) පෙරවරුවේ පැවැති මහින්ද චින්තන ලොව දිනන මග සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. ----

http://www.divaina.com/2014/12/24/news22.html
අපේ මාතෘ භූමියේ අනාගතය සැලසුම් කරන මේ මොහොතේ මට 2005 දී මුලින්ම මහින්ද චින්තන ඉදිරිපත් කරපු අවස්‌ථාව සිsහිපත් වෙනවා.
මේ රටට ආදරය කරන දේශප්‍රෙAමී ජනතාව ඒකාරාශි කරගෙන අපි රට වෙනුවෙන් මහින්ද චින්තන මේ ගොඩනැඟිල්ල තුළදීම ජනතාවට භාර දුන්නා. ඒ ඉතාම තීරණාත්මක සන්ධිස්‌ථානයක්‌. මාතෘභූමිය බෙදී වෙන් වෙන්න ආසන්න මොහොතකදී තමයි එදා මහින්ද චින්තනය ජනතාවට පිළිගැන්වුවේ. අපේ ජාතික සම්පත් කුණු කොල්ලෙට විකුණලා අපේ රට වැසියෝ උපන් බිමේ බෝඩිං කාරයෝ බවට පත්වෙලා හිටපු යුගයක අපි මහින්ද චින්තනය ජනතාව අතට පත් කළේ.

මම එදා ජාතියට පොරොන්දු වුණා රටට ගෞරවනීය සාමයක්‌ ගෙනෙනවා කියලා. ඒක රට පාවාදී දණින් වැටී ගෙනෙන සාමයක්‌ නොවෙයි. ඒකීය ශ්‍රී ලංකාවක්‌ ගොඩනගලා ජාතියේ අභිමානය ආරක්‌ෂා වෙන සාමයක්‌ ගෙනෙන්නයි එදා මං ප්‍රතිඥ දුන්නේ. ඒ ප්‍රතිඥවට අනුව වසර 4 කදී වසර 30 ක්‌ පුරා තිබුණ ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදය පරාජය කරලා මේ රටට නිදහස ගේන්න පුළුවන් වුණා. එදායින් පස්‌සේ මේ රටේ ජනතාවට තිබුණ මරණ බය මේ රටෙන් තුරන් කරන්න අපිට පුළුවන් වුණා.
2010 දී ඒ මහින්ද චින්තනයේම ඉදිරි දැක්‌ම ඔබගේ අතට පත් කළා. දිනාගත්ත නිදහස ආරක්‌ෂා කරගෙන ඒ නිදහස උපරිම ආකාරයෙන් ජාතියේ යහපතට යොදවන්නැයි ඉදිරි දැක්‌මෙන් අපි ප්‍රතිඥ දුන්නේ. තවත් වසර හතරකදී ආශ්චර්යවත් ශ්‍රී ලංකාවක්‌ ගොඩනගන්න ඕනෑ කරන සියල්ල ඒ මහින්ද ඉදිරි දැක්‌මට අනුව ගොඩනගල දීලා තියෙනවා.

අද අපේ රටේ අපිට ඕනෑ ආහාර අපිම නිපදවා ගන්නවා. කුඹුරු අක්‌කර දහස්‌ ගණනක්‌ ගොවිබිම් දහස්‌ ගණනක්‌ අස්‌වැද්දෙනවා. විදුලිය තිබුණේ 66% කටත් අඩුවෙන් අද 99% ක්‌ විදුලිය පාරිභෝජනය කරනවා. ඒක පුද්ගල ආදායම තිබුණේ ඩොලර් 1200 යි. අද ඒක ඩොලර් 4000 ක්‌ වෙලා තියෙනවා. අධිවේගී මාර්ග වාගේම ඉතාමත් දියුණු පිරිසිදු නගර අපි ගොඩනගලා තියෙනවා. මේ රට නිදහසේ සැරිසරන්න පුළුවන් ලෝකයේ බොහෝ ජාතීන් යන එන රටක්‌ බවට පත් කරලා තියෙනවා. මේ මහින්ද චින්තනයේ ප්‍රතිඵල.

ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණ පොරොන්දු කියන්නේ මාස කිහිපයකදී අමතක කරලා දමන ලියවිල්ලක්‌. නමුත් මහින්ද චින්තනය කියන්නේ අමතක කරලා දාන ලියවිල්ලක්‌ නොවන බව දේශපාලන ඉතිහාසයේ පළමු වරට අපි ඔප්පු කරලා තියෙනවා. ලංකා ඉතිහාසයේ එක සුවිශේෂි අත්දැකීමක්‌.
අපි යථාවාදියි තථාකාරියි. අපි කියනදේ කරනවා කරන දේ කියනවා.

අපි ආයෙත් විදුලිය, ජලය. මංමාවත් දරිද්‍රතාවය ගැන පොරොන්දු දෙන්න ඕනෑ නැති රටක්‌ ගොඩනගලා තියෙනවා. අධ්‍යාපන විෂමතා දුරු කරනවා. කියන පොරොන්දු දෙන්න ඕනෑ නැති රටක්‌ ගොඩනගලා තියෙනවා. ගමේ යටිතල පහසුකම් ගැන පොරොන්දු දෙන්න ඕනෑ නැති රටක්‌ ගොඩනගලා තියෙනවා. මොකද ඒ සියල්ල අපි මේ රටේ කරලා තිබෙන දේවල්. ඒවා අද වේදිකාවේ ඇසෙනවා. ඒවා ගැන අද පොරොන්දු දෙන්න අවශ්‍ය නැහැ.

මම උදාහරණයක්‌ කියන්නම් 1994 පොදුජන එක්‌සත් පෙරමුණ රජයක්‌ පිහිටුවන කොට පාන් රාත්තල රුපියල් 3.50 ට කට දෙන්න පොරොන්දු වුණු ආර්ථිකයක්‌ තිබුණේ. අද ඒ දරිද්‍රතාවය තුරන් කොට මේ රට ඉහළට ඔසවලා නුතන දේශයක්‌ ගොඩනගන්න ඕනෑ කරන මහජන සම්මුතියක්‌ ඇති කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.
එදා අපි පොරොන්දු වූ සාදාචාරය පිළිබඳව ප්‍රතිඥව ඒ හැටියටම මේ රටේ ඉටු කරලා තියෙනවා. ප්‍රසිද්ධ තැන්වල දුම්බීමේ ඉඳන් ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම් කිරීමේ ඉඳන් ක්‍රීඩාවට අධ්‍යාපනයට, දුම්වැටියට මත්පැන්වලට ප්‍රචාරක දැන්වීම් යොදන යුගය අවසාන කිරීමේ අසීරු තීන්දුව අපියි ක්‍රියාත්මක කළේ. එක කැසිනෝ බලපත්‍රයක්‌ නොදුන් අතක්‌ එක බාර් ලයිසන් එකක්‌ නොදුන් දෑතක්‌ මට තියෙනවා බව මම බොහෝම ආඩම්බරයෙන් කියනවා. නමුත් අද අසත්‍ය සත්‍ය යට කරගෙන යනවා.
මේ රටේ අම්මලාගේ හිත්වල මරණ බය ආයෙත් ඇති කරන්න මම ඉඩ තියන්නේ නෑ. උතුරේ දකුණේ නැගෙනහිර බටහිර කොතැනකවත් දරුවන් අනාථ කඳවුරුවලට ගාල් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අපි රැක ගත්ත ජාතික සම්පත් ආරක්‌ෂා කර ගන්න ඕනෑ.

එදා රජයේ සේවයේ සිටියේ ලක්‌ෂ 07 යි. අද ඒ පිරිස ලක්‌ෂ 14 ක්‌. රජයේ සේවය කප්පාදු කෙරෙන රටකට ආපස්‌සට අපිට යන්න බෑ. විදේශවල තියෙන තමර්සෙක්‌ ආදි ක්‍රම වලින් යළි පුද්ගලිකරණයට දොර ඇරලා රට විකුණන වැඩපිළිවෙළකට ඉඩ දෙන්න බෑ. මේ ආරම්භ කළ යෝධ සංවර්ධනය අතරමග නතර කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ වගකීම මගේ. මේ රට ලිබියාවක්‌, ඇµaගනිස්‌ථානයක්‌, ඊජිප්තුවක්‌ සිරියාවක්‌ වෙන්න මට ඉඩ තියන්න බෑ.
මේරට බෙදා වෙන් කරන්න කවදත් උත්සාහ කළ විදේශ බලවේග එක්‌ක කවදත් රටට ෙද්‍රdaහී බලවේග එකතු වෙන බව අපට පෙනෙනවා. කොටි ත්‍රස්‌තවාදය පරාද කරලා රට නිදහස්‌ කර ගත් අපිට යුද අපරාධ චෝදනා ගෙනෙනවා. රටේ යටිතල පහසුකම් යෝධ සංවර්ධනය කළ නිසා ඒවාට කියන්න දෙයක්‌ නැතිව දූෂණ වංචා චෝදනා ගෙනෙනවා. රට ගොඩනගන කොට ඒවා උරුමයි.

මට නොවෙයි පසුගිය සියවසේ ලංකාවෙන් බිහිවුණ ශ්‍රෝෂ්ඨ ලංකා පුත්‍රයා වුණ අනගාරික ධර්මපාලතුමාටත් හාමුලා ඒ ගොල්ලන්ගේ පත්තරවලින් දූෂණ චෝදනා ගෙනාවා. ඔබ ඉතිහාසය දන්නවා කාටවත් එය අමතක වෙලා නැහැ. රට අතහැර දමා යන තරමට ධර්මපාලතුමාට පහර ගැසුවා. අපේ පක්‌ෂයේ අපි ගරු කරපු මේ රටේ සමාජවාදී ක්‍රියාවලියක අවතීර්ණ වෙලා මහජන බැංකුව, රක්‌ෂණ සංස්‌ථාව වැනි දේ හදන්න මුල්වුණු ඉලංගරත්න වාගේ උදාර නායකයන්ටත් චෝදනා කළා. ඔහු අවසාන කාලයේ ජීවත්වුණු හැටි ඔබ දන්නවා.

මේ රටේ තිබුණ ජාතික සම්පත් කුණු කොල්ලෙට විකිණීම තරම් දූෂණයක්‌ තවත් තියෙනවද? සම්පත් රාජ්‍ය ආයතන ජාවාරම්කාරයන්ට විකුණා දාලා ඒ මුදල් සාක්‌කුවේ දාගත් උදවිය තමයි මේ රටේ ලොකුම අපරාධය කළේ. වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගසන්න එපා. ඒවා ජාතියට සඟවන්න බැහැ. ඒ අයට අමතක කරවන්න බැහැ. මම ඒ ජාතික දූෂණයෙන් රට ගලවා ගත්තා. පෞද්ගලීකරණයට තිත තැබුවා.

ත්‍රස්‌තවාදය තියෙන රටක යහපාලනයක්‌ තියෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තියන්න බෑ. ත්‍රස්‌තවාදය විනාශ කිරීම නිසා තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක්‌, යහපාලනයක්‌ ස්‌ථාපිත වුණේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිසා තමයි යහපාලනය ගැන අද කතා කරන්න ඉඩ ලැබිලා තියෙන්නේ. රටට වැඩකරන ආදරය කරන කාටත් ඒවා පොදුයි. කොහොම වුණත් අපි රට රැක්‌කේ නෑ. රටට වැඩ කළේ නෑ කියලා කවුරුවත් කියන්නේ නෑ. කාටවත් කියන්නත් බෑ. කළ මහා වැඩකොටස වැඩක්‌ නෑ. කීම ඒ අයම ඒ අයගේ කුහක හදවත නිරාවරණය කර ගැනීමක්‌.

රටට ෙද්‍රdaහී එක ගිවිසුමක්‌ මගේ අතින් අත්සන් කර නෑ. මට ගිවිසුම් රාශියක්‌ නෑ. මට තියෙන්නේ එක ගිවිසුමයි. ඒ මේ මහින්ද චින්තනය පමණයි. පවුල්වාදය පිළිබඳව මට පුද්ගලිකව චෝදනා කළත් මම 2005 ඔබ ඉරියට පැමිණෙන විටත් දේශපාලන පවුලක කෙනෙක්‌ අපි කිසිකෙනෙක්‌ ඉන් හම්බ කළේ නෑ. අපි සියලු දෙනාම රටේ දියුණුවට කැපී පෙනෙන කාර්යභාරයක්‌ ඉටුකළා. මේ තුන්වන අදියර අලුත් පරම්පරාවක්‌ සඳහා රට ගොඩනැගීමේ අදියරයි.
ඒ සඳහා නීතියේ ආධිපත්‍ය ශක්‌තිමත් කිරීම, දූෂණය හා වංචාව පිටුදැකීමට හැකිවන ආයතන ව්‍යqහය වගේම යහ පාලනය සිංහල. දෙමළ, මුස්‌ලිම් බර්ගර් සියලු දෙනාම සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබිය හැකි විදියට ජාතික සමගිය පුළුල් කිරීමට ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. මෙම මහින්ද චින්තන ලොව දිනන මග මගේ තුන්වන මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලි දැක්‌ම ඒකයි. ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණයක්‌ සඳහා මහා සංඝරත්නය, ආගමික නායකයන් මහජන නියෝජිතයන්, බුද්ධිමතුන්, සිවිල් සන්ධාන, වෘත්තීය සමිති වල දායකත්වයෙන් නව ව්‍යවස්‌ථාවකට ප්‍රවේශ වීමට මා කැපවෙනවා.

අපි මේ රටේ තවත් දැවැන්ත වෙනසකට සුදානම් වෙන යුගයක්‌. මේ නිදහස සාමය නිසා මුළු රටම එකට බැඳෙන යටිතල පහසුකම් ජාලයකින් රට වෙලුවා. හෙට ඒ මත දැවැන්ත කර්මාන්ත සංවර්ධනයක්‌ කරලා වසරකට රැකියා ලක්‌ෂය බැගින් ලැබෙන ආර්ථිකයක්‌ ගොඩනගන්න ඕනෑ. මෙවර අයවැයේදී ලබන වසරේ උසස්‌ පෙළ සමත් තරුණයන් 150000 ට රජයේ රැකියා අවස්‌ථා උදාකළේ රාජ්‍ය සේවය ශක්‌තිමත් කරන්න. මේ රට පොහොසත් කරන්න ඕනෑ.
මේ මහින්ද චින්තනයේ තු=න්වන අදියර ජාතියේ ලෝකයේ දියුණු ජාතීන් අතරට ඔසවා තබන්නට සූදානම්ව සැකසු ලියවිල්ලක්‌. අපට ඒ සඳහා ශක්‌තිය තිබෙන බව මම බොහොම ආඩම්බරයෙන් වගකීමෙන් කියනවා. ඔබේ දරුවන්ට නූපන් දරුවන්ට මේ රට සුරක්‌ෂිත කරන්න ඕනෑ.

මම අවසාන වශයෙන්ම ඔබට ස්‌තූති කරන්න ඕනැ. 2005-2010 මා ගැන විශ්වාසය පළ කරලා ජනවරම ලබාදීම ගැන. ඒ සමගම ඔබට මතක්‌ කළ යුතු ඔබගේ හදවතින් අසා ගත යුතු ප්‍රශ්නයක්‌ මා ඉතිරි කරනවා. 2005 වාගේම 2010 ඔබ මට ඡන්දය දී මට රට භාර නොදුන්නා නම් අද මේ රටේ තත්ත්වය කොයි ආකාරයෙන් තිබේවිද? මේ මැතිවරණයේ ඔබ තීරණය කළ යුත්තේ රට ස්‌ථාවරව ඉදිරියට යනවාද නැත්නම් ආපසු අස්‌ථාවරව ආපසු ගමනක්‌ අරඹනවාද යන්නයි. ඔබ හදවතින් ඒ ප්‍රශ්නය අසා ගන්නැයි ඉල්ලා සිටිමින් මා නිහඬ වෙනවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‌ෂ නායකයන් වෙනුවෙන් මහජන එක්‌සත් පෙරමුණේ නායක ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - ජීවිතයට ජීවය යළි පනගන්වන්ට පුළුවන් වූ අසහාය නායකයෙකුට විජයග්‍රහණයට ගමන් කිරීමේ මහින්ද චින්තන ලොව දිනන මග ප්‍රතිපත්ති සමුදාය රට ජාතිය අතට පත්කරන සුබ මොහොතයි මේ.

ජනාධිපතිතුමා 2005 රට බාරගන්න අවස්‌ථාවට රට වැසියා දුන් ජනවරම ඉටුකළ අභිමානවත් නායකයෙක්‌. කැඩී බිඳිගිය රටක්‌ ත්‍රස්‌තවාදයෙන් බෙදුනු රටක්‌ ජන ජීවිතය අනාරක්‍ෂිත බවෙන් ගිලී තිබුණු මොහොතක රට බාරගෙන රට එක්‌සේසත් කිරීමේ මගට අභීත නායකත්වයක්‌ ලබා දුන්නා.

මහින්ද රාජපක්‌ෂ මැතිතුමා ජාතියේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්නේ රට එක්‌සේසත් කළ අභීත නායකයා ලෙසයි. ත්‍රස්‌තවාදය පරදවා, එක්‌සේසත් කළ රට යළි ගොඩනැගෙන ගමන් මාර්ගය එතුමා ජනිත කළා. නිදහස සහජීවනය රටේ ඒකීයභාවය ස්‌වෛරිත්වය ආරක්‌ෂා කිරීමට ඔබ වෙත පැමිණි අභියෝග ඔබ ජාත්‍යන්තරයේ මුහුණ දුන්නා. රට තුළ පමණක්‌ නොව ලොවට පණිවිඩයක්‌ ගෙන යාහැකි අභීත නායකයෙක්‌ බවට අපට ආඩම්බර විය හැකි නායකයෙක්‌ බවට ජනාධිපතිතුමා පත්වුණා. මෙවන් අභියෝගයක්‌ ජයගත් එකම නායකයා ජනාධිපතිතුමායි.

ලක්‌වැසි දුපුතුන්ට සතුටුවිය හැකි දේශයක්‌ ගොඩනැගීමට සියයට 7 ක ආර්ථික සංවර්ධන වේගයක්‌ ගෙන දෙමින් ආසියාවේ වැඩිම සංවර්ධනය වන රට ලෙස අප රට ඔබතුමා ගෙන යමින් තිබෙනවා.

අපේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම්, මේ හැම දෙනාටම වැඩිහිටියන්ට දෙමවුපියන්ට හැදෙන වැඩෙන නව පරපුරට අලුත් රටක්‌ බිහිකළා.

පොදු රාජ්‍ය මණ්‌ඩලීය නායකයා ලෙස රටට අභිමානය ගෙනාවේ ඔබතුමයි. සිරිලක ඉතිහාසයේ ඔබ උසුලන්නේ මේ අමතක කළ නොහැකි ආඩම්බරයයි. 2015 ජනවාරි 8 වැනිදා රටවැසියා මේ රටට ආදරය කරන ජනතාව නැවතත් ඔබතුමා රටේ නායකත්වයට පත්කරන බවට කිsසිදු සැකයක්‌ නැහැ.


අගමැති දි.මු. ජයරත්න, ඇමැතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, මහාචාර්ය තිස්‌ස විතාරණ, විමල් වීරවංශ, ඒ.එච්. එම්. µවුසි යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු හා ආරාධිතයන් පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.

No comments:

Post a Comment